Powered By Blogger

Friday, June 8, 2012

‘මී පැණි’ අමිහිරි වන හැටි...........


‘මී පැණි’ අමිහිරි වන හැටි


නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම් බුද්ධස්ස
මධුවා මඤ්ඤති බාලො
යාව පාපං නපච්චති
යදා ච පච්චතී පාපං
අථ බාලො දුක්ඛං නිගච්ඡති

පින්වත!
බාලයා නැතහොත් අනුවණයා පව්කම් කරනුයේ යම්තාක් කාලයක් එය විපාක නොදේද, ඒ තාක් එය මී පැණි සේ සිතයි. යම් කලෙක පව විපාක දීමට පටන් ගනීද එවිට හේ අතිශය දුක් වේදනාවන්ට පත්වන්නෙහිය යන්න ඉහත ගාථාවේ අදහස යි.
පුහුදුන් මිනිසාගේ ආධ්‍යාත්මය, මෛත්‍රිය - කරුණාව පරිත්‍යාගශීලි බව ආදී සත්ගුණයන්ගෙන් පිරී ඇත්තා සේම වෛරය, ඊර්ෂ්‍යාව, මානය, ලෝභකම ආදී ක්ලේශයන්ගෙන් ද පිරී ඇත්තකි. ක්ලේශ ප්‍රහාණය නොලත් පෘථග්ජන සත්වයාගේ ස්වභාවය ස්වකීය සිත, කය, වචනය මගින් විවිධ හේතු සාධක පදනම් කොට ගෙන කුසල අකුසල කර්ම සිදු කිරීමයි. සත්ත්වයන් විසින් සිදු කරනු ලබන කර්ම විපාක සහ ගත බවට පත්වනුයේ චේතනාව පවත්නා ස්වභාවය අනුව බව බුදුදහම අවධාරණය කරයි.
චෙතනාහං භික්ඛවේ කම්මංවදාමි
චෙතයිත්වා කම්මං කරෝති කායෙන වාචාය මනසා වා
මහණෙනි! මම චේතනාව කර්මය යැයි කියමි. කර්මය සිතාමතා කයින් හෝ වචනයෙන් හෝ මනසින් හෝ කරන්නේ වෙයි යන්න එහි සරල අදහස වේ.
කර්මය හෝ කර්ම විපාක පිළිබඳව අටුවා ටීකා සහිතව විස්තර කළයුතු නැත. හොඳ දෙයක් කළ විට සැප වේදනා සහිත සුඛදායී විපාක ලැබෙන බවත්, වැරැදි දෙයක් කළවිට දුක් වේදනා සහිත දුක්ඛදායි විපාක විඳීමට සිදුවන බවත් බොදු සමාජයේ කුඩා දරුවා වුවද දන්නා සාමාන්‍ය කරුණකි.
එහෙත් සමාජය තුළ පවත්නා අභාග්‍ය සම්පන්න බව නම් මේ පිළිබඳව සැලකිලිමත් නොවීමයි. වරද අල්ප වුවද එයින් තමන්ටත් සමාජයටත් වන විපාක අල්ප වුවද එවැනි කුඩා නමුදු වරදෙහි බිය උපදවා ඉන්වැළකී සිටිය යුතුය යනු බුදු දහමෙහි ඉගැන්වීමයි. (අනුවජ්ජෙසු වජ්ජෙසු භය දස්සාවි)
නොනවත්වා බාහිර වශයෙන් මිනිස් ලෝකය දියණුව කරා ඇදෙද්දී මිනිස් අධ්‍යාත්මය වේගවත්ව පරිහානිය කරා ඇදීම නවතාලීමට වැට ඉනි බැඳීම මහත් අපහසු කර්තව්‍යයක් විය හැකිය. එහෙත් අනලස්සව අපි එයට වෙර දැරිය යුතු වෙමු.
පාපය , වරද තුළ පවත්නා බාහිර සුන්දරත්වය, මිහිරි බවට සත්ත්වයෝ මුළාවන්නාහුය. අයහපත් අමිහිරි දෙය ඉතා සුන්දර වේශයකින් ලොව තුළ විද්‍යාමාන වන බවත් යහපත් එමෙන්ම වරද රහිත දෙය අමිහිරි දුෂ්කර ස්වභාවයකින් පවත්නා බවත් බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

අසතං සාත රූපෙන
පිය රූපෙන අප්පියං

වරද රහිත වුවද යහපත් වුවද එහි බාහිරව පවත්නා කටුක අමිහිරි ස්වභාවය නිසා නිරායාසයෙන් කෙලෙස්බර සත්වයාගේ් සිත සුන්දරව මිහිරිව පවත්නා වූ අයහපත් දෙයට නැමෙන්නේය.
මැනවින් සෙවිලි නොකළ ගෙය වැසි දියෙන් තෙමී යන්නා සේ අභාවිත සිත නිරන්තරයෙන් ක්ලේශයන්ගෙන් වැසී යන්නේ ය.

යථා අගාරං දුච්ඡන්නං
වුට්ඨි සමති විජ්ජති
එවං අභාවිතං චිත්තං
රාගො සමති විජ්ජති

දුක්විපාක සහිත දෙය ලොව මිහිරිව සුන්දරව පෙනෙන්නට ඇති නිසා සහ කර්ම විපාක පිළිබඳව සැලකිලිමත් නොවීම වැනි හේතු නිසා මිනිසා වරද සහිත වූද, අකුසල කර්ම පාප කර්ම නිරන්තරව සිදු කිරීමට පෙළඹී ඇත.

නුවණැති පින්වත්නි!

ඔබ කරන හොඳ නරක දෙකෙහි වගකිව යුත්තා ඔබමය. විපාක දැරිය යුත්තේද ඔබ විසින්ම ය. සිදු කිරීමට උපදෙස් දෙන උදව් දෙන කිසිවෙකුටවත් ඔබ විපාක විඳින කල ඔබව එයින් ගලවාගත නො හැකි බව වටහා ගන්න. එබැවින් මානසික වශයෙන් මෙන්ම සාමාජිත වශයෙන් ද ආර්ථික වශයෙන් මෙන්ම කායික වශයෙන්ද මෙලොවදී මෙන්ම පරලොවදීද ඔබ ලබා ගන්නා ජීවිතය අන්ත අසරණ වුවක් නොවන්නට වද වේදනා විඳිමින් මුළු ජීවිත කාලයම ගත කිරීමට සිදු නොවන්නට වගබලා ගත යුතු වන්නේ් ඔබ විසින් ම බව තේරුම් ගත යුතු කරුණක් වේ.
ඔබ අද ජීවිතය ගැටගසා ගැනීමට සැප සම්පත් ළඟා කර ගැනීමට ධනය රැස්කර ගැනීමට ඇතැම් විට සිදුකරන දෙය කුමක්දැයි සිතා බලන්න. දූ දරුවන් ජීවත් කරවන්නට වැරැදි සහගත ආයෝජන මාර්ගයක් හෝ රැකියාවක් හෝ සිදු කරන්නේද එමගින් ලබාගන්නා ධනයෙන් දූ දරුවන් පෝෂණය කරන්නේද ඔබගේ් දූ දරුවන්ට ගිනිගත් යකඩ ගුලි ගිලින්නට දීම එයට වඩා යහපති.
යාන වාහන ඇඳ පුටු වෙනුවට විදුලිසැර ක්‍රියාත්මක වන යකඩින් නිම වූ කුටියකට ඔබද ඔවුන් සමග වැද එවැනිම ආසනවල හිඳ සැතපී ශරීරය දැවී අළු වී යනතුරු සිටීම යෙහෙකි.
එවිට ඒ ආකාර වූ දුක් වේදනා විඳිනුයේ එහි අවසානය වූ මරණ වේදනාවට පැමිණෙනුයේ මේ භවයේදී පමණි. එහෙත් සමාජයට අහිතකර ලෙස ඔබ ගොඩනගන්නට වෙර දරනා සැප සම්පත්වල අවසානය මේ භවයේ යම් දිනෙක පටන් මතු මුළු මහත් සසර පුරාම අසීමිත දුක් කන්දරාවකට බඳුන් වීමට හේතුවක් බව සිහිතබා ගත යුතුය.

අදමින් ජීවත් වනවා වෙනුවට
දැහැමෙන් මියයනු සොඳමයි දනහට

සමාජය දෙස බලනවිට පෙනෙන්නට ඇති ප්‍රවණතා නම් ඇතැම් විට අධාර්මික ලෙස ධනය රැස්කරන අය මහත්වූ පව්කම් කරන අය සැප සම්පත් සහිතව සමාජය තුළ ඉහළින් වැජඹෙන අතර අන්ත දුක්විඳිමින් ධාර්මිකව ජීවත්වන පුද්ගලයින් සැමදාම සැප නොලබා පීඩිත ජීවිත ගෙවන ආකාරය යි.
මේ තත්ත්වය දෙස අවබෝධයෙන් තොරව බලන ධාර්මිකව ජීවත්වන අය තුළ ඇතිවන මුලා සහගත සිතිවිලි නම් ධාර්මිකව ජීවත් වන්නට ගියහොත් කිසි දිනෙකවත් දියුණුවීමට නොහැකිය යන්නයි. එබැවින් තමන්ද කුමන දේ හෝ සිදුකොට සම්පත් ළඟාකර ගත යුතුය යන්න කල්පනා කිරීම වැරැදි සහගතය.
සැබෑම කාරණය නම් අධර්මිෂ්ටව පාපයෙහි නියැලී කටයුතු කරන කිසිවෙකුත් සැබෑ සම්පතක් සතුටක් විඳින්නේ් නැත යන්නයි.
සැබෑ සතුට සුවිසල් මැදුරු තුළ හෝ යාන වාහන වල කන බොන ආහාර තුළ හෝ ඇත්තේ නැත. උතුම් සතුට නම් තම ජීවිත පිළිබඳව සිතන විට තමන්ගේ් නිවැරැදි බව පිළිබඳව ඇතිවන අධ්‍යාත්මික සැනසිල්ලයි. අදමින් ධනය උපයා බාහිර ලෝකයට සැප විඳින සේ පෙනෙන අය තුළ එකී අධ්‍යාත්මික සැනසිල්ල තිබේ යැයි ඔබ සිතන්නෙහිද?
පාපය විපාක දෙනතුරු මී පැණි මෙන් රසවත් වුවද එය විපාක දෙනවිට පසුතැවීම් වේදනා තත්පරයක් පාසා ඇති කරවයි.
කාරණා මෙසේ හෙයින් ජීවිතය ගත කරන මේ කෙටි කාලය තුළ කුඩා වුවද වරදෙහි බිය දක්නා සුළුව කුසගින්නෙහි මිය ගියද, වරද ලෙස සම්පත් නොසොයා සසර පුරා උපදින හැම ජීවිතයකදීම කදීම කායික - මානසික සුවය ඇතිවන පරිදි කටයුතු කිරීමට ඔබ සැමගේ නුවණැස පහළ වේවා!

Tuesday, June 5, 2012

කල් පවතින සැබෑ දියුණුවකට නොවරදින මාවත....


කල් පවතින සැබෑ දියුණුවකට නොවරදින මාවත

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
සුවිජානෝ භවං හෝති
සුවිජානෝ පරාභවෝ
ධම්ම කාමෝ භවං හෝති
ධම්ම දෙස්සී පරාභවෝ
පින්වත්නි,
සනරාමර ලෝක සිවංකර අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන කළ එක් රාත්‍රියක දේවතාවෙක් පැමිණ, පුද්ගලයකු පිරිහීමේ දොරටු මොනවාදැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් පරාභව පිරිහීමට හේතුවන මෙම ගාථාධර්මය දේශනා කළසේක.
දියුණුවන්නා මෙන්ම පිරිහෙන්නා ද ඉතා පහසුවෙන් දැනගත හැකි බව කෙනකුගේ චිත්තන ධාරා ප්‍රසාරණයෙන් පෙන්නුම් කෙරේ. එම පරිහාණි දොරටුවල මූලය වශයෙන් දියුණු වන්නා දහමට හා දැහැමියාට රුචිවන අතර පිරිහෙන්නා අදහමට මෙන්ම අධාර්මිකයාට රුචිකරණ බව මෙම ප්‍රථම ගාථාවෙන් ප්‍රකාශනය වේ.
දියුණුව යනු නැති දෙයක් ඇති කර ගැනීම හා ඇතිදේ වැඩි කර ගැනීමත් ය. භෞතික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මික ගුණදම් වශයෙන් එසේ වර්ධනය කරගත හැකි ය.
පුද්ගලයකුට තම රුචිය අනුව භෞතික සම්පත් හෝ කුසල් හෝ වර්ධනය කරගත හැකි ය. එහෙත් මානව ධර්මය අනුව නම් කුසල් වර්ධනය කරගැනීමත් එමඟින් භෞතික සම්පත් අවශ්‍ය ප්‍රමාණය අනුව වර්ධනය කරගැනීමත් ශිෂ්ඨ සමාජය වශයෙන් සම්මත වේ.
එය පුද්ගලයාගෙන් සමාජයට වන උපරිම සේවාවයි. උදාර මානුෂික හැඟීම් පුද්ගලාන්තරව ක්‍රියාත්මක කිරීමට නම් අප බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළ පිරිහීමේ දොරටු දැනගෙන හැකිතරම් දුරට ජීවිතයෙන් එය බැහැර කළ යුතු වේ.
එමෙන්ම මෙහි මිනිසා ධාර්මිකවීම මිනිසාගේ යුතුකමක් මිස ආගමෙන් නීතියෙන්, දර්ශණයෙන්, විද්‍යාවෙන් කෙරෙන සම්ප්‍රේෂණයක් නොවේ. කුමන ඉගැන්වීමකින් හෝ මිනිස් චින්තනය සමාජයට අනම්‍ය වේ නම් එය සපුරා අධර්මයක් වන අතර ශිෂ්ඨ සමාජය විසින් එය ප්‍රතික්‍ෂේප කරනු ලැබේ.
කුශලා’කුශල කර්මයන්ගේ ප්‍රතිවිපාකයන්ට සාපේක්‍ෂව ධර්මා’ ධර්මය විනිශ්චය කිරීම විනා මනුලොවේ ප්‍රත්‍යක්‍ෂ නොව දේවභූත ආශ්චර්යකින් සිදුවන දෙයක් ලෙස තීරණය කොට බුද්ධියට සීමා පැනවීමක් බුදුදහමේ කිසිම තැනක සඳහන් නොවේ.
සත් ධර්මය රුචිනොකරන අසත්පුරුෂයන්; අසත් ධර්මයට හා එවන් පුද්ගලයන්ටම කැමැතිවීම හා සත් ධර්මයට හා සත් පුරුෂයන්ට ද්වේෂ කිරීම ලෝකයේ ඇති ප්‍රධානතම ගැටලුවයි. සත් අසත් භාවය නිසග බුද්ධියෙන් හඳුනාගත් මිනිසාගේ උදාර චින්තනය හා ක්‍රියාකාරීත්වය, දියුණුවේ උපරිම තලයට පියවර තැබීමට පදනමකි.
නිද්දාසීලී සභාසීලී
අනුට්ඨා තාච යෝ නරෝ
අලසෝ කෝධ පඤ්ඤානෝ
තං පරාභවතෝ මුඛං
යෝ මාතරංවා පිතරංවා
ජිණ්ණකං ගත යොබ්බනං
පහුසන්තෝ නභරති
තං පරාභවතෝ මුඛං
පුද්ගයෙකුගේ උසස් ක්‍රියාකාරීත්වය අක්‍රීය වන්නට උපන් පරිසරය ප්‍රධානවශයෙන් බලපාන බව මානව සමාජ විද්‍යාව අනුව තීරණය කළ හැකි වූවද එයද වෙනස් කිරීමේ ශක්තියක් මිනිසාට ඇත.
චින්තනයේ අක්‍රිය භාවය, අනවශ්‍ය සමාජ ආශ්‍රය ක්‍රෝධය යන බාල සිතිවිලි පැමිණෙන්නේ සන්තානයේ උදාර හැඟීම් පිළිබඳ රික්තයක් ඇතිවූවිට ය. මේ නිසා පුස්ගලයා පිරිහීමට පත්වීම ස්වාභාවික ය. පුද්ගලාන්තර සම්බන්ධයේ දී දෙමවුපිය, ගුරුවර ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් පිළිබඳ ප්‍රතිචාරයද සද්භාවයෙන් උදාරත්වයට පැමිණීම සඳහා කුඩා කළ පටන් පරිචිත අභ්‍යාසයක් තිබිය යුතු වේ. ආගමික ජාතික සිරිත් විරිත් වලින් නම්‍යශීලීවන තැනැත්තාගේ ආකල්ප ප්‍රසන්න නිසා දානය පරාර්ථ සේවය වැනි ශ්‍රේෂ්ඨ ක්‍රියාවලින් ජීවිතය අර්ථවත් වන්නේ ය. ආත්මාර්ථකාමී පුද්ගලයාගේ අසත්භාවය නිසා ධනය, ජාති, කුල, ගෝත්‍ර යන සංකල්ප ජාලය තුළම පල්වී විනාශ වන්නේ ය. පරාභව සූත්‍රයේ දක්නට ඇති පරිහානි දොරටු විවෘත කරගන්නේ එම පුද්ගලයා විසින්ම ය.
ඉත්ථි ධුත්තෝ සුරා ධුත්තෝ
අක්ඛ ධුත්තෝ ච යෝ නරෝ
ලද්ධං ලද්ධං විනාසේති
තං පරාභවතෝ මුඛං
 
සේහි දාරේහි සන්තුට්ඨෝ
වේසියාසු පදිස්සති
දිස්සති පරදාරේසු
තං පරාභවතෝ මුඛං
නීතිය මගින් මිනිස් චින්තනයට සීමා පැනවිය නොහැකිවූවද සමාජ අවනතියට හේතුවන පුද්ගල ක්‍රියාකාරීත්වය පිළිබඳව පහත් ආකල්ප හා එයින් වන අභාග්‍ය තත්ත්වය පෙන්වීමට ආගමෙන් හැකිවන අතර නීති මගින් පාලනය කිරීමට හැකියාව ඇත.
සුරාව දුරාචාරය, වංචාව, සූදුව ආදී පහත් ක්‍රියාවන් පරිසරය සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති කර එකිනෙකට වෙලී පැටලී විෂමාචාර සමාජයකට හේතු වේ.
ඉත්ථි සොණ්ඩිං විකිරණිං
පුරිසංවාපි තාදිසං
ඉස්සරියස්මිං ඨපාපේති
තං පරාභවතෝ මුඛං
අවිද්‍යාව, තණ්හාව, රාගය, ක්‍රෝධය වැනි පහත් අධම හැඟීම් ක්‍රියාත්මක වන ආකාරය අප බුදුරජාණන් වහන්සේ විසින් මනෝවිද්‍යානුකූලව චිත්‍රාකාරව පෙන්වා දී ඇත. පුද්ගලයා හීනදීන හැඟීම්වලින් වහලෙකු වූ විට ලෝකය සම්බන්ධ යථාර්ථය අවබෝධ නොවේ. ඔහුගේ දූෂිත සන්තානය ඔහුටම පිරීහීම ඇති කරන්නේ ය.
බුද්ධ කාලීන භාරත සමාජය, තුළ පැවති විෂමාචාර ක්‍රියාවන්ට මූලිකවූයේ දුරාචාරය හා සුරාපානයයි. සමාජයේ උසස් අය වශයෙන් සම්මත රජවරු ඇතුළු ප්‍රභූ පිරිස් පවා මේ සඳහා පෞද්ගලික හැඟීමෙන් ධනය, කාලය ශ්‍රමය යෙදීමෙන් ජීවිත ගත කළ අයුරු බෞද්ධ සාහිත්‍යයෙන් ප්‍රකටවේ. බුදුදහම අනුව එය දෙලොව අභිවෘද්ධිය වසාලන ප්‍රමාද දෝෂයකි. අපායට යන දොර විවර කිරීමකි.
ඒතේ පරාභවේ ලෝකේ
පණ්ඩිතෝ සමවෙක්ඛිය
අරියෝ දස්සන සම්පන්නෝ
ස ලෝකං භජතේ සිවන්ති.
අප බුදුරදුන් විසින් මෙම පරාභව සූත්‍රයෙන් පිරිහීමේ දොරටු දොළසක් පෙන්වා දී ඇත. මිනිස් කයක් ලබාගත් සෑම සත්වයාම උපන්දා පටන් කරන ප්‍රධාන කාරනය නම් කුමන අංශයකින් හෝ නැති දේ ඇති කර ගැනීමත් ඇති දේ වැඩි කර ගැනීමත් ය.
කායික වශයෙන් ලබන පෝෂණයට සමගාමීව මානසික පෝෂණයත් ලැබේ. එහෙත් ගුණදහමින් පෝෂණය වීමට අවශ්‍ය පරිසරය ලබන්නේ පෙර සසරදී කළ දසකුසල් දහම්වල ප්‍රතිවිපාක වශයෙනි.
මානුෂික චින්තනයක් මානුෂික ශරීරයත් ලබාගත් තැනැත්තා උසස් පරිසරයට අනුව විමර්ශණ ඤාණයෙන් ආගම දහම, නීතිය දැනගෙන දියුණුවේ මඟ පියවර තැබීමට අප්‍රමාදව ක්‍රියා කළ යුතු වේ.
එවන් පුද්ගලයා ගුණ නුවණින් සම්පූර්ණව ආර්ය දර්ශනය ඤාණයෙන් කෙදිනක හෝ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්‍ෂ කොට උතුම් නිවන් සුවෙන් සදා සැනසුම ලබන්නේ ය.
ඔබ සැමට තෙරුවන් සරණයි.

ගැටලු ලිහන සදහම් මාවත............


ගැටලු ලිහන සදහම් මාවත

ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ප්‍රංශයේ ජේතවනාරාමාධිපති, ශාස්ත්‍රපති මුරුංගාගස්යායේ
ඤාණිස්සර නා හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
අන්තෝ ජටා බහි ජටා
ජටාය ජටිතා පජා
තං තං ගෝතම පුච්ඡාමි
කෝ ඉමං විජටයේ ජටං
සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ
චිත්තං පඤ්ඤංච භාවයං
ආතාපි නිපකො භික්‍ඛු
සො ඉමං විජටයේ ජටං
කාරුණික පින්වත,
උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය ශ්‍රී ලාංකික ජනතාවට ඉතා වැදගත් දිනයක්. සඟමිත් මහ රහත් මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවීමත්, මෙරට ජනතාව බොහෝ කාලයක සිට බලාපොරොත්තු වන ශ්‍රී පාද වන්දනා සමය ඇරැඹෙන පොහොය දිනයත් වීම අසිරිමත් වේ.
අපගේ ජීවිතය ඇතුළත පිටත ඇතිවන ගැටලු විසඳිය යුත්තේ කෙසේදැයි බුදුරජාණන් වහන්සේගෙන් විමසූ පැනයකට දේශනා කර වදාළ පිළිතුරු ගාථාවක් ඉහත මාතෘකා කළේ.
මේ ලෝකයේ ඇතුළතත් පිටතත් ගැටලු, මෙසේ ගැටලුවලින් පිරි ලෝකයක ඒ ගැටලු, අවුල් විසඳන්නේ කෙසේදැයි බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා දේවතාවෙක් විමසීමක් කළා.
යම්කිසි ප්‍රඥාවන්ත කෙනකු ශීලයෙහි පිහිටා සිත වර්ධනය කර ඤාණය දියුණු කළහොත් ඒ පුද්ගලයා මේ ගැටලුවලට විසඳීමක් කරන බවයි ඉහත ගාථාවෙන් පැහැදිලි වන්නේ.
සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂාව තුළින් යම් කෙනකුට විමුක්තියක්, නැතහොත් ඇතුළත ගැටලු පිටත ගැටලු යන දෙ ආකාර ගැටලු විසඳා ගැනීමට මාවතක් ලෙස එම ත්‍රිශික්‍ෂාව සඳහන් කර තිබෙනව.
අපේ චිත්ත සන්තානවලට ඇතිවන ගැටලු පිළිබඳ ඔබ මොහොතක් සිතා බලන්න. සිත තුළ ඇති වන බලවේග නිසා වරෙක සිතෙහි අභ්‍යන්තරයෙහි සැඟවී ඇති සිතිවිලිත් ඉස්මතු වන අවස්ථා තිබෙනවා. සිත තුළ යටපත් වී තිබෙන කෙලෙස් පිළිබඳ තත්ත්වය එයින් පැහැදිලි වනවා. ඒ අනුසය අවස්ථාවයි. පරිවුට්ඨාන කියන අවස්ථාවෙන් සිතිවිලි නැගී සිටින අවස්ථාව පෙන්නුම් කළා. එය තවදුරටත් ඉස්මතු වී වචනයෙන් හෝ වේවා ශරීරයෙන් හෝ වේවා ක්‍රියාත්මක වීමේ අවස්ථාව වීථික්‍රම අවස්ථාවයි. එසේනම් ඒ අවස්ථා තුන මර්දනය කිරීමයි. නිවනට මාවත වශයෙන් සඳහන් වන්නේ.
පංච දුශ්චරිත සිල්වත් තැනැත්තාගෙන් සිදු වන්නේ නෑ. ඒ තැනැත්තාට සීලය තුළින් සංවරයක් ඇති වනවා. එය සීලයෙන් සිදු වන්නක්. සමාධියෙන් සිදු වන්නේ සිත තුළ සැඟ වී ඇති ක්ලේශ ධර්ම නැඟී සිටින අවස්ථාවෙහිදී එය එසේ නැගී සිටීමට අවස්ථාව නොදී මර්දනය කිරීමයි. සිතෙහි අභ්‍යන්තරයෙහි නිදාගෙන සිටින, සැඟවී සිටින සියලු ක්ලේශ ධර්ම ඉවත් කිරීමයි ප්‍රඥාවෙන් සිදු වන්නේ.
උදාහරණයක් ලෙස බලන්න. ඔබ අටසිල් සමාදන් වූ දවසක අවස්ථාවක ඔබේ සිත තුළට වෛරය, කෝපය, ද්වේශය ඇති නොවන්න පුළුවන්. එහෙත් එම ක්ලේශ ධර්ම ඉස්මතු වන ආකාරයේ සිද්ධියක් යම් තැනැත්තකු පැමිණ සිද්ධ කළහොත්, එතෙක් සිත තුළ සැඟ වී සිටි ක්ලේශයන් එකවරම නැගී සිටිනවා. ඒ අවස්ථාව දුරුකිරීමයි ප්‍රඥාවෙන් සිදු කරන්නෙ.
මින් ඔබට පැහැදිලි වනවා ඇති, සිතෙහි ඇතුළත නැතිනම් අභ්‍යන්තරයෙහි සිතිවිලි සැඟ වී තිබෙන ආකාරය. එම ක්ලේශයන් හෙවත් පාපී සිතිවිලි නැගී සිටින්නේ යම් අරමුණක් සිත තුළට පැමිණි විට පමණයි.
මාර්ග ඵල ලැබීමෙන් කෙනකුගේ සිතෙහි ඇතිවන ඒ පාපී සිතිවිලි ඉවත් වනවා. නිවන හෙවත් සිවුසස් දහම දැකීමෙන් ඒ සියලු ක්ලේශයන් ඉවත් කැරෙනවා. සෝවාන් සකෘදාගාමි, අනාගාමි අර්හත් යන සතර මාර්ගය තුළින් එමෙන්ම සෝවාන් සකෘදාගාමී අනාගාමී අර්හත් යන සතර ඵල තුළින් සැනසීමක් උදාකර ගන්නවා. එතෙක් අපේ සිත තුළ මේ ක්ලේශ ධර්මයන් තැන්පත් වී තිබෙනවා.
ඒ නිසා අපේ සිතෙහි ඇතුළත පිටත ඇතිවන ගැටලු විසඳීම සඳහා සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්‍ෂාව උපයෝගී කර ගැනීමෙන්, අපගේ සිත තුළ රැඳී පවතින කෙලෙස් හෙවත් ක්ලේශයන් ඉවත් කරන්නට ප්‍රඥාවෙන් හැකියාව ලැබෙනවා. සිතෙහි වරින් වර නැඟී සිටින පාපී සිතිවිලි මර්දනය කිරීමට සමාධියෙන් අවස්ථාව ලැබෙනවා.
කයෙන් හා වචනයෙන් සිදු වන පාපී සිතිවිලි සීලයෙන් යටපත් කිරීමට අවස්ථාව ලැබෙනවා.
මේ අනුව පෙනෙනවා සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂාව තුළින් සිතෙහි බාහිර සහ අභ්‍යන්තරව හට ගන්නා සියලු පාපී සිතිවිලි යටපත් කිරීමට ශක්තිය හා හැකියාව ලැබෙන බව. ඒ වටිනා මාවත ඔස්සේ ගමන් කිරීමට, නිතර නිතර උත්සාහ කිරීම බෞද්ධයා සතු වගකීමක් බව මෙනෙහි කරන්න. සිතට කවර කරදර බාධක ගැටලු අවුල් ඇති වූවද සිතෙහි නිරවුල් බව ඇති කර ගැනීමට, නිරවුල් මනසක් ගොඩනඟා ගැනීමට සම්බුදු දහම තුළින් ලැබෙන මග පෙන්වීම සුළු පටු නොවේ.
එබැවින් මානසික අස්වැසිල්ලක් සැනසීමක් සොයා භව කතරේ සැරිසරන හැමට තුනුරුවනේ බලයෙන් සදා සැනසීම ලැබේවා.

Tuesday, May 29, 2012

පමා නොවී හැසිරිය යුතු දහම් පිළිවෙත....

පමා නොවී හැසිරිය යුතු දහම් පිළිවෙත


නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
උත්තිටෙඨ නප්පමජෙජය්‍ය
ධම්මං සුචරිතං චරෙ
ධම්මචාරී සුඛං සේතී
අස්මිං ලෝකේ පරම්භි ච
ඉහත සඳහන් ගාථාව ධම්මපදයට අයත් ගාථා දේශනාවකි. මෙම ගාථාවේ ‘නප්පමජෙජය්‍ය’ යන වචනයේ අදහස වනුයේ නොපමාවීමය. මැලිකම්, අලසකම් අතහැර කළයුතු කුසල දහම්හි මනා සිහියෙන් යුතුව විසීමය. දාන, සීල භාවනාදී සියලු කුසල ධර්මයන්හි නොපමා බවය. නැතහොත් නිතර එළඹ සිටි සිහියෙන් යුතුව විසීමය. කෙලෙස් වසඟ නොවීමෙන් වන නොපමා බවය. කළයුතු සුසිරිත (කුසල්) වැඩීම්, වශයෙන් කෙලෙස් මඩිනු සඳහා නොමුලා සිහි ඇතිව විසීමය. ඒ පිනට නොපමා බව හැම සුවයකටම හේතු වන්නකි. ‘ධම්මං සුචරිතං චරේ’ යන්නෙන් ධර්මයෙහි මනාව හැසිරිය යුතු බව කියැවේ. මෙහිදී ධාර්මික සිතකින් ක්‍රියා කිරීම වැදගත් වනු ඇත. යමක් තීරණය කිරීමේ විනිසුරු නම් තමාගේ සිතයි. දැහැමිව විසීමට නම් තමාගේ සිත සතර අගතියෙන් තොර විය යුතුය. මේවායෙන් අගතියට යන්නේ නම් ඔහුගේ ජීවිතය නියම මග ගමන් නොකරයි. නියම මඟ ගමන් නොකරන ජීවිතයට දහසක් කරදර ළඟා වෙයි. එසේ වනුයේ සිය සිත අධාර්මිකව හැසිරුණහොත් පමණකි. අපගේ සිත කෙබඳු තත්ත්වයක පවතී ද? යන්න අප විසින්ම විමසා බැලිය යුතු වේ. ජන්දයෙන් අගතියට ගොස් දූ දරු හිත මිතුරුකම් නිසා යුක්තිය පැහැර හරින්නේද ද්වේශයෙන් දූෂිතව සත්‍යය අසත්‍යය කෙරෙන්නේද? බියෙන් ත්‍රස්තව මනුෂ්‍ය ධර්ම වෙනස් කොට දීනයකු කරන්නේද? මෝහයෙන් මුලා වූ මෝඩකම් කරන්නේද? එසේ වුවහොත් අපට අපගේ් ජීවිතය මහත් කරදරයක් වන්නේය. අද අදම සතර අගතියෙන් වෙන්ව අපගේ් සිත ධාර්මිකව හැසිරීමෙන් සැපවත් ජීවිතයක් ගත කිරීමට උත්සාහ කළ යුතුය.
අපගේ ජීවිතයේ යථා ස්වභාවය මැනවින් අවබෝධ කරගෙන ජීවත් විය යුතුයි. මේ ලෝකයෙහි නොදිරන නොමැරෙන දෙයක් නැත්තේය. ලෝකයේ සියල්ල වෙනස් වෙයි. ස්වභාව ධර්මානුකූ®ලව නිර්මාණය වූ දෙය ස්වභාව ධර්මයේ කැමැත්ත පරිදි පැවතිය යුතුයි. වෙනස්විය යුතුය. එහෙත් වෙනස් නොවන නොදිරන නොමැරෙන දෙයක් ඇත්තේය. එනම් සත්‍යයයි. සත්‍ය නම් කවරේද? යනු අපගේ් සිත දනියි. සුගතිගාමී නොවූ අපගේ පිරිසුදු චිත්තයෙහි ආරම්මණය සත්‍යය නම් වේ . සත්‍ය දැකීමට පෙර සත්‍ය දැනීමට සුදුසු තත්ත්වයට සිත පමුණුවා ගත යුතුය. සිත අපිරිසුදු නම් සත්‍යය නොදනියි. අපගේ උත්සාහය බලය යෙදිය යුත්තේ් නොදිරන නොමැරෙන දෙය එකතු කිරීමට බව නිතර සිහි කළ යුතුය. වහ වහාම සත්‍යය සෙවිය යුතුය. සත්‍යයේ අයිතිකාරයෙක් විය යුතුය. පිරිසුදු චිත්තය අප සත්‍යය කරා පැමිණවීමට සමත් වේ. ‘ධම්මං සුචරිතං චරේ’ යැයි සඳහන් වන්නේ දහමින් මනාකොට හැසිරීමය. රැකීම්, පිළිපැදීම් වශයෙන් වැඩිය යුතු පිරිය යුතු දහම්හි යහපත් කොට නියැලීමයි.
‘සුඛං සේති’ සුවසේ වාසය කිරීමයි. දුකසේ ලත් මිනිසත් බව සපල කර ගැනීම සඳහා මෙලොවදී රැස් කළ කුසල් දහම් සිහි කොට බලා සතුටින් විසීමය. පරලොව සුගති භවයක ඉපිද උසස් සැප විඳිමින් බොහෝ සේ සතුටින් විසීමය. මේ මහණ මෙලොව හා පරලොව සුවසේ නිදන්නේය. තම සිත නැසුණු මත් ඇත්තක් කොට ගෙපිළිවෙලින් හික්මවාගත් ඇස්, කන්, නාස් ආදිය ඇතිව කුකුස් නැතිව පිඬුසිඟා යන්නේ ලැබූ අහරින් යැපෙන්නේය. ලැබූ අහරට වඩා රසැති අහරක් නොපතන්නේ ය. මෙසේ වූයේම දොලොව සුවසේ හොවණේය. ආදීනව හේතුවෙන් ගෙදර, දොරෙහි උස් පහත්කම් නොසැලකිය යුතුය. කුල ගෝත්‍ර නොතැකිය යුතුය. ශ්‍රමණ ප්‍රතිපත්තියම සැලකිය යුතුය. අරියවංශ ප්‍රතිපදාවෙහි පිහිටාගත යුතුය. මේ තෙමේ ආය¸යන්ගේ ප්‍රවේණිය රකින්නේය. සදේවක ලෝකයාගේ් වන්දනා මාන ආදියට තැත් වන්නේ ය. ලෝකයාට ණය නැත්තේය. අනුන් යටතෙහි නොවන්නේ්ය. හැම තැන්හි විශාරද වන්නේ ය. මෙතෙමේ මෙලොව හැම ඉරියව්වෙහිම පරලොව හැම ඉරියව්වෙහිම අකම්පිත වේ. භය රහිත වේ. එහෙයින් දෙලොවෙහිම සුවසේ වසන්නේ ය.
එසේම අප තුළින් වන්නා වූ වැරැදි අවම කර ගැනීම උදෙසා සිත, කය, වචන යන තිදොර සංවර කරගත යතු වේ.
කයින් සංවරවීම ඉතා යහපත් වේ. කය කරණකොට සිදුවන තෙවැදෑරුම් අකුසලයනට අවකාශ නොදී සිත හික්මවා ගැනීම කළ යුතුය. කෙනෙකුගේ කය, වචන, සිත යන තිදොර සංවර නම් ඔවුහු ඉතා පිරිසුදු වෙති. ඒ දුසිරිත් නමැති කිළුටු තිදොරින් සෝදා හැරීමෙන් ඇතිවන පිරිසුදුකම අප රැකගත යුතුය. නුවණැන්තන් විසින් සංවර කළ යුතු ස්ථාන තුනක් ඇත. එනම් සිත, කය, වචනය යන තිදොරය.
අභිධ්‍යා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි යන තුන සංවර කර ගැනීම සිත සංවර කිරීමයි. මෙසේ සිත, කය, වචන යන තුන් දොරින් අකුසල් දහයක්ම මග හැරීමෙන් පුද්ගලයා මනා සංවරයෙන් යුතු අයෙකු බවට පත් වේ.
තුන් දොර සංවරය යනුවෙන් අදහස් කරන්නේද විනයෙහි හික්මීමයි. විනය වනාහි පැවිද්දන් පිළිබඳ විනය ගිහියන් පිළිබඳ විනය යැයි දෙවැදෑරුම්ය. ඒ පුද්ගලයන් කිළිටි නොවීමෙන් සැප එළවන බැවින් උත්තම වූ මංගල නම් වේ. තමාගේ කායාදී ද්වාරත්‍රය ආරක්ෂා නොකොට වරදට අසුවීම ගිහි- පැවිදි දෙපක්ෂයටම තමා විසින් ලැබිය යුතු වූ සම්පත්වලට අන්තරායකර වේ.
මාතෘකා ගාථාව දේශනා කිරීමේ හේතු වූ නිදාන කථාව වන්නේ කිඹුල්වත නිග්‍රෝධාරාමයට බුදුරදුන් බුදු වී පළමු ගමන වැඩි සේක. ඒ සමඟ වැඩි සව් පිරිස රහතන් වහන්සේ විසි දහසකි. එහිදී පිය මහ රජ තුමන් වූ සුද්දෝධන මහරජතුමා ඇතුළු නෑ සමූහයට දහම් දෙසා පැහැද වූ සේක. පිය රජතුමා ‘මාගේ පුතණුවන් වහන්සේ රහතන් වහන්සේ සමඟ සිය මාලිගයට දන්වැළදීම සඳහා වඩිනු ඇතැයි සිතා ආරාධනා නොකොට ගොස් දන් පිළියෙළ කිරීම හා අසුන් පැනැවීම කෙළේය.
දෙවන දවස බුදුරජාණන් වහන්සේ පෙර බුදුවරයන් පිය රජතුමන්ගේ නුවර දී ගෙ පිළිවෙළින් පිඬු පිණිස වැඩි බැව් දැක ගෙ පිළිවෙළින්ම පිඬු පිණිස වැඩිසේක. පිය රජතුමා ඒ බැව් අසා ඉදිරියට අවුත් වැඳ මෙසේ පැවසීය.
පුතණුවනි, බුදුරදුන් වහන්ස මා විළි නො ගන්වන්න. සිය මාලිගයේ සියලු දෙනා වහන්සේට දන් පිළිවෙළ කොට අසුන් පනවා තිබිය දී මෙසේ පිඬු පිණිස වඩින්නේ ඇයි?
මහරජ, ඔබ විළි ගැනෙන්නට, කරුණක් නැත. මම මාගේ කුල පරපුර සිරිත පවත්වමියි බුදුරදුන් වදාළහ. කිමෙක්ද? පුතණුවෙනි, අපගේ කුල පරපුර ගෙපිළි වෙළින් පිඬු සිඟා ඇවිදින්නාහු වෙද්ද? යි රජතුමා විමසීය.
මහරජ, මේ ඔබ පරපුර නොවේ. මාගේ කුල පරපුරයි. එයට අයත් සිරිත මම පවත්වමි යි බුදුරදුන් වදාළහ.
අනතුරුව නොපමාව දහම්හි මනා ලෙස හැසිරිය යුතු බවද දහම්හි මනාලෙස හැසිරෙන තැනැත්තා මෙ ලොව පර ලොව සුවසේ වෙසෙන බවද වදාරා ඉහත දැක් වූ ගාථාව වදාරා පිය මහරජතුමන් සෝවාන් ඵල පිහිටුවා නිවන් මඟ හෙළි කළ සේක. අපද නොපමාව පින් දහම්හි නිරතව පස්පව්, දස අකුසල් දුරලා දාන සීලාදී පින් දහම් කොට මෙලොව සහ පරලොව දිනාගෙන සසර දුකින් මිදී කෙළවර අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

Wednesday, May 23, 2012

ඔබ මේ ජිවිත කාලයෙහි..................

01)     ඔබ මේ ජිවිත කාලයෙහි සමාජයේ පිළිගත් වැදගත් පුද්ගලයෙකු වීමට හේතුව කුමක්ද?
ඉහත ආත්මයේ ඔබ බුද්ධ ප්‍රථිමා නිර්මාණය කිරිමේ කුසලය එයට හේතුවයි.

02)     ඔබට මේ ජීවිත කාලයෙහි ගමන් පහසුව සදහා විවිධ වාහන ලැබීමේ හේතුව කුමක්ද?
ඉහත ආත්මයේ ඔබ අන් අයගේ පහසුව සදහා පාරවල්, පාලම් සෑදීම සහ පිලිසකර කිරිම
එයට හේතුවයි.

03)     ඔබට මේ ජිවීත කාලයෙහි හොද ඇදුම් පැළදුම් ලැබීමට හේතුව කුමක්ද?
ඉහත ආත්මයේදී ඔබ ගුණ යහපත් පැවදී උතුමන්ට සිවුරු පිරිකර පිරිනැමිම එයට හේතුවයි.

04)     ඔබට මේ ජිවීත කාලයේහි රසවත් කෑම බීම ලෑබීමට හේතුව කුමක්ද?
ඔබ ඉහත ආත්මයේදී දුප්පතුන්ට රස ආහාර පිළිගන්වා තිබිම එයට හේතුවයි.

05)     ඔබ කැම බීම නැතිව දුක් වීදීන්නේ ඇයි?
ඔබ ඉහත ආත්මයේදී පරිත්යාග නොකර තද මසුරුව ජිවත්විම එයට හේතුවයි.

06)     ඔබට මේ ජීවිත කාලයෙහි හොද නිවාස හා ගොඩනැගිලි ලැබීමට හේතුව කුමක්ද?
ඉහත ආත්මයේදී ඔබ සිල්වත් ගුණවත් පැවිදි උතුමන්ට දානය පිළිගන්වා තිබිම එයට හේතුවයි.

07)     ඔබට මේ ජිවීත කාලයෙහි සන්තෝෂයක් දියුණුවක් ඇතිවීමට හේතුව කුමක්ද?
ඉහත ආත්මයේදී ඔබ පන්සල්,ආරාම,සමාජයේකාටත් පරිහරණය කළ හැකි පොදු ස්ථාන
සාදා තිබීම එයට හේතුවයි.

08)     ඔබ මේ ජීවිත කාලයෙහි ලස්සන, කඩවසම් වී සිටිමට හේතුව කුමක්ද?
ඉහත ආත්මයේදී ඔබ ගෞරවාන්විතව බුදුන්ට මල් පහන් පුජා කර තිබිම එයට හේතුවයි.

09)     ඔබට මේ ජිවිත කාලයේදී ගුණවත් බව සහා උගත්කම ලැබීමට හේතුව කුමක්ද?
ඉහත ආත්මයේදී ඔබ සැදැහැවත් බෞද්ධයෙක් වීමත්,මත්ද්රීවිය,මස්,මාOශ වලින්
වැලකී එළවලු පමණක් ආහාරයට ගැනීමත් එයට හේතුවයි.

10)     ඔබ මෙ ජිවිත කාලයේදී අන් අයට ප්‍රිය මනාප පුද්ගලයෙකු වීමට හේතුව කුමක්ද?
ඉහත ආත්මයේදී ඔබ හොදින් නෑදෑ සබදකම් පවත්වා තිබිම එයට හේතුවයි.

11)     ඔබ මේ ජිවිත කාලයේදී ඉතා විශ්වාසවන්ත ස්වමිභාර්යා සම්බන්ධතාවයක්
පැවැත්විමට හේතුව කුමක්ද?
ඉහත ආත්මයේදී ඔබ ඉතා අලOකාර ලෙස බුදු මැදුරු, ලස්සන තිර රෙදි, බුමුතුරුණු
දමා අලOකාර කර තිබීම එයට හේතුවයි.

12)     ඔබට මේ ජීවිත කාලයේදී මාපියන් දෙදෙනාම සිටිමට හේතුව කුමක්ද?
ඉහත ආත්මයේදී ඔබ තනි වු අසරණ අයට ගෞරවාන්විත ලෙස උදව් උපකාර කර තිබීම එයට හේතුවයි.

13)     ඔබ මේ ජිවීත කාලයේදී කවුරුත් නැති අනාථයෙක් විමට හේතුව කුමක්ද?
ඔබ ඉහත ආත්මයේදී බුද්ධ දේශනා මුද්රවණය කර බෙදාහැර තිබිම එයට හේතුවයි.

14). ඔබ මේ ජිවිත කාලයේදී කවුරුත් නැති අනාථයෙක් විමට හේතුව කුමක්ද?
ඔබ ඉහත ආත්මයේදී සතුන්ට හිරිහැර කිරිම හා කුරුල්ලන්ට කැටපෝල වලින් විද
හිරිහැර කිරිම එයට හේතුවයි.

15) ඔබගේ මේ ජීවිත කාලයේදී තරුණ දරුවන් මරණයට පත්වන්නේ ඇයි?
ඔබ ඉහත ආත්මයේදී දරුවන් පවුලට කරදරයක් යැයි සිතා නිනාශ කර දැමීම එයට හේතුවයි.

16) ඔබ මේ ජිවීත කාලයේදී දාසියක් වීමට හේතුව කුමක්ද?
ඔබ ඉහත ආත්මයේදී සමාජ සම්මතයන්ට පිටුපා ගුණමකු වී සිටිම එයට හේතුවයි.

17) ඔබ මේ ජීවීත කාලයේදී අන්ධයකු වීමට හේතුව කුමක්ද?
ඔබ ඉහත ආත්මයේදී සත්ය වසන් කර අන් අය මුලා කර තිබිම එයට හේතුවයි.

18) ඔබ මේ ආත්මයේදී කට ඇඳ වී ඉපදීමට හේතුව කුමක්ද?
ඔබ කලින් ආත්මයේදී බුදුගෙයි මල් ආසන මත දැල්වෙමින් තිබු පහන් සිතා මතා
කටින් පිඹ නිවා දැමීම එයට හේතුවයි.

19) ඔබ මේ ජීවිත කාලයේදී ගොළු සහ බිහිරිව ඉපදීමට හේතුව කුමක්ද?
ඔබ ඉහත ආත්මයේදී දෙමාපියන්ට බැණ වැදී තිබිම එයට හේතුවයි.

20) ඔබ මේ ජීවිත කාලයේහී කුදූ වී සිටින්න්නේ ඇයි?
ඔබ ඉහත ආත්මයේදී බෞද්ධයින්ට සමච්චල් කර තිබිම එයට හේතුවයි.

21) ඔබ මේ ජිවිත කාලයේදී අත්පා වාරු නැතිව ඉන්නේ ඇයි?
ඔබ ඉහත ආත්මයේදී අත් පා වලින් දුෂ්ථ වැඩ කර තිබිම එයට හේතුවයි.

22) ඔබ මේ ජීවිත කාලයෙදී අබ්බගාතයකු වීමට හේතුව කුමක්ද?
ඔබ ඉහත ආත්මයේදී සොරකම් කර තිබිම එයට හේතුවයි.

23) ඔබ මේ ආත්මයේදී සුව නොවන රෝගයකින් පෙළෙන්නේ ඇයි?
ඔබ ඉහත ආත්මයේදී සිල්වත් භික්ශුන්හට මස් මාංශ පිළිගන්වා තිබීම එයට හේතුවයි.

24) ඔබ මේ ජීවිත කාලයේදී හොඳ ශරීර සෞඛයෙන් යුක්ත වීමට හේතුව කුමක්ද?
ඔබ ඉහත ආත්මයේදී රොගීන් සුව වීම සඳහා බෙහෙත් පිළිගන්වා තිබීම එයට හේතුවයි.

25) ඔබ මේ ජීවිත කාලයේදී හිරේ විලංගුවේ වැටිමට හේතුව කුමක්ද?
ඔබ ඉහත ආත්මෙයේදී අනුකම්පා විරහිතව දුෂ්ථ වැඩ වල නියලී තිබිම එයට හේතුවයි.

26) ඔබට මේ ජීවිත කාලයේදී වස බී මැරෙන්නට සිත් වන්නේ ඇයි?
ඔබ ඉහත ආත්මයේදී ගගට හෝ වතුරට වස දාමා තිබිම එයට හේතුවයි.

27) ඔබ මේ ජීවිත කාලයේදී මිටි වී ඉපදිමට හේතුව කුමක්ද?
ඔබ ඉහත ආත්මයේදී පොළොවේ දිගා වී දහම් පොත් ලීවිම සහ කියවීම කර තිබිම එයට හේතුවයි.

28) ඔබට මේ ජීවිත කාලයේදී ලේ වමනය යෑමටලක්වීමට හේතුව කුමක්ද?
ඔබ ඉහත ආත්මයේදී බුදුරදුන්ට වතාවක් කරන අතරම, මස් මාංශ අනුභව කර තිබිම එයට හේතුවයි.

29) ඔබට මේ ජීවිත කාලයේදී එල්ලී මැරීමට සිත් වන්නේ ඇයි?
ඔබ ඉහත ආත්මයේදී උගුල් අටවා සතුන් මැරීම එයට හේතුවයි.

30) ඔබ මේ ජීවිත කාලයේදී සහකරු හෝ සහකාරිය නැතුව සිටිමට හේතුව කුමක්ද?
ඔබ ඉහත ආත්මයේදී අන් අයට ඊර්ෂා කිරිම එයට හේතුවයි.

31) මෙ ජිවිත කාලයේදී ඔබගේ දේපල ගින්නෙන් හෝ විදුලියෙන් විනශ වීමට හේතුව කුමක්ද?
ඔබ ඉහත ආත්මයේදී වංචනික ලෙස වෙළඳාම් කර තිබිම එයට හේතුවයි.

32) ඔබ මේ ජීවිත කාලයේදී වන සතුන්ගෙන් හෝ සර්පයින්ගෙන් දෂ්ඨ් කිරිම් වලට
ලක්වන්නේ ඇයි?
ඔබ ඉහත ආත්මයේදී අන් අය කෙටවිම,කේලාම් කියා තරහා කර තිබිම එයට හේතුවයි.

33) ඔබට මෙ ජිවිත කාලයේදී වස්තුවට හිමිකම් නැතිව යන්නේ ඇයි?
ඔබ ඉහත ආත්මයේදී පුරුද්දක් ලෙස මල් විනාශ කර තිබිම එයට හේතුවයි

Tuesday, May 22, 2012

දෙවියන් ගැන ඔබ නොදත් තොරතුරු......


දෙවියන් ගැන ඔබ නොදත් තොරතුරු                         දෙවියන් පිළිබඳ නානා විධ මති මතාන්තර දුරාතීතයේ සිට පැවත එයි. බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් මිනිසුන් අතර දෙවියන් පිළිබඳ ගැටලු තිබූ බවට ත්‍රිපිටක තොරතුරුවලින් යම් යම් කරුණු අනාවරණය වෙයි. කොසොල් රජතුමා බුදුන් වහන්සේ බැහැදැක “කිමෙක්‌ද ස්‌වාමීනි දෙවියෝ ඇත්තාහුද? යනුවෙන් විමසා සිටි විට බුදුන්වහන්සේ පිළිතුරු දුන්නේ මෙසේය. “ඇයි මහරජ නුඹ කුමක්‌ හෙයින් දෙවියෝ ඇත්දැයි අසන්නෙහිද? යනුවෙනි. රජුගේ පැනයට නිසි පිළිතුර නොලැබුණද, රජු එයින් සෑහීමකට පත් වී පසුව වෙනත් ප්‍රශ්නයක්‌ ඇසීමෙන් රජුගේ ප්‍රශ්නය නිරාකරණය නොවීම නිසා අටුවාචාරී බුද්ධ ඝෝෂ හිමියෝ සැකය දුරු කරනු සඳහා බුදුන් වහන්සේගේ “පාඨය” මෙසේ විස්‌තර කරන ලද බව මඡ්ජිම නිකායේ “කණ්‌ණ කන්ඵල සූත්‍රයෙන්” එළි දැක්‌වෙයි. “මහරජ ඹබ කුමක්‌ නිසා දෙවියන් ඇත්දැයි අසන්නෙහිද?” යනුවෙන් බුදුන් වහන්සේ වදාළේ චාතුර් මහා රාජික දෙවියෝ ඇත්තාහ. තාවතිංශ, දෙවියෝ ඇත්තාහ, පරහිම්මිත වසවත්ති දෙවියෝ ඇත්තාහ. ඒ දේව විමාන වලට එහායින්ද (උඩින්) දෙවියෝ ඇත්තාහ. යනුවෙන් අර්ථ විවරණය කරමිණි.
මඡ්ජිම නිකායේ සංගාරව සූත්‍රයට අනුව, සංගාරව බමුණා දෙවියන් ඇත්ද, නැද්ද යනුවෙන් බුදුන් වහන්සේගෙන් විමසා සිටි අතර, බුදුන්වහන්සේ ඊට පිළිතුරු දී ඇත්තේ භාරද්වාජය ” මා විසින් දෙවියන් ඇත්දැයි කාරණයන්ට අනුව දැනගන්නා ලදී යනුවෙනි.” මෙම පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ සංගාරව බ්‍රාහ්මණයා යළි මෙසේ විමසීය. භගවත් ගෞතමයන් වහන්ස, ඔබ දෙවියන් ඇත්දැයි කාරණයන්ට අනුව දැන ගන්නා ලදැයි කීයෙහිය. මෙසේ ඇති කල්හි ඒ කීම හිස්‌ වූ බොරු කථාවක්‌ නොවන්නේද? ඊටද පිළිතුරු දුන් බුදුන්වහන්සේ භාරද්වාජය, දෙවියෝ ඇත්දැයි අසන ලද්දේ, දෙවියෝ ඇතැයි යමෙක්‌ කියන්නේද එකල්හි නුවණැති පුද්ගලයා දෙවියෝ ඇතැයි ඒකාන්ත වශයෙන් නිශ්චයකට පැමිණිය යුතුයි.” දෙවියෝ ඇත යනු ලෝකයෙහි ඉතා ප්‍රකට සම්මතයේ පවත්නා දෙයක්‌ වගද බුදුන්වහන්සේ අවධාරණය කළහ. මින් ගම්‍ය වන්නේ බුදුවරු ලෝක සම්මතය වෙනස්‌ කිරීමට කටයුතු නොකරන වගකි.
දෙවියන් පිළිබඳව අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයෙහි මෙසේ කියයි. දෙවියන් සම්මුති උප්පත්ති හා විසුද්ධි යනුවෙන් වර්ග තුනකට වෙන්වෙයි. සම්මුති දෙවියෝ යනු රජවරු බිසෝවරු හා රාජකුමාරයන් වෙති. උප්පත්ති දෙවියෝ ලෙස සැලකෙන්නේ චාතුම් මහාරාජික, දෙවියන්ගේ සිට එයින් උඩ සිටින දෙව්ලොව දෙවියන්ය. විසුද්ධි දෙවියෝ නම් රහත් ඵලයට පැමිණි වූවෝය.
මඡ්ජිම නිකායෙහි මහාසීහ නාද සූත්‍රයට අනුව දෙවියන්ද ඕපපාතික කොටසට වැටෙන්නේය. චාතුර් මහාරාජික දෙවියන්ගේ පටන් ඉහළ දිව්‍ය ලෝකවල දෙවිවරු ඕපපාතිකව උපදින වගට අටුවාචාරීන් වහන්සේලා කියති. පොළවේ වාසය කරන “භූම්මා දේවා” නමින් හැඳින්වෙන දෙවිවරු චතුයෝනිකව (අණඩජ, ජලාඹුජ, සංසේඋජ, හා ඕපපාතික) උපදින වගද මඡ්ජිම නිකායේ අට්‌ඨ කථාවලින් ගම්‍ය වෙයි.
අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයට අනුව, ආර්යශ්‍රාවක තෙම පටන් ගත් උත්සාහය ඇත්තේ අත්දෙකහි මහන්සියෙන්, දාඩිය මහන්සියෙන්, ධාර්මිකව ලද්දා වූ වස්‌තුව වියදම් කොට සංග්‍රහ පසක්‌ දිය යුතුය. ඒ සංග්‍රහ පහ නම් ඥානිබලි සංග්‍රහය, ආගන්තුක බලි සංග්‍රහය, පේනබලි සංග්‍රහය, රාජබලි සහ දේවතාබලි සංග්‍රයන්ය. මෙහිදී දෙවියන්ට දිය යුතු සංග්‍රහය දේවතා බලිය වන්නේය. මින් ගම්‍ය වන්නේ දෙවියන් උදෙසා කරනු ලබන පුද සත්කාරයන්ය. අතීත ලෝක සමාජයේ වාසය කළ සෘෂීන්, මනුෂ්‍යයන්, ක්‍ෂේත්‍රියයන්, බ්‍රාහ්මණයන් දෙවියන් වෙනුවෙන් යාග හෝම පැවැත් වූ බවත්,ඒ මගින් තමන් අපේක්‍ෂා කළ අභිමතාර්ථයන් ප්‍රාර්ථනයක්‌, සඵල කර ගත් වගද සුත්ත නිපාතයෙන් දැක්‌වෙයි. බුදුන් වහන්සේගේ දේශනාවන් අනුව මිනිස්‌ ලොව මිනිසුන් කුසල් කර ඉන් උපදනා පිං දෙවියන්ට ද අනුමෝදනා කළ යුතු බව පිළිගත යුතු සත්‍යයක්‌ වන්නේය. දෙවියන්ට පිං පැමිණවීමෙන්, එසේ පිට දෙන තැනැත්තා දෙවියන්ගේ අනුකම්පාවට හා සැලකිල්ලට භාජනයවී ඔහුට සෙතක්‌ ශාන්තියක්‌, යහපතක්‌ සලසා දෙනවග මහාවග්ග පාලිය, දීඝ නිකාය, මහා පරිනිබ්බාන සූත්‍රය යනාදියෙන් කියෑවෙයි.
බුදුන්වහන්සේගේ දේශනා වන්හිදී ඇතැම් කරුණු අනුව දෙවියන් බොහෝ මිට මනුෂයයන්ගේ ජීවිත කෙරෙහි අසීමිත බලයක්‌ දක්‌වන වග නිර්මාණය වෙයි. මිනිස්‌ ලෝකයේ රජවරුන්ගේ ධර්මිෂ්ට, අධර්මිෂ්ට කම් අනුව ලොවට යහපත/ අයහපත් සිදු කරලීමටද ඔවුන් වග බලාගනී. අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයෙන් ඒ බව හෙළිකරන්නේ මෙසේය.
මහණෙනි යම් කළක රජවරු ධාර්මික වෙත්ද, එකල රජයෙහි නියුක්‌ත යෝද ධාර්මික වෙත් පෙ. සමවු වාතය හමත්, එකල දෙවියෝ පැහැදෙත්. දෙවියන් පැහැදුන කළ වර්ෂාව මනාකොට වසිත් එකල ශෂ්‍ය මනාව වැඩෙත් එලවැලඳීමෙන් මනුෂ්‍යයෝ වර්ණවත්ව, බලවත්ව නිරෝගීව ජීවත්වෙති.
ඇතැම් අවස්‌ථාවලදී දෙවිවරු දෙව්ලොව සිට මිනිස්‌ ලෝකයට පැමිණෙති. සුත්‍රවල දැක්‌වෙන පරිදි ඔවුන් මිසින් ලොවට එන්නේ බුදුන් වහන්සේගෙන් ධර්ම දේශනා අසා දැන ගැනීමටත්, උන් වහන්සේගේ ශ්‍රාවකයන් සමග සාකච්ඡා පැවැත්වීමටත්ය. අංගුත්තර නිකායෙහි තික නිපාතයට අනුව එසේ පැමිණෙන දෙවිවරු තම නියම රූපයෙන් පොළවේ සිට ගත නොහැක්‌කේය. සියුම් ආත්ම මවා ගැනීමක්‌ මෙහිදී සිදු කෙරේ.
මාර දිව්‍ය පුත්‍රයා බුදුන් වහන්සේටත් උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසටත් එරෙහිව කටයුතු කළ අයෙකි. බුද්ධත්වය ලැබීමට පෙර පවා සිදුහත් සමයේ සිට මොහුගෙන් කරදර ඇති විය.
දෙවියන්ගේ තතු, දිව්‍ය සම්පත්තිය කෙරෙහි තතු “විමාන වත්ථු” ප්‍රකරණයෙන්” දැක්‌වෙයි.
දෙවියන්ගේ ප්‍රධානියා ලෙස සැලකෙන්නේ සක්‍ර දෙවියන්ය. සක්‌දෙව් බුදුන් වහන්සේ සමග ඉතා කුළු පගව සිටි අයෙකි. අසුරයන්ගේ ප්‍රධානියෙකු වූ රෝවන අසුරයා සක්‍රයා සමග නිතර යුද්ධ කරන වගක්‌, නමුත් දෙදෙනා මිත්‍රයක්‌ ලෙස හැසිරෙන වගත් සංයුක්‌ත නිකායෙන් දැක්‌වෙයි.
වත්මන් සමාජයේ දෙවියන් ගැන සුවිශේෂ පිළිගැනීමක්‌ ඇතිව කටයුතු කරන අය බොහෝ වෙති. දෙවියන්ගේ සිත් සතුටු කිරීමෙන් ඔවුන්ට දානමාන පුද සත්කාර කිරීමෙන් තමන්ට අවශ්‍ය දේ කරවා ගැනීමට හැකි බව ඔවුන් තුළ විශ්වාසයක්‌ පවතී. තවත් සුළු පිරිසක්‌ සිතන්නේ දෙවියන් කියා පිරිසක්‌ නොසිටින වග හා එය හුදු මන(කල්පිත විශ්වාසයක්‌ බවත්ය. එහෙත් බුදුදහමට අනුව කලින් සදහන් කළ කෙටි තොරතුරුවලින් දෙවියන් කියා පිරිසක්‌ සිටින වග නම් පැහැදිලිය බුදුන් දවස භාරතීය සමාජයෙන් බුහුමන් ලැබූ බ්‍රහ්ම හා ඉන්ද්‍ර යන දෙන්නාට බුදුන් වහන්සේද ඉහළ තැනක්‌ දුන්හ. වේදයේ ගරු බහුමාන ලැබූ ඉන්ද්‍ර බුදුන් වහන්සේගේ ශ්‍රාවකයකු විය. අනාගත බුද්ධ ශාසනය පවතින ශ්‍රී ලංකාව රැක ගැනීමේ වගකීමද ඉන්ද්‍ර ලබා සිටී. ශ්‍රී විෂ්ණු යනුවෙන්ද ඉන්ද්‍ර හඳුන්වනු ඇත.
කඳකුමරු (කතරගම දෙවියන්) මිනිස්‌ ලොව ඉපිද දහම් පොත් පත් ආශ්‍රයේදී ශ්‍රී විෂ්ණු නීල කසිනය භාවනා වඩන යතිවරයෙකු ලෙස සිටියේය. කඳ කුමරුද විෂ්ණුගෙන් භාවනා ඉගන ගත් බව කියෑවේ. අපේ සැදැහැවත් බොහෝමයක්‌ උපුල්වන් මහා විෂ්ණු කඳ කුමරු වැන්නවුන්ගේ සරණ පතති. ජ්‍යෙතිෂයට අනුව කුජ (අඟහරුගේ) අපලයට කතරගම දෙවියන්ගේ පිහිට පැතීම කරනු ලබයි. ගුරුගේ රාහුගේ අපලයට ද ශිව කතරගම දෙවි පිහිට පතන්නේය. කේතුගේ, ශනිගේ, බුධගේ අපල වලට විෂ්ණු දෙවියන්ගේ පිහිට පැතීම සිදු කෙරේ.
බුද්ධ දේශනාවන්ට අනුව දෙවියන් කෙරෙහි විශ්වාසය පවත්වා ගැනීමත් දෙවියන්ට පිං දීමත් නිසා එසේ කරන්නාට යහපතක්‌ම සැලසේ.
මෙම ලිපිය සකස්‌ කිරීමේදී රාජකීය පණ්‌ඩිත නිවන්දම ශ්‍රී ධර්ම කීර්ති නාහිමියන්ගේ බුදු සමය හා දෙවියෝ” යන ග්‍රන්ථයද උපයෝගී කර ගතිමි.
- මීරිගම , ආර්. ඇම්. ටී. බී. රත්නායක

පෙරදිග හා බටහිර වෛද්‍ය විද්‍යාවන් සහ අතුරු ආබාධ.......


පෙරදිග හා බටහිර වෛද්‍ය විද්‍යාවන් සහ අතුරු ආබාධ
1. උණ හැදුණාම බටහිර වෛද්‍ය විද්‍යාව අනුව එක්තරා පෙති වගයකි.
2. ඒ පෙති නිසා ඇතිවන උගුරේ වේලීමට තවත් සිරප් එකකි.
3. එම සිරප් එක නිසා ඇතිවන සෙමට තවත් පෙති වගයකි.
4. එලෙස සෙම අඩු වීමට බොන පෙති නිසා පීනස ඇති වෙයි.
5. පීනසට බොන පෙති නිසා ආයිත් කැස්ස ඇති වෙයි.
6. එවිට වැල්මිලැක්ස් (වැල්මී වලින් හැදූ පෙරදිග ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක පානයක්) බීම හැර වෙන විකල්පයක් නැත.
නමුත් උණ හැදුණාම පෙරදිග වෛද්‍ය විද්‍යාව අනුව කොත්තමල්ලි, පත්පාඩගම්, ඉඟුරුපියලි, වෙනිවැල්ගැට, ක‍ටුවැල්බ‍ටු පත අට එකට හිඳවා කල්කත් කවලම් කර පරණ මී පැණි සමග තුන් වේලක් බීමෙන් උණ හැදීම නිට්ටාවටම සනීප වෙයි. නිවාරණයි, ප්‍රත්‍යක්ෂයි. අතුරු ආබාධ කිසිවක් නැත.
වියුක්ත සහ සංයුක්ත දැනුම් වල ප්‍රධාන වෙනස සඳහා පොඩි උදාහරණයක් තමයි ඉහත දැක්වුවේ. වියුක්ත නිසාම අතුරු ආබධ ගහණ කසිකබල් බටහිර වෛද්‍ය ක්‍රමය සුද්දන් විසින් මෙරට පතුරුවා නොහරින්නට, දෙවියන්ගෙන් ලත් අපගේ පෙරදිග වෛද්‍ය විද්‍යාවන් මගින් හෘද සැත්කම් පවා අතුරු ආබාධ රහිතව කරන ආකාරයට වර්තමානයේදී පවතීවි. (ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද වෛද්‍ය විශ්වවිද්‍යාලයේදී ඒ ආකාරයේ සැත්කම් ගැන කරනු ලබන පරීක්ෂණ අපගේ ජාතියට අභිමානයකි.)
“ස්වභාවිකව ඇති සංඝටක කිසිවක් තනිව නෑ. ඒවා වෙනත් සංඝටක සමග මිශ්‍රව තමයි තියෙන්නේ. අතුරු ආබාධ අඩු ඒකයි. බටහිර ඖෂධ සමාගම් කරන්නේ මේ සංඝටක එකක් වෙන් කරගෙන ඒකට පේටන්ට් අරන් ඊට පස්සේ ඒක තනිවම පෙති හෝ කරල් හැටියට දෙනවා. ඒක ලාභදායී ව්‍යාපාරයක්. නමුත් අතුරු ආබාධ වැඩි මොකද අර ස්වභාවිකව තියෙද්දී වගේ ඒ අතුරු ආබාධ පාලනය කෙරෙන අනිකුත් සංඝටක එහි නැති නිසා” යැයි වරක් දර්ශණ කස්තුරිරත්න මහතා අපට පැවසුවේය.
මීට දෙදහස් වසරකට පමණ පෙරදී බුද්ධදාස මහරජතුමා විසින් රචිත “සාරාර්ථ සංග්‍රහය” නම් මා හැඟි වෛද්‍ය ග්‍රන්ථයත්, එතුමාගේ ශල්‍යාගාරයේ තිබී හමුවූ චිකිත්සක උපකරණත්, සිංහලයාගේ වෛද්‍ය විද්‍යාවේ අතීත ශ්‍රී විභූතිය ලොවට හඬගා කියමින් සිටී. පෙර රජ දරුවන්ගෙන් උරුම වූ එවන් ශ්‍රේෂ්ඨ දැනුම් සම්භාරයන් වැඩිදියුණු කර නොගන්නා සිංහලයෝ සමහරක්, තවමත් බටහිරයන්ගේ පෙති වලින් සිය පණ කෙන්ද ‍රැක ගනිමින් සිටීම සිටීම ඒ රජ දරුවන්ටත් කරන නිග්‍රහයකි.
කකුලක් කැඩුණු අයෙකුට බටහිර වෛද්‍ය විද්‍යානුකූලව යකඩ පටි හා මැහුම් දමා අස්ථි බද්ධ කළත්, ඒ අඬු පඬු දිග හැර ගැනීමට නොහැකි විටදී බටහිර වෙදැදුරන්ද පවසන්නේ, “අන්න අර අහවල් කැඩුම්-බිඳුම් වෙද මහත්තය ගාවට ගිහිල්ලා තුන් දොහක් නැවතිලා තෙල් බේත් කරගෙන සනීප කරන්න” ලෙසටයි.
බටහිර වෛද්‍ය ක්‍රමය දේවත්වයෙන් පුදමින් සිටින අපේ රටේ බලධාරීන්ට මෙරටට ගැලපෙන වෛද්‍ය ක්‍රමයක් සඳහා මංපෙත් හෙළි කිරීමට තවමත් නොහැකි වී සිටින්නේ බටහිර වෛද්‍ය අධ්‍යාපනය ලැබූ “සමහර” වෛද්‍යවරුන් ඔවුන්ගේ දැනුම, ආධිපත්‍යය සහ බඩගෝස්තරය කඩා වැටෙනවාට තියෙන විරුද්ධත්වය නිසා නොවේද?
කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් රණසිංහ මහතා වරක් මෙසේ පැවසීය. “ආයුර්වේද පනත සංශෝධනය විය යුතුයි. නමුත් මේ පනත සංශෝධනය වන බවක් පේන්නේ නෑ. මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මම කියලා තියෙනවා මේ පනත සංශෝධනය වුනොත් මගේ කණ කපනවා කියලා. ආයුර්වේද පනත තවමත් සංශෝධනය වී නැති නිසා මගේ කණ බේරිලා තියෙනවා.
උසස් පෙල විෂය ධාරාවට ආයුර්වේද විෂය ඇතුලත් කර නැහැ. යුරෝපීය විෂය ධාරාවක් සඳහා ඇතුලත් කිරීමට හැකිනම් අපේ මුතුන් මිත්තන්ගෙන් පැවත එන දේශීය වෙදකම උසස් පෙල විද්‍යා ධාරාවට ඇතුලත් කිරීමට බැරි ඇයි. සෑම වෛද්‍ය ක‍්‍රමයකටම තොටිල්ල තමයි අත්බෙහෙත. දේශීය වෛද්‍ය ක‍්‍රමය කෙරෙහි ලෝක අවධානය යොමුව තිබෙනවා. බටහිර ඖෂධ මේ වන විට බිඳ වැටෙමින් පවතිනවා. දේශීය වෛද්‍ය ක‍්‍රමය සඳහා විශාල ඉල්ලූමක් නිර්මාණය වී තියෙනවා.”



Tuesday, May 15, 2012

බිය නොවන - බිය නොදෙන වෛර නැති නැණවතා...


බිය නොවන - බිය නොදෙන වෛර නැති නැණවතා

තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති
උඩුමලගල ශ්‍රී ආදිච්චවංස
පරිවේණාධිපති
යක්කලමුල්ල ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි, ශාස්ත්‍රපති
පලල්ලේ සරණජෝති හිමි

නමෝ තස්ස භගවතෝ රහතෝ
සම්මා සම්බුද්ධස්ස
න තේන පණ්ඩිතො හොති
යාවකා බහුභාසති
ඛෙම් අවේරි අභයො
පණ්ඩිතො ‘ති පවුච්චති ‘

කාරුණික සුපින්වතුනි ,

තුන් ලොවක් දම් රසයෙන් සනහා වදාළ ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මයෙන් බිඳක් බුදුසරණ ධර්මදේශනා තුළින් කියවන්නට සූදානම් වන ඔබ භාග්‍ය වන්තයෙක්, වාසනා වන්තයෙක්, පුණ්‍ය වන්තයෙක් යැයි සිතන්න මක්නිසාද? ඔබ අප ලද දුර් ලභ මනුෂ්‍ය ආත්ම භාවයෙන් ඉඩ ලද ලද හැම මොහොතක ම පින් දහම් සිදු කර ගත යුතු වේ. අප ලද මේ මනුෂ්‍ය ජීවිතයේ වටිනා බව වචන වලින් කියා නිම කළ නොහැකිය. ඒ තරම් වාසනාවන්ත ජීවිතයකි, මේ ලබා තිබෙන්නෙ. එබැවින් ධර්ම ශ්‍රවණය කිරීම , දහම් දෙසීම , ධර්මය සාකච්ඡා කිරීම, සජ්ඣායනය , සහ භාවනාවකට සිත යෙදවීම තුළිනුයි නිවන් ලබා ගත හැකි වනුයේ. එම නිසා ධර්මය දේශනා කිරීම සාකච්ඡා කිරීම සසර දුකින් අතමිදීමට මහෝපකාරි වේ.
ලොව ඇති දසුන් අතුරින් බුදු රුව දැකීම උතුම්ම දැකීම වේ. ඇසුමෙන් උතුම් ම ඇසුම ධර්මය ඇසීමයි. ලොව ඇති උතුම් ම ලාභය වනුයේ සද්ධා සීල ත්‍යාග ආදි ධනයන්ගෙන් යුක්තව ක්‍රියා කිරීමය. උපස්ථාන කිරීම් අතුරින් උතුම්ම උපස්ථානය වනුයේ, බුදු පසේ බුදු මහරහතන් වහන්සේ වෙත උපස්ථාන කිරීමය. අපේ බුදුන් වහන්සේ යම් දිසාවකට වඩින්නේද ? ඒ වඩිනා මං මාවත් ඉතා පිරිසුදුව බාධක වලින් තොර වෙයි. එයට හේතුව පෙර පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතු චෛත්‍ය වෙත ගොස් පිරිසුදු කොට කොඩියක් පූජා කිරීමේ ආනිසංස වශයෙනි. ශීලයෙන් යුක්ත වීම උතුම් වේ. සිහිකිරීමෙන් උතුම්ම සිහිකිරීම බුදු ගුණ දහම් ගුණ , සඝ ගුණ සිහි කිරීම දිවා රාත්‍රී දෙක්හි සුවසේ වාසය කරන්නට සුවසේ නිදා පිබිදෙන්නට හේතු වන බැවින් මේ උතුම් ගුණ දම් ඇතිව ක්‍රියා කරන්නට උත්සුක වන්න.
අද ධර්ම දේශනය ධම්ම පද පාලියේ ධම්මට්ඨ වර්ගයේ තුන් වන ගාථා රත්නය වන න තෙන පණ්ඩිතො හොති යන ගාථා රත්නයයි ඉදිරිපත් කරනු ලැබුවේ. මෙම දේශනය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනු ලැබුවේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරේදියි.
බොහෝ කොට කථා කිරීමෙන් කෙනෙකු පණ්ඩිතයකු නොවේ. ක්‍ෂෙමි, අවේරි, අභය පුද්ගලයා පණ්ඩිතයකු බව දෙසු සේක. බොහෝ කොට කථා කරන්නා ‘අත්තුක්කංසන ‘ තමා උසස් යැයි තමාම පිරිස මැදට ගොස් කථා කරයි. පරවම්භන අනුන් පහත් කොට පිරිස මැදට ගොස් අනිකා හෙළා දකිමින් කථා කරයි. මෙවැනි අය පණ්ඩිතයන් නොවන බව අටුවාවෙහිද විස්තර කරනු ලබයි. ඛේමි යනු අනුන්ට උවදුරු නොකොට ක්‍රියා කරන්නාය.
“අවෙරි “ වෛර කිරීම දරුණූ දුක්ඛ විපාක ගෙන දෙන බව “සේරිවාණිජ” ජාතක කථාවෙන් මැනවින් පෙන්නුම් කැරේ. අවසානයේ දේවදත්ත අපා ගත වී දුක් විදින්නේ වෛර කිරීමේ දුක්ඛ විපාක වශයෙනි.

ඉඳ ඉඳ එක වෙහෙර
විඳ විඳ දහම් මනහර
සිඳ බිඳ දුක් සසර
අනේ දෙව්දත් නුදුටු මොක් පුර

“ බුදුන් වහන්සේගේ ඥාති සහෝදරයා වුවත් දෙව්රම් වෙහෙරේ බුදුරදුන් සමග ජීවත් වුවත් අවසානයේ වෛරයෙන් ක්‍රියා කිරීම නිසා සසර දුකින් මිදෙන්නට දෙව්දත් තෙරුන්ට නොහැකි විය. “අභයෝ” අභය ලබා දීම සතුන්ට මෙන්ම තම මව්පියන්ට දරුවන්ට අසරණයන්ට සුවසේ නිදහසේ වාසය කරන්නට අවස්ථාව සලසා දෙන්නකි. එමෙන්ම එය ලොකු පින්කමකි. ගව ඝාතක , සත්ව ඝාතන ස්ථාන බිහිවී ඇත්තේ අභය නොදෙන නිසාය. එහි දුක් විපාක අප කාටත් විදින්නට සිදු වේ. එම නිසා බියට දුකට කරදරයට පත් අය මුදවා ගෙන සුවසේ වසන්නට අවස්ථාව සලසා දිය යුතු වේ.
සවග භික්‍ෂූන්ගේ නොදැහැමි අසංවරය නිසා ජනයාගෙන් පවා දෝෂ දර්ශනයට ලක් විය. භික්‍ෂුවක් ක්‍රියා කළ යුත්තේ ‘අප්පසන්නාං වා පසාදාය , පසන්නානං වා හීයො භාවාය ‘ යන බුදු වදනට අනුව නොපැහැදුන අයගේ පැහැදීම පිණිසත් පැහැදුන අයගේ පැහැදීම වඩාත් දියුණු වීම සඳහාත්ය. එදා චණ්ඩාශෝකයන් ධර්මාශෝකයන් බවට පත් වුයේ සත් අවුරුදු වියැති නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ ශාන්ත සුන්දර ගමන් විලාශය දැකීමෙනි. සේඛියා තුළින් භික්‍ෂු ජීවිතයේ ඇවතුම් පැවතුම් සංවරව සකසා ගන්නේ කෙසේදැයි පැහැදිලි කරදී ඇත. ඒ ආභාෂය ලත් අපේ ලාංකික බෞද්ධ ජනතාවද තම දරුවන්ටත් මේ අනර්ඝ වටිනාකම් ආහාර ගැනීමේ සිට උගන්වනු ලබයි. උසස් සිරිත් විරිත් කෙනෙකුගේ ජීවිතය ශෝබාමත් කරනු ලබයි. නිවන් මග පසන් කරනා තුරු අපේ දිවි මැදුර උතුම් ගුණ දහමින් ශක්තිමත් කර ගත යුතු වේ. ඔබ සැමට උතුම් වු ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් මෙලොව සැපත් නිවන් සැපත් පිණිසම මෙම උතුම් දහම් දෙසුම පිහිට වේවා.

Friday, May 11, 2012

ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් ....


                                    ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු.
ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ත්‍රිපිටකය සලකන්න පුළුවන්. ඝෝෂ වැනි ද්‍රවිඩ භික්ෂූන් විසින් ත්‍රිපිටකයේ සරළ කොටස් ඉවත් කල හෙල බසේ සිට අපට නුහුරු පාළියට පර්වර්තනයද මෙලෙස අපේ සබෑ ඉතිහාසය සැගවී යාමට එක් හේතුවක් වන්න පුළුවන්. මේ සදහා ත්‍රිපිටකය සිංහලෙන්හී ඇති ආටානාටිය සුත්‍රය උපයෝගි කරගමු. එලෙසම බුදුන් වහන්සේ උපන් ස්ථානය ඉන්දියාව යැයි බොහෝ බෞද්ධයන් විශ්වාස කිරීම නිසාද, මෙම ත්‍රිපිටක ධර්ම කරුණු ඉන්දියාවේ සිදු වූවායි සිතීම නිසාත් මේ කරුණු යටපත් වන්නට හේතු වී ඇති බව පෙනේ. මාතෘකාව අවතීර්ණ වීමට පෙර ගැටළුවක් හා එයට පුංචි ඉඟි කිහිපයක් දීලාම ඉන්නම්.
බුදුරජානන් වහන්සේ උපන්නේ කොහෙද? (දඹදිවේ වර්තමාන රට කුමක්ද ?)
බුදුවරයෙක් ලොව පහල වීමට පෙර බලන්නා වූ පස්මහා බැලුම් වන කාලය, දීපය දේශය, කුලය හා මව යන්නේ දීපය යන්නේ සමාන පදය දුපතක් නම් ඉන්දියාව දුපතක්ද? නැති නම් පස්මහා බැලමු කාලය, අර්ධද්වීපය, දේශය, කුලය හා මව යන්නද?
දඹ යන පදය හෙළ යන්නට සමානද?
මෙම කරුණු හා තවත් සාක්ෂි එකතුව බුදුන් උපන් හෙළදිව පිළිබදව ඉදිරියේදි සාකච්චා කරමු. දැන් ආටානාටියේ පළමු කොටස සලකා බලමු.
1.  මා විසින් මෙසේ අසන ලදි.    එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි වූ ගිජ්ඣකූට පර්වතයෙහි වැඩ වාසය කරති. එකල්හි සතරවරම් මහ රජදරුවෝ මහත් වූ යක්‍ෂ සේනාවෙන් ද, මහත් වූ ගාන්ධර්ව සේනාවෙන් ද, මහත් වූ කුම්භාණ්ඩ සේනාවෙන් ද, මහත් වූ නාග සේනාවෙන් ද,සතර දිශාවෙහි ආරක්‍ෂා පිහිටුවා බලසෙනඟ පිහිටුවා රැකවල් ලවා රාත්‍රියේ ප්‍රථම භාගය ඉක්ම ගිය කල්හි (තමන්ගේ) ශරීර ආලෝකයෙන් හාත්පස ගිජ්ඣකූට පර්වතය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට හොඳාකාර වැඳ එක පැත්තකින් හුන්නාහුය. ඒ යක්‍ෂයෝ ද සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූවාහුය. සතුටු විය යුතු සිහිකට යුතු කථාව කොට නිමවා එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට දොහොත් මුදුන් දී වැඳ එකපැත්තකට වී හුන්නාහුය. සමහර කෙනෙක් නාම ගෝත්‍රය කියා එක පැත්තක හුන්නාහුය. එක පැත්තක හුන්නා වූ වෛශ්‍රවණ නම් වූ මහරජ තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණු කීයේය.
මෙම පරිච්ජේදයෙන් කියැවෙන්නේ බුදුන් හමුවට පැමිණ සතරවරම් රජදරුවන් පිළිබදවයි. එසේනම් වර්තමානයේ සතරවරම් දෙවිවරුන් නමින් හැදින්වෙන වෛශ්‍රවණ, ධ්‍රතරාෂ්ඨ, විරූඪ, හා විරූපාක්ෂ යන එදා සිව් හෙළය නියෝජනය කරාන ලද වූ සිව්හෙළයේ පාලක වරුන්ය. වර්තමානයේ පවා මේලෙස සතරවරම් දෙවිවරු ලෙස වන්දනාමානයට ලක්වන්නේ ඒ එදා අපේම රටේ සිටි ශ්‍රේෂ්ඨ පාලකයන් පිරිසකි. සූත්‍රය පුරාවටම මේ හමුවන සතරවරම් රජවරු හෙවත් පාලකයන් හතරදෙනා නියෝජනය කරනලද්දෙ වර්තමානයේ සිංහල බවට පත්ව ඇති සිව්හෙලයයි. ඒ අනුව සිංහලය යනු සිංහබාහුගේ සිංහ රුධිරය හෝ පණ්ඩුකාභය රජු සිංහයන් මැරීම නිසා ඇති වූ සිංහ ලේ යන්න නොව, සිව් හෙලය සතරම් වරම් රජදරුවන් ප්‍රමුඛ හෙල අධිරාජ්‍යෙය් තිබුණ
යක්ඛ හෙළය
කුම්භාණ්ඩ හෙළය
නාග හෙළය
ගාන්ධාර්ව හෙළය
යන ගෝත්‍ර හෙවත් ජන කොඨ්ඨාශ හතර නිසා ඇති වුවකි. සමස්ථ අධිරාජ්‍යම හෙළ අධිරාජ්‍ය හෙවත් අසුර අධිරාජ්‍ය වූ අතර එය සිව්හෙළයින් සමන් වී ඇත. ආටා නාටිය සුත්‍රය මගින් සිංහලය හෙවත් සිව් හෙළය ගැන හෙළි වන්නේ එලෙසිනි. පසුකාලයක යක්ඛ, රාක්ඛ, දේව හා නාග ලෙස හදුනාගෙන ඇත්තේද මේ යක්ඛ හෙළය, කුම්භාණ්ඩ හෙලය , නාග හෙළය හා දේව හෙළයමද යන්න මා හට හිතෙන මුත් නිවැරැදිව අධ්‍යනයකින් තොරව මේ පිළිබද කිව නොහැක. මෙලෙස පළමුවන කොටසේ බුදුන් වහන්සේ වැඩ සිටි රජගහ නුවර ගිජ්ඣකූඨ බබලවා බුදුන්වහන්සේ දැකිමට පැමිණියේ විමාන වලින් විය හැක. මන්ද බුදුන් වහන්සේගෙන් බණ ඇසීමට අහසින් වැඩි සතාගිර හා හෙමවත යක්ඛ සෙන්පතින් පවා ගමන් කලේ විමාන වලින් නිසා මෙලෙස විමාන වලින් පැමිණිම නිසා ගිජ්ඣ කූඨ පර්වතය පෙදෙස අලෝකමත් වීම මෙලෙස දක්වන්නට ඇත. මන්ද යත් අතීතයේ තිබුණ, මනඃකල්පිතයක් වූ දඬුමොණරය යනු අතීත ගුවන් තාක්ෂණයේ තිබුණා වූ විමාන අතුරින් එකක් බව හෙළිකොට ඇති අතරම අතීතයේ සිටි මෙම සතරවරම් රජවරු ඇතුළු මුතුන් මිත්තන් පවා මේ විමාන පාවිච්චි කර ඇති බවට ජනප්‍රවාද වලින්ම අපට තහවුරු කරගත හැකි බැවිනි.
(උදා: යකාගේ හැටියටනේ විමානේ යන පිරුළ ගත හැක. අපගේ ගුවන් යානා තාක්ෂණය පිළිබදව ලිපි පෙළ කියවූ අයට නම් දුතකයාට අවැසි පරිදි මෙම විමානය නිපදවීම පිළිබදව මතක ඇති. මේ පිරුලෙන් කියැවෙන්නේ ඒ පිළිබදවම නේද?)
බුදුන් වහන්සේ තමන්ගේ කාලය පෙරබත් කිස, පසුබත් කිස ආදී ලෙස යාමයන් පහකට තමන්වහන්සේගේ කාලය බෙදා තම ශ්‍රාවකයන් වෙනුවෙන් කාලය වෙන් කරදී තිබුණි. මෙලෙස සතරවරම් රජදරුවන්ට රාත්‍රියේ ප්‍රථම භාගයෙන් පසුව කාලය වෙන්කොට තබන්නට ඇත. නියමිත කාලයේ බුදුන් වහන්සේ දැකීමට පැමිණි සතරවරම් රජවරු අතරින් යක්ඛ සේනාවට අධිපති වෛශ්‍රවණ රජු භාග්‍යවතුන් වහන්සේට ප්‍රථමයෙන් කරුණු දක්වු බව සඳහන්වේ. සතර වරම් දෙවිවරු අතරේද සිටින මේ වෛශ්‍රවණ දෙවියන් විශ්ණු ලෙස බහුතරය වරදවා වටහාගත්තද වෛශ්‍රවණ යනු වෙසමුණි යන්නයි. නමුත් මෙතන සඳහන් වන වෙසමුණි රජතුමා රාවණ රජුගේ පියා වූ වෙසමුණි විය නොහැක. පරාක්‍රම බාහූ, විජයබාහූ වැනි රජවරු එකකට වැඩිය සිටි හෙයින් මෙයත් එවැනි අවස්ථාවක් විය හැක.
2. ´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට අසතුටු වූ හෝ සතුටු වූ හෝ උසස් (බලවත්) යක්‍ෂයෝ ද මධ්‍යම ආනුභාව ඇති යක්‍ෂයෝ ද පහත් යක්‍ෂයෝ ද ඇත්තාහුමය. බොහෝ සෙයින් යක්‍ෂයෝ භාග්‍යවතුන් වහන්සේට අසතුටු වූවාහුමය. එයට හේතු කවරේද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි සතුන් මැරීමෙන් සොරකම් කිරීමෙන් කාමයන්හි වරදවා හැසිරීමෙන් බොරු කීමෙන් මත් බවට හා ප්‍රමාදයට කාරණා වූ සුරාපානයෙන් වැළකිම පිණිස ධර්මය දේශනා කරන්නාහ. ස්වාමීනි, බොහෝ සෙයින් යක්‍ෂයෝ සතුන් මැරීම ආදී පාපයන්ගෙන් නොවැළක්කාහුමය. ඒයක්‍ෂයන්ට ඒ ධර්ම දේශනාව අප්‍රිය වේ. සිත් සතුටු වූවන් කෙරේ නොවේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කැලෑවෙහි වූ ද ගම් සීමාව ඉක්ම වූ වන සේනාසන වූ ද (කැලෑවෙහි) ඉතා දුර වූ ද නිශ්ශබ්ද වූ ද කලබල නැත්තා වූ ද මිනිසුන්ගෙන් තොර වූ සුලභ ඇත්තා වූ ද මනුෂ්‍යයන්ගේ රහස් කටයුතු වලට යෝග්‍ය වූ ද හිත එකඟකර ගැනීමට සුදුසු වූ ද සේනාසනයන් (වසන තැන්) සේවනය කරති.´
බුදුදහම පහළ වූ ගමන්ම සියළු දෙනා බුදුදහම වැළද ගත්තෙ නැති අතර සියළු රජවරු, සහ වැසියන්ද බුදු සරණ නොගිය අතර හෙළ අධිරාජ්‍යෙය් එක් කොටසක බිහි වූ ගෞතම බුද්ධ ශාසනය එක වර හෙළදිව පුරා පැතිර ගියේ නැත. ඒ නිසා බුදුදහම පහල වීමට පෙර තිබූ ආගම්, දර්ශන අදහමින් සිටි විවිධ තරාතිරමේ යක්ඛ ගොත්‍රිකයන් සිටි අතර ඔවුන් බුදුදහම පැතිරෙනවාට නොසතුටුව සිටින්නට ඇත. මෙලස ඔවුන්ගෙන් බුදුදහමට එල්ල විය හැකි තර්ජන පිළිබදව වෙසමුණි මහ රජු භාග්‍යවතුන් සමඟ සාකච්චා කර ඇති බව පෙනේ. පසුකාලීනව මෙම යක්ඛ, නාග, කුම්භාණ්ඩ හා ගාන්ධර්ව කොටස් පිළිබද සටහන් වූ මෙම කරුණු ග්‍රන්ථකරනයේදී, වෙනත් භාෂාවලට පර්වර්තනයේදී මෙම කොටස හිතා මතම අමනුෂ්‍ය කොටසක් කල ඇති නිසා අදටත් අටානාටිය බාවිතා කරන්නේ යකුන් එලවීමටය. මෙම කරුණු නිසාම පසුකාලෙක අටානාටිය පිරිතේ සාමාන්‍ය බෞද්ධ වැසියන් මෙලෙස මනුෂ්‍ය ලෙස ලියැවෙන්නට ඇති බව මාගේ විශ්වාසයයි. බෞද්ධ නොවන මිනිසුන් පස්පව් ගැන නොදන්නා අතර බුදුදහමට අකැමැතිය, අදට නොව එය එදාටත් වලංගු වූ බව ආටානාටිය පෙන්වා දේ.
3. ඒ තන්හී නිතර වාසය කරන්නා වූ මහා බලසම්පන්න වූ යක්‍ෂයෝ ඇත්තාහුය. යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙහි නොසතුටු වන්නාහු ද ඔවුන්ගේ සතුට පිණිස ස්වාමීනි, භික්‍ෂූන්ගේ ද භික්‍ෂුණියන්ගේ ද උපාසකවරුන්ගේ ද උපාසිකාවන්ගේ ද පාලනය පිණිස ද ආරක්‍ෂාව පිණිස ද, වෙහෙස නොවන පිණිස ද පහසු හැසිරීම පිණිස ද භාග්‍යවතුන් වහන්සේ මේ ආටානාටිය (නම් වූ) පිරිත පිළිගත මැනව´යි දැන්වූයේය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව පිළිගත්හ. එවිට වෙසෙවුණු මහ රජ තෙම භාග්‍යවතුන් වහන්සේගේ පිළිගැනිම දැන ඒ වේලාවෙහි මේ ආටානාටිය පිරිත කීයේය.
බුදුදහම පැතිරි පවත්නා වු ප්‍රෙද්ශ වල වසන්නා වූ වෙනත් ආගමික යක්ඛ ගොත්‍රිකයන් බුදුදහමට අකැමැති හෙයින්ද, ඔවුන්ගේ අකැමැත්ත දුරුකිරීමටද, බෞද්ධ ශ්‍රාවකයන්ගේ ආරක්ෂාවද, මෙම අබෞද්ධ, බෞද්ධ කොටස් අතර මතුවටත් ගැටළු ඇති නොවන පිරිසද මෙම අටානාටිය පිරිත පිළිගනු මැනව යනුවෙන් මෙම පිරිත බුදුන්වහන්සේට වෙසමුණි යක්ඛ රජු විසින් පිළිගැන්වූ බව සදහන්වේ. එසේ නම් ආටානාටිය පිරිත යනු සම්බුද්ධ දේශානාවක් නොවන බව ආටානාටිය පිරිතේම සදහන්වේ. එසේ නම් ආටානාටිය පිරිත යනු බෞද්ධ, අබෞද්ධ කොටස් අතර ගැටුම් ඇති නොවිම පිණිසද, බුදුසසුනේ ආරක්ෂාව පිණිස සතරවරම් රජවරු ප්‍රමුඛ සිව් හෙළය ගෞතම බුදුන්වහන්සේ ඉදිරියේ ඇතිකරගත්තා වූ සම්මුතියකි. එය ගෞතම බුදුන් හමුවේ තබන ලද්දෙ වෙසමුණි මහ රජතුමාය. වර්තමානයේ සතරවරම් දෙවියෙක් ලෙස හැදින්වෙන මේ වෛශ්‍රවණ යක්ඛ රජුය. නැත හොත් හෙළ අධිරාජ්‍යට සැමදා සතුරුකම් කල විශ්ණු නොවේ.
04. ´පසැස් ඇත්තා වූ, ශෝභාමත් වූ විපස්සී නම් සර්වඥයන් වහන්සේට ද සියලු සත්චයන් කෙරෙහි පතළ කරුණාවෙන් යුක්ත වූ සිඛී නම් සර්වඥයන් වහන්සේට ද කෙලෙස් විනාශ කලා වූ කෙලෙසුන් තවන වීර්යය ඇති වෙස්සභූ නම් සර්වඥයන් වහන්සේට ද මාරයන් යටත් කලා වූ කකුසඳ නම් සර්වඥයන් වහන්සේට ද සියලු පව් අහක් කලා වූ වැස නිමවන ලද බ්‍රහ්ම චර්ය ඇති, කෝනාගමන නම් සර්වඥයන් වහන්සේට ද සියලු කෙලෙසුන්ගෙන් මිදුනා වූ කාශ්‍යප නම් සර්වඥයන් වහන්සේට ද ශ්‍රීමත් වූ ශාක්‍ය පුත්‍ර වූ ඒ ගෞතම සර්වඥයන් වහන්සේට ද නමස්කාර වේවා.´´ලෝකයෙහි යම් රහත් කෙනෙක් මහත් බවට පැමිණියහ. භය නැති කලහ. (උන්වහන්සේට නමස්කාර වේවා.)
´අෂ්ටවිද්‍ය පසලොස් චරණයන්ගෙන් (නුවණ අට සහ චරණ පසලොසින්) යුක්ත වූ මහත් බවට පැමිණියා වූ භය නැතිකලා වූ දෙව් මිනිසුන්ට හිත වූ යම් ගෞතම සර්වඥයන් වහන්සේ කෙනෙකුට නමස්කාර කෙරෙද්ද, උන්වහන්සේට ද නමස්කාර වේවා.´´
මෙලෙස ආටානාටිය සම්මුතිය කියවීමට පෙර සියළු බුදුන් වහන්සේලාට හා නමස්කාර කරමින් හා ගෞතම බුදුන් වහන්සේට නමස්කාර කිරීමෙන් අනතුරුව අරහත්භාවයට පැමිණි රහතන් වහන්සේලාට නමස්කාර කරමින් වෙසමුණි රජු විසින් මෙලෙස සම්මුතිය කියවීම ආරම්භ කර ඇත.
5. ගාන්ධර්වයන්ට අධිපති වූ නැගෙනහිර දිශාව ආරක්‍ෂා කරන මහ රජ තෙම ධ්‍රතරාෂ්ටනම් වන්නේය. ඒ මහ රජ තෙම ගාන්ධර්වයන් විසින් පිරිවරණ ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වෙසෙයි.
´´ඉන්ද්‍රය යන නම් ඇත්තා වූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තා වූ බොහෝ පුත්‍රයෝ ද ඇත්තාහයි මා විසින් අසන ලදි.
´´ඔව්හු ද මහත් බවට පැමිණියා වූ විශාරද වූ බුද්ධ නම් වූ ආදිච්ච බන්ධු නම් වූ සර්වඥයන් වහන්ස, ශ්‍රේෂ්ඨ පුරුෂයන් වහන්ස, නුඹ වහන්සේට නමස්කාර වේවායි කියා දුරදීම නමස්කාර කරති.
 ´´දක්‍ෂ වූ සර්වඥතා ඥානයෙන් මහජනයා බලන්නෙහි යයි කියා අමනුශ්‍යයෝ ද නුඹ වහන්සේට වඳිති. මේ වැඳීම අප විසින් නැවත නැවත අසන ලදි, එහෙයින් මෙසේ කියම්හ.
´´ගෞතම නම් වූ සර්වඥයන් වහන්සේට නමස්කාර කරවුදැයි (අප විසින් විචාරන ලද යක්‍ෂයෝ) ගෞතම සර්වඥයන් වහන්සේට අපි නමස්කාර කරම්හයි (කියති). විද්‍යචරණ (නුවණ සහ සීල සමාධි) ගුණයෙන් යුක්ත වූ ගෞතම බුදුන් වහන්සේට අපි නමස්කාර කරම්හයි (කීවාහුය).
හෙළ අධිරාජ්‍යෙය් නැගෙනහිරින් පිහිටි ගාන්ධර්ව හෙළය(දේව හෙළය විය හැක) ආරක්ෂා කරන, ගාන්ධාර්ව හෙළයේ පාලකයා ධ්‍රතරාෂ්ඨ වේ. එම රජු ප්‍රමුඛ ගාන්ධාරව කොටස් බෞද්ධයෝ වේ. මෙලෙස සිව්හෙළයෙන් ගාන්ධාර්ව හෙළයේ බුදුදහම පැතිරි ඇති බව මෙලෙස දක්වා ඇති අතර එය වෙසමුණි රජු විසින් ගාන්ධාර්ව හෙළය පිළිබදව ඔහු දන්නා පරිදි විස්තරකර ඇත.
6. ´´යම් දිශාවකින් මළමිනී ගෙන යනු ලැබෙත් ද? පිසුණු (කේළාම්) කියන්නා වූ ඉදිරිපිට නැති තැන නින්දා කරන්නා වූ ප්‍රාණාඝාතය කරන ගති ඇති රෞද්‍ර වූ සොර සිත් ඇත්තා වූ වංචාකාරීවූ ජනයෝ යම් දිශා භාගයකින් ගෙනයනු ලැබෙතියි කියත් ද, ඒ දිශාව දකුණු දිශාව වේ.´´
´´කුම්භාණ්ඩයන්ට අධිපති වූ දකුණු දිශාව ආරක්‍ෂා කරන විරූපය යන නම් ඇති ඒ රජ තෙම කුම්භාණ්ඩයන් විසින් පිරිවරන ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරයි.
´´ඉන්ද්‍රය යන නම් ඇත්තාවූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තා වූ බොහෝ පුත්‍රයෝ ද ඇත්තාහයි මා විසින් අසන ලදි.
මෙලෙස හෙළ දිවයිනේ දකුණින් පිහිටි කුම්භාණ්ඩ හෙළයේ පාලක විරූපය නැමැති සතරවරම් රජු පිළිබදවද
7. ´´යම් දිශාවෙක්හි, දිලිසෙන මහත් මණ්ඩල ඇති සූර්ය්‍යයා බැස යයි ද, සූර්ය්‍ය බැස ගිය කල්හි දවල් කාලය නැතිවේ ද? ඒ දිශාව බස්නාහිරයි.´´
´´යස පිරිවර ඇත්තා වූ යම් මහරජෙක් ඒ දිශාව ආරක්‍ෂා කෙරේ ද, නාගයන්ට අධිපති වූ විරූපාක්‍ෂ නම් වූ ඒ වරම් රජ තෙම නාගයන් විසින් පිරිවරන ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරයි. ´´ඉන්ද්‍රය යන නම් ඇත්තා වූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තාවූ බොහෝ පුත්‍රයෝද ඇත්තාහයි මා විසින් අසන ලදි.
බස්නාහිරින් පිහිටි නාග හෙළයේ පාලක විරූපාක්ෂ නම් රජු පිළිබදවද කෙටියෙන් විස්තරයක් බුදුන් වහන්සේ හමුවේ කර ඇති ආකාරයක් මෙම කොටසින් හදුනාගත හැක.
ඕනෑම පුද්ගලයෙක් වඩාත් හොදින් දැනගත යුත්තේ තමා පිළිබදවය. වෙනත් අයෙක් ගැන විස්තරකිරීමට, වෙනත් ප්‍රදේශයක් ගැන විස්තර කරීමට වඩා තමන්ගේ ප්‍රදේශය ගැන විස්තර කිරීම පහසුය. එබැවින් වෙසමුණි රජු තමන්ගේ රාජධානිය හා දිශාව පිළිබදව පහත පරිදි විස්තර කර ඇත.
8. ‘යම් දිශාවෙක්හි රම්‍ය වූ උතුරුකුරු දිවයින පිහිටියේ ද, දැකුම් කටයුතු වූ මහාමේරු පර්වතය වන්නේ ද, ඒ උතුරුකුරු දිවයිනෙහි වස්ත්‍රාභරණාදිය මගේය මගේයයි ගැනීමක් නැත්තා වූ භාර්ය්‍යා පරිග්‍රහයක් (භාර්ය්‍යාවන් අයත්කර ගැනීමක්)නැත්තාවූ  මනුෂ්‍යයෝ උපදිත්.
ඒ අනුව හෙළ අධිරාජ්‍යෙය් යක්ඛ හෙළය පිහිටියේ උතුරින් බව හිතාගත හැක. බෞද්ධ සාහිත්‍යෙය්ම එන තුන්ලෝකය යැයි හැදින්වෙන ජම්බුද්වීපය, අපරගොයාන, උතුරුකුරු දිවයින යනුවෙන් ලෝක තුනක් බව කීවද එය යම් ප්‍රාදේශිය පාලන ප්‍රෙද්ශයක් බව පෙනේ. ජම්බුද්වීපය පිහිටියේ හෙළ දිවයිනේම පිහිටියා යන්න මෙම කරුණින්ම අදහසක් ගත හැක. ජම්බුද්වීපයට උතුරින් පිහිටි උතුරුකුරු දිවයින යක්ඛ හෙළය නම් ජම්බුද්වීපය එයට දකුණින් හෝ මෙම සිව් හෙළය මධ්‍යෙය් පිහිටි බවක් සිතිය හැක.
´ඒ මිනිස්සු වී නොවපුරන්නාහ. සී සෑම පිණිස නඟුල් කෙතට නොගෙනියත්. ඒ මනුෂ්‍යයෝ නොසානා ලද භුමියෙහි හටගෙන පැසුනා වූ ඇල් සාල් බත් අනුභව කරත්.´
අපේ පසුගිය ලිපිවලින්ද කතාකල පරිදි යක්ඛ යනු යකඩ භාවිතාකල හෙයින් පටබැදුන බව සදහන්කලෙමු. මෙමගින් මෙම යක්ඛ ගෝත්‍රිකයන් යකඩ ආශ්‍රිත යන්ත්‍ර සුත්‍ර බාවිතාවෙන් ගොවිතැන් කලා විය හැක. නැතිනම් ගොවිතැන් නොකට මේ යකඩ කර්මාන්තය ඇසුරෙන් දිවි පැවත්ම සිදුකලා විය හැක. සී සෑම පිණිස නඟුල් කෙතට නොගෙනියත් මගින් ඔවුන් ගොවිතැන් නොකල බවක් සදහන් වන්නේ නැත. මනුෂ්‍යයෝ නොසානා ලද භුමියේ හටගෙන පැසුනා වු ඇල් සාල් බත් අනුභව කරත්,  එසේ නම් මොවුන් ගොවිතැන් කටයුතු සදහා දියුණු වූ තාක්ෂණික ක්‍රම භාවිතා කලා විය යුතුය. තම ගමන් කටයුතු සඳහා විමාන සෑදු හෙළ වැසියන් හට ගොවිතැනට තාක්ෂණික ක්‍රම බාවිතා නොකලා යැයි කිව නොහැක. කෙසේ වුවද සිව්හෙළයන් අතුරින් යක්ඛ හෙළය ඉතා දියුණු තාක්ෂණික ක්‍රම භාවිතා කලා යැයි කිව හැක.
ආටා නාටිය විමසීමේදි මතකයට නැගෙන්නා වූ තවත් කාරණයක් මෙතනට සම්බන්ධ වන බවක් දැනේ. බුදුන් වහන්සේ සමනළ කන්දට නොව නමුණුකුල කන්දට තම සිරිපතුල පිහිට වීමට වැඩි අතර සැන්දෑ සමයේදී පවා හරකුන් යොදාගෙන බදුළු වෙලේ සීසාමින් සිටි මිනිසුන් දැක බුදුන් වහන්සේගේ දෑසීන් කඳුළු බිංදු වැටුන අතර එම කඳුළු බිංඳු මුතු ඇට වී එක් රැස් වූ තැන සොලොස්මස්ථාන වලින් එකක් වන මුතියංගණයට නම පබැඳුන බව අසා ඇත්තෙමි. මෙතනදී නමුණුකුල කන්දේ ශ්‍රි පාදය නොතිබුණද, හරකුන් යොදාගෙන සී සාන මිනිසුන් පිළිබදව බුදුන් වහන්සේ සංවේග උපදවන්නට ඇත්තේ හෙළ දිවයිනේම උතුරු කොටසේ සිටි මිනිස් කොඨ්ඨාශයක් විසින් දියුණු තාක්ෂණික ක්‍රම භාවිතයෙන් ගොවිතැන් කිරීම පිළිබදව උන්වහන්සේ දැන සිටි නිසා දෝ යැයි සිතේ.
‘කුඩු නැත්තා වූ ද පොතු නැත්තා වූ ද පිරිසිදුවූ සුවඳ ඇති සහල් ඵලකොට ඇති හැල් රන් සැළියෙහි ලා (ජොති පාසාණ නම් ගල් උණුසුමෙන්) පිස ඒ සැළියෙන් ගත් කෑම කති.
ඔවුන් ඉන්ධන වශයෙන් දර පාවිචිචි නොකර මෙම ජෝති පාසාණ නැමැති ගල් භාවිතයෙන් ආහාර පිසුවා නම් ඒ ගල් අඟුරු විය හැක.
‘ඔව්හු ගව දෙනකු එක් කුර ඇති වාහනයක් කොට දිශානුදිශාවන්හි සංචාරය කරති. සිව්පා සතෙකු එක් කුර ඇති වාහනයක් කොට දිශානුදිශාවන්හි සංචාරය කරති.’
‘ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තරුණියක් හෝ තරුණයෙක් හෝ වාහනය කොට දිශානුදිශාවන්හි සංචාරය කරති.’
මෙලෙස ඔවුන් අශ්වකරත්ත හෝ ගොන් කරත්තද බාවිතා කල බවද, දෝලාවන් බාවිතයෙන් ගමන් කල බවද හදුනාගත හැක.
‘ඒ රජහුගේ පිරිවර වූ ඔව්හු වාහනවල නැඟ සියලු දිශා වටකොට ඇවිදිති. යස පිරිවර ඇත්තා වූ වෙසවුණු මහ රජ හට ඇත් යානා ද, අශ්ව යානා ද, දිව්‍ය යානා ද,ප්‍රාසාදද , සිව් ගෙවල් ද, උඩුමහල් ගෙවල් ද රන්සිවි ගෙවල් ද වන්නාහ.’
‘ඒ රජ හට අහස්හි (උස් ස්ථාන හෝ උසට මවන ලද) ආටානාට, කුසිනාට, පරකුසිනාට,නාටපුරියා, පරකුසීතනාට යන නගරයෝ වූවාහුය.’
‘උතුරු දිශාවෙන් කපීවන්ත නම් නුවරෙක, ඊට බස්නාහිර දිශාවෙන් ජනොය නවනවුතියය, අම්බර, අම්බරවතියය යන නගර හා ආනකමන්දා නම් රාජධානිය ද වන්නාහුය.’
මෙහි සඳහන් වන නගර දෙස බැලූ කල බුදුන් වහන්සේ පිරිනිවන් පෑ කුසිනාටාව හෙවත් කුසිනාරාවද මෙම උතුරු කුරු දිවයින තුල හෙවත් යක්ඛ හෙලය තුලම පිහිටා ඇති තවත් නගරයක් බවත්, ආලකමන්දාව නමින් හැදින්වෙන රාජධානියද යක්ඛ හෙලට බස්නාහිරින් පිහිටි බවත් පැහැදිලි වේ. මෙම ආලකමන්දා රාජධානිය සීගිරිය යැයි උපකල්පනය කිරීමෙන් අපට මේ පිළිබදව දළ සිතියමක් මවා ගත හැක.
‘නිදුකාණන් වහන්ස, කුවෙර නම් මහ රජහුගේ විසාණා නම් රාජධානියක් ද ඇත්තීය. ඒ කාරණයෙන් කුවෙර නම් මහ රජ තෙම වෛශ්‍රවණයයි කියනු ලැබේ.
වෙන වෙනම කරුණු පරීක්‍ෂා කර කියන්නා වූ තතොලාය, තත්තලාය, තතොතලාය,ඔජසිය, තෙජසිය, තතොජසිය, සුරය රාජය, අරිෂ්ටය, තෙමිය යන යක්‍ෂයෝ දොලොස් දෙනෙක් වෙති.
වෙසමුණි රජු කුවේර නමින්ද හැදින් වූ බවත්, එහි සිටි ප්‍රාදේශිය නායකන් පිළිබදවද සදහන්ව ඇති අතර රාවණ රජු සම්බන්ධව සෙවීමේදි විශ්‍රවස්‍ර මුණි හෙවත් වෙසමුණි රජුගේ දෙටුපුත් වූ කුවේර නම් ආලකමන්දාවේ සිටි රජකෙනෙක් ගැන අසන්නට ලැබේ. නමුත් ආටානාටියේ සඳහන් වන වෙසමුණි රජු යනු ඒ දෙදෙනාම නොවිය යුතුය. නමුත් එම පරපුරෙන් පැවැත එන පෙර සදහන් කලාක් මෙන් පෙළපත් නාමය විය හැක. ඒ නිසා කුවේර හා වෙසමුණි යන නම් දෙකම බාවිතා කලා විය හැක.
යමකින් ජලය ගෙන වර්ෂාව වසී ද, වර්ෂාව යමකින් පැතිරේ ද, ඒ රාජධානියෙහි වූ විලද ධරණී නම් වන්නීය. ඒ විල අද්දර යක්‍ෂයෝ නිතර රැස්වන භගලවතී නම් සභා ශාලාවද වන්නීය.
ඒ ශාලාව වටේට නිතර ගෙඩි ඇත්තා වූ ද, නොයෙක් කුරුළු සමූහයාගෙන් ගැවසුනා වූ ද, මොණරුන් කොස්වා ලිහිණින් හා කෝකිල ආදී පක්‍ෂීන් විසින් ද පවත්වන ලද සිත්පිනවන නාද වෘක්‍ෂයෝ ඇත්තාහ.
‘තව ද පොකුණෙහි නාද කරන ජීවඤ්ජීවක නම් කුරුල්ලෝද උට්ඨවචිත්තක නම් කුරුල්ලෝ ද, වන කුකුළෝ ද පියුම් වනයෙහි රන්වන් කකුළුවෝ ද, තල් රෙහෙරු ද හැසිරෙන්නාහ.’
‘මේ පොකුණෙහි ගිරා සැළලිහිණින්ගේ ශබ්ද ඇත්තේය. දණ්ඩ මාණවක නම් පක්‍ෂීහු ද හැසිරෙන්නාහ. ඒ කුවෙර නම් මහ රජුගේ පොකුණ හැම කල්හි එකම ආකාරයෙන් බබළන්නීය.’
‘යස පිරිවර ඇත්තා වූ ඒ මහ රජ තෙම යම් දිශාවක් ආරක්‍ෂා කෙරේද ඒ දිශාව උතුරු දිශාව යයි මෙසේ ජනතෙම ඒ දිශාවට කියන්නේය.’
යක්‍ෂයන්ට අධිපති වූ කුවෙර යන නමක් ඇත්තා වූ ඒ වරම් රජ තෙම යක්‍ෂ සේනාවන් විසින් පිරිවරන ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරන්නේය.
ඉන්ද්‍රය යන නම් ඇත්තා වූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තා වූ බොහෝ පුත්‍රයෝ ද ඇත්තාහයි මා විසින් අසන ලදි.
මෙලෙස උතුරු කුරු දිවයින හෙවත් යක්ඛ හෙලය පිළිබදව හා තමන් පිළිබදව හදුන්වාදෙන වෙසමුණි රජු මෙලෙස ආටානාටිය නැමැති සම්මුතිය ප්‍රකාශ කර ඇත.
9. ‘නිදුකාණන් වහන්ස, ඒ මේ ආටානාටිය පිරිත වනාහී භික්‍ෂූන්ට ද, භික්‍ෂුනියන්ට ද,උපසකවරුන්ට ද, උපසිකාවරුන්ට ද ආරක්‍ෂාව පිණිස ද සැපසේ විසීම පිණිස ද නොවෙහෙසීම පිණිස ද වන්නීය. ´´නිදුකාණන් වහන්ස, ඔවුන් අතුරෙන් යම්කිසි කෙනෙක් මේ ආටානාටිය නම් ආරක්‍ෂාව යහපත්ව ඉගෙන දැනගන්නා ලද්දී ද, අක්‍ෂරපද නොපිරිහෙලා සම්පූර්ණ කොට ඉගෙන ගන්නා ලද්දී ද, ඉදින් යම් අමනුෂ්‍ය වූ යක්‍ෂයෙක් වූවෙක් හෝ ගාන්ධර්වයෙක් වූවෙක් හෝ කුම්භාන්ඩයෙක් වූවෙක් හෝ නාගයෙක් වූවෙක් හෝ නපුරු සිත් ඇතිව භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ උපසකයකු හෝ උපසිකාවක් හෝ යන්නහු පසුපස්සේ යන්නේ හෝ වේද සිටියහු ලඟ සිටින්නේ හෝ වේ ද, හිඳින්නහු ලඟ හිඳින්නේ හෝ වේ ද, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙම මාගේ ගම්වල හෝ නියම්ගම් වල හෝ සත්කාරයක් හෝ ගරුකිරීමක් හෝ නොලබන්නේය. මාගේ ආලකමන්දා නම් වූ රාජධානියෙහි වාසය කිරීමට තැනක් හෝ සථිර වාසයක් හෝ නොලබන්නේය. මාගේ යක්‍ෂයන්ගේ සමාගමට යන්නට ද නොලබන්නේය. තවද ඔහු අමනුෂ්‍යයෝ ආවාහ විවාහයන්ට නුසුදුස්සෙකු ද කරන්නාහුය. නිදුකාණන් වහන්ස,තව ද ඔහුට අමනුෂ්‍යයෝ ඔහුගේ ආත්මභාවහ දක්වා සම්පූර්ණ පද ශබ්ද ඇති අපහාස වචන වලින් නින්දා කරන්නාහුය. තවද ඔහුගේ හිසෙහි අමනුෂ්‍යයෝ හිස් වූ ලෝහ පාත්‍රයක් ද මුනින් නමන්නාහුය. තව ද ඔහුගේ හිස ද සත් කඩක් කොට පළන්නාහුය.’
වර්තමානයේ වුවද සමාජයේ රුදුරු ගති සහිත, තිරිසන් ගති සහිත,පාපකාරී මිනිසුන් දක්නට ඇති අතර අතීතයේදිද එසේවන්නට ඇත. අමනුෂ්‍ය යනුවෙන් මෙතනදී අදහස් කර ඇත්තේ ලබාගන්නට අමාරුවූ මිනිස් ආත්ම බාවයක් ලබාගෙන මනුෂ්‍ය නොවන ගති ලක්ෂණයන්ගෙන් සමන්විත වූ මිනිසුන් පිළිබදවය. එවැන් වූ මිනිසුන් සිව්හෙළයේ යක්ඛ, කුම්භාණ්ඩ,නාග හා ගාන්ධාර්ව යන කොට්ඨාශ සියල්ලෙම සිටින්නට ඇත. මෙය වූ කලි එවන් වූ මිනිසුන්ගෙන් බුදුදහම හා එහි ශ්‍රාවකයන් රැකීමටද, එවැන් වූ මිනිසුන් නැවතත් මනුෂ්‍ය ගති ඇතතන් බවට පත්කිරීම උදෙසා සතරවරම් රජවරු ඇතුළු සිව්හෙළයම ඇතිකරගත් සම්මුතියක් මිස යකුන් එළවීමට කියනා මන්තරයක් නොවන බව වටහාගත යුතුය.
10.’නිදුකාණන් වහන්ස, රෞද්‍ර වූ නපුරු ගති ඇති එකට එක කරන්නා වූ අමනුෂ්‍යයෝ ඇත්තාහුය. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් රජදරුවන්ගේ ද, සතරවරම් මහරජ දරුවන්ගේ ද, අමාත්‍යයන්ගේ ද, යක් සෙනෙවියන් වෙනුවට සිටින්නන්ගේ ද වචනය නොපිළිගනිත්. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජ දරුවන්ට අකීකරු වූවෝ යයි කියනු ලැබෙත්.’
‘නිදුකාණන් වහන්ස, එපරිද්දෙන්ම නපුරු ගති ඇති රෞද්‍ර වූ එකට එක කරන්නා වූ අමනුෂ්‍යයෝ ඇත්තාහුය. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජ දරුවන්ගේ වචනය නොපිළිගනිත්. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජ දරුවන්ට අකීකරු වූවෝ යයි කියනු ලැබෙත්.’
මෙම සම්මුතියෙන් බැහැර වන්නා වූ එවැන් වූ රෞද්‍ර නපුරු ගති වලින් යුක්ත, අමනුෂ්‍යන් මෙන් හැසිරෙන්නා වූ ගාන්ධාරව,යක්ඛ, කුම්භාණ්ඩ හා නාග යන කොටස් වලට අයත් වූවන්ද, එකට එක කරන්නා වූ මෙම කොටස් සතරවරම් රජවරුන්ට අකීකරු වූවන් යැයි සලකුණු ලැබේ.
‘නිදුකාණන් වහන්ස, යම්කිසි අමනුෂ්‍ය යක්‍ෂයෙක් වූවෙක් හෝ ගාන්ධර්ව වූවෙක් හෝ කුම්භාණ්ඩයෙක් වූවෙක් හෝ නාගයෙක් වූවෙක් හෝ නපුරු සිතින් භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා යන්නහු සමඟ (පසුපස්සේ) යන්නේ හෝ වේ ද, සිටියහු ළඟ සිටින්නේ හෝ වේ ද, හිඳින්නහු ළඟ හිඳින්නේ හෝ වේ ද, නිදාගන්නහු ළඟ නිදාගන්නේ හෝ වේ ද මේ යක්‍ෂ තෙම අල්වන්නේය. මේ යක්‍ෂ තෙම ආවේශ වන්නේය. මේ යක්‍ෂ තෙම පීඩා කරන්නේය. මේ යක්‍ෂ තෙම විශේෂයෙන් පීඩා කරන්නේය. මේ යක්‍ෂ තෙම හිංසා කරන්නේය. මේ යක්‍ෂ තෙම විශේෂයෙන් හිංසා කරන්නේය, කියා ප්‍රධාන යක්‍ෂ වූ යක්‍ෂ සේනාවට අධිපති වූ එහෙයින්ම මහා සේනාපති වූ මේ යක්‍ෂයන්ට යක්‍ෂ තෙම නොගරහන්නේයයි ඝෝෂා කොට දැන්විය යුතුය. ශබ්ද නඟා කිය යුතුය. මුරගා කිය යුතුය. කවර කෙනෙකුටද යත්?’
මේ ආකරයෙන් සම්මුතියක් පනවා තිබියදී පවා, බෞද්ධ ශ්‍රාවකයන්ට හිරිහැර කරන්නා වූ මෙම කොඨ්ටාශවලට  මෙම ක්‍රියා නැවැත්වීම උදෙසා පත්කර ඇති සිව්හෙළයෙන්ම සමන්විත සේනාධිපති වරුන්ට පැමිණිලි කල යුතුබව සදහන් කර ඇත. ඒ සෙන් පතියන්ගේ නම් පහතින් දැක්වේ.
‘ඉන්ද්‍රය, සොමය, වරුණය, භාරද්වාජය, ප්‍රජාපතීය, චන්දනය, කාමසෙට්ඨය, කිණ්ණුණ්ඩුය, නිණ්ඩුය.’ 
‘පණාදය, ඔපමඤ්ඤය, දෙවසූතය, මාතලීය, චිත්‍රසෙනය, ගන්ධර්වය, නළය, රාජය, ජනෙසභය, සාතාගිරය, හෙමවතය,  පුණ්ණකය,  කර්තීයය,  ගුලය, සීවකය,  මුචලින්දය, විශ්වාමිත්‍රය,  යුගන්ධරය.’
‘ගොපාලය, සුප්පගෙධය, හිරිය, නෙත්තිය, මන්දිය, පඤ්චාලචණ්ඩය, ආලවකය, පජ්ජුන්නය, සුමනය, සුමුඛය, දධීමුඛය, මනිමානීචරය, දීය (යන යක්‍ෂ සේනාධිපතීහු ද) තව ද,  මොවුන් හා එක්ව සෙරිස්සක නම් යක්‍ෂයෙක් ද ඇත්තේය.’
මෙ අතරින් පැහැදිලිවම ඉන්ද්‍රය, මාතලීය යන සෙන්පතීන් දේව හෙළය හෙවත් ගාන්ධරව හෙළයෙන්ද, සතාගිරය, හෙමවත, ආලවකවය යන සෙන්පතින් යක්ඛ ළෙයෙන්ද, මුචලින්ද යන යන සෙන්පති නාග හෙළයෙන් බව බෞද්ධ සාහිතයේදී, හා ඉතිහාසයේ එක් එක් ස්ථාන වලදී හමු වීමෙන් පැහැදිලිව හදුනාගත හැක. කුම්භාණ්ඩ හෙළයෙන් සෙන්පතින්ද මේ තුල සිටිනා නමුත් කවරෙක්ද යැයි නිසි ලෙස පැවසීමට තරම් මා දැනට ඉගෙන ගත් ප්‍රමාණය ප්‍රමාණවත් නොව්.
‘නිදුකාණන් වහන්ස, ඒ මේ ආටානාටිය ආරක්‍ෂාව වනාහි භික්‍ෂූගේ ද භික්‍ෂුණීන්ගේ ද උපාසකයන්ගේ ද උපාසිකාවන්ගේ ද ආරක්‍ෂාව පිණිස ද, (යක්‍ෂොපද්‍රව වලින්) නොවෙහෙසීම පිණිස ද, සුවසේ විසීම පිණිස ද පවත්නේය.
ඉක්බිත්තෙන් සතරවරම් රජදරුවෝ උන් ආසන වලින් නැඟිට භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කොට ප්‍රදක්‍ෂිණා කොට එතැන්හිම අන්තර්ධාන වූවාහුය.’
ඒ (අනිකුත්) යක්‍ෂයෝ ද, උන් ආසන වලින නැඟිට සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට එතැන්හිම නොපෙනී ගියාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූවාහුය, සතුටුවිය යුතු වූ සිහිකටයුතු වූ කථා පවත්වා එතැන්හිම නොපෙනී ගියාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට ඇඳිලි බැඳ නමස්කාර කොට එහිම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් තමන්ගේ නාම ගෝත්‍ර කියා එතැන්ම අතුරුදහන් වූහ. සමහර කෙනෙක් තුෂ්ණීම්භූත වූවාහු (කිසිවක් නොකියා) එතැන්හිම නොපෙනී ගියාහුය.’
සම්මුතිය පිහිටුවීමෙන් අනතුරුව සතරවරම් රජවරු මෙලෙස තමන්ගේ රාජධානි කරා නැත පිටත්ව ගිය බවදැක්වේ. එහිම අතුරුදහන් වූවා යැයි සදහන් කරන්නේ ඔවුන් තමන්ගේ රාජධානි කරා විමාන වලින් හෝ වෙනත් දියුණු ගමන් ක්‍රම මගින් පිටත්ව ගිය ආකාරය විය හැක.
(පළමුවන මණවර නිමි.)
10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් භික්‍ෂූන්ට කථාකර ආටානාටි පිරිත දෙවියන් යම්සේ කීවේ ද එසේම භික්‍ෂූන්ට ද වදාළ සේක.
‘මහණෙනි, ආටානාටිය නම් පිරිත උගනිව්. නිතර පුහුණු කරව්. සිත්හි ලා ගනිව්. වැඩදායක වන්නේය. භික්‍ෂූන්ගේ ද භික්‍ෂණීන්ගේ ද උපාසකයන්ගේ ද උපාසිකාවන්ගේ ද ආරක්‍ෂාව පිණිස ද, පීඩානොවීම පිණිස ද, සුවසේ විසීම පිණිස ද වන්නේය’යන මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සතුටු සිත් ඇත්තා වූ භික්‍ෂූහූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටු වූවාහුය.
තිස්දෙවෙනි වූ ආටානාටිය සූත්‍රය නිමියේය.
බෞද්ධයාගේ ආරක්ෂාව, බුදුදහමේ ආරක්ෂාව පිරිස බුදුන් වහන්සේ ඉදිරයේම සිව්හෙළයේ අධිපතිවරුන් විසින් ඇතිකරගත්තා වූ සම්මුතිය බුදු සසුනේ හා බෞද්ධයන්ගේ ආරක්ෂාව පිණිස සියළු මහණුන් වහන්සේලාට නිතර පුහුණු කිරීමට බුදුන්වහන්සේ උපදෙස් දෙන ලද්දේ මතුවටත් එම සම්මුතීන් එලෙසම පැවීතීමටය. නමුත් වර්තමානයේ අපේ සමාජය මෙලෙස අපේ මුතුන්මිත්තන් බුදුදහම රැකීමට ඇති කරගත් සම්මුතිය, අපේ මුතුන් මිත්තන් අමනුෂ්‍ය කොඨ්ටාශ වලට හරවා ඔවුන් එලැවීමට ගායනා කරන්නෙමු. ආටානාටිය කියවන්න, ඒ වගේම විමසන්න එවිට සත්‍ය වටහා ගත හැක.
අද සතාගිර, හෙමවත, ආලවක හෝ මුචලින්ද, විශ්වමිත්‍ර, යුගන්දර හෝ මාතලීය, ඉන්ද්‍ර, වරුණ සෙන්පති වරු නැත. නමුත් බුදුදහමට ඇති වන්නා වූ තාඩන පීඩන, බෞද්ධයන්ට ඇතිවන්නා වූ හිරිහැර එසේම පවතී. මේ නැවතත් ආටානාටිය සම්මුතියක් ඇතිකරගැනීමට කාලයයි. බුදුදහම හා බෞද්ධයන් රැකගැනීමට කාලයයි.
- seuslsla.blogspot