Powered By Blogger

Tuesday, May 29, 2012

පමා නොවී හැසිරිය යුතු දහම් පිළිවෙත....

පමා නොවී හැසිරිය යුතු දහම් පිළිවෙත


නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
උත්තිටෙඨ නප්පමජෙජය්‍ය
ධම්මං සුචරිතං චරෙ
ධම්මචාරී සුඛං සේතී
අස්මිං ලෝකේ පරම්භි ච
ඉහත සඳහන් ගාථාව ධම්මපදයට අයත් ගාථා දේශනාවකි. මෙම ගාථාවේ ‘නප්පමජෙජය්‍ය’ යන වචනයේ අදහස වනුයේ නොපමාවීමය. මැලිකම්, අලසකම් අතහැර කළයුතු කුසල දහම්හි මනා සිහියෙන් යුතුව විසීමය. දාන, සීල භාවනාදී සියලු කුසල ධර්මයන්හි නොපමා බවය. නැතහොත් නිතර එළඹ සිටි සිහියෙන් යුතුව විසීමය. කෙලෙස් වසඟ නොවීමෙන් වන නොපමා බවය. කළයුතු සුසිරිත (කුසල්) වැඩීම්, වශයෙන් කෙලෙස් මඩිනු සඳහා නොමුලා සිහි ඇතිව විසීමය. ඒ පිනට නොපමා බව හැම සුවයකටම හේතු වන්නකි. ‘ධම්මං සුචරිතං චරේ’ යන්නෙන් ධර්මයෙහි මනාව හැසිරිය යුතු බව කියැවේ. මෙහිදී ධාර්මික සිතකින් ක්‍රියා කිරීම වැදගත් වනු ඇත. යමක් තීරණය කිරීමේ විනිසුරු නම් තමාගේ සිතයි. දැහැමිව විසීමට නම් තමාගේ සිත සතර අගතියෙන් තොර විය යුතුය. මේවායෙන් අගතියට යන්නේ නම් ඔහුගේ ජීවිතය නියම මග ගමන් නොකරයි. නියම මඟ ගමන් නොකරන ජීවිතයට දහසක් කරදර ළඟා වෙයි. එසේ වනුයේ සිය සිත අධාර්මිකව හැසිරුණහොත් පමණකි. අපගේ සිත කෙබඳු තත්ත්වයක පවතී ද? යන්න අප විසින්ම විමසා බැලිය යුතු වේ. ජන්දයෙන් අගතියට ගොස් දූ දරු හිත මිතුරුකම් නිසා යුක්තිය පැහැර හරින්නේද ද්වේශයෙන් දූෂිතව සත්‍යය අසත්‍යය කෙරෙන්නේද? බියෙන් ත්‍රස්තව මනුෂ්‍ය ධර්ම වෙනස් කොට දීනයකු කරන්නේද? මෝහයෙන් මුලා වූ මෝඩකම් කරන්නේද? එසේ වුවහොත් අපට අපගේ් ජීවිතය මහත් කරදරයක් වන්නේය. අද අදම සතර අගතියෙන් වෙන්ව අපගේ් සිත ධාර්මිකව හැසිරීමෙන් සැපවත් ජීවිතයක් ගත කිරීමට උත්සාහ කළ යුතුය.
අපගේ ජීවිතයේ යථා ස්වභාවය මැනවින් අවබෝධ කරගෙන ජීවත් විය යුතුයි. මේ ලෝකයෙහි නොදිරන නොමැරෙන දෙයක් නැත්තේය. ලෝකයේ සියල්ල වෙනස් වෙයි. ස්වභාව ධර්මානුකූ®ලව නිර්මාණය වූ දෙය ස්වභාව ධර්මයේ කැමැත්ත පරිදි පැවතිය යුතුයි. වෙනස්විය යුතුය. එහෙත් වෙනස් නොවන නොදිරන නොමැරෙන දෙයක් ඇත්තේය. එනම් සත්‍යයයි. සත්‍ය නම් කවරේද? යනු අපගේ් සිත දනියි. සුගතිගාමී නොවූ අපගේ පිරිසුදු චිත්තයෙහි ආරම්මණය සත්‍යය නම් වේ . සත්‍ය දැකීමට පෙර සත්‍ය දැනීමට සුදුසු තත්ත්වයට සිත පමුණුවා ගත යුතුය. සිත අපිරිසුදු නම් සත්‍යය නොදනියි. අපගේ උත්සාහය බලය යෙදිය යුත්තේ් නොදිරන නොමැරෙන දෙය එකතු කිරීමට බව නිතර සිහි කළ යුතුය. වහ වහාම සත්‍යය සෙවිය යුතුය. සත්‍යයේ අයිතිකාරයෙක් විය යුතුය. පිරිසුදු චිත්තය අප සත්‍යය කරා පැමිණවීමට සමත් වේ. ‘ධම්මං සුචරිතං චරේ’ යැයි සඳහන් වන්නේ දහමින් මනාකොට හැසිරීමය. රැකීම්, පිළිපැදීම් වශයෙන් වැඩිය යුතු පිරිය යුතු දහම්හි යහපත් කොට නියැලීමයි.
‘සුඛං සේති’ සුවසේ වාසය කිරීමයි. දුකසේ ලත් මිනිසත් බව සපල කර ගැනීම සඳහා මෙලොවදී රැස් කළ කුසල් දහම් සිහි කොට බලා සතුටින් විසීමය. පරලොව සුගති භවයක ඉපිද උසස් සැප විඳිමින් බොහෝ සේ සතුටින් විසීමය. මේ මහණ මෙලොව හා පරලොව සුවසේ නිදන්නේය. තම සිත නැසුණු මත් ඇත්තක් කොට ගෙපිළිවෙලින් හික්මවාගත් ඇස්, කන්, නාස් ආදිය ඇතිව කුකුස් නැතිව පිඬුසිඟා යන්නේ ලැබූ අහරින් යැපෙන්නේය. ලැබූ අහරට වඩා රසැති අහරක් නොපතන්නේ ය. මෙසේ වූයේම දොලොව සුවසේ හොවණේය. ආදීනව හේතුවෙන් ගෙදර, දොරෙහි උස් පහත්කම් නොසැලකිය යුතුය. කුල ගෝත්‍ර නොතැකිය යුතුය. ශ්‍රමණ ප්‍රතිපත්තියම සැලකිය යුතුය. අරියවංශ ප්‍රතිපදාවෙහි පිහිටාගත යුතුය. මේ තෙමේ ආය¸යන්ගේ ප්‍රවේණිය රකින්නේය. සදේවක ලෝකයාගේ් වන්දනා මාන ආදියට තැත් වන්නේ ය. ලෝකයාට ණය නැත්තේය. අනුන් යටතෙහි නොවන්නේ්ය. හැම තැන්හි විශාරද වන්නේ ය. මෙතෙමේ මෙලොව හැම ඉරියව්වෙහිම පරලොව හැම ඉරියව්වෙහිම අකම්පිත වේ. භය රහිත වේ. එහෙයින් දෙලොවෙහිම සුවසේ වසන්නේ ය.
එසේම අප තුළින් වන්නා වූ වැරැදි අවම කර ගැනීම උදෙසා සිත, කය, වචන යන තිදොර සංවර කරගත යතු වේ.
කයින් සංවරවීම ඉතා යහපත් වේ. කය කරණකොට සිදුවන තෙවැදෑරුම් අකුසලයනට අවකාශ නොදී සිත හික්මවා ගැනීම කළ යුතුය. කෙනෙකුගේ කය, වචන, සිත යන තිදොර සංවර නම් ඔවුහු ඉතා පිරිසුදු වෙති. ඒ දුසිරිත් නමැති කිළුටු තිදොරින් සෝදා හැරීමෙන් ඇතිවන පිරිසුදුකම අප රැකගත යුතුය. නුවණැන්තන් විසින් සංවර කළ යුතු ස්ථාන තුනක් ඇත. එනම් සිත, කය, වචනය යන තිදොරය.
අභිධ්‍යා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි යන තුන සංවර කර ගැනීම සිත සංවර කිරීමයි. මෙසේ සිත, කය, වචන යන තුන් දොරින් අකුසල් දහයක්ම මග හැරීමෙන් පුද්ගලයා මනා සංවරයෙන් යුතු අයෙකු බවට පත් වේ.
තුන් දොර සංවරය යනුවෙන් අදහස් කරන්නේද විනයෙහි හික්මීමයි. විනය වනාහි පැවිද්දන් පිළිබඳ විනය ගිහියන් පිළිබඳ විනය යැයි දෙවැදෑරුම්ය. ඒ පුද්ගලයන් කිළිටි නොවීමෙන් සැප එළවන බැවින් උත්තම වූ මංගල නම් වේ. තමාගේ කායාදී ද්වාරත්‍රය ආරක්ෂා නොකොට වරදට අසුවීම ගිහි- පැවිදි දෙපක්ෂයටම තමා විසින් ලැබිය යුතු වූ සම්පත්වලට අන්තරායකර වේ.
මාතෘකා ගාථාව දේශනා කිරීමේ හේතු වූ නිදාන කථාව වන්නේ කිඹුල්වත නිග්‍රෝධාරාමයට බුදුරදුන් බුදු වී පළමු ගමන වැඩි සේක. ඒ සමඟ වැඩි සව් පිරිස රහතන් වහන්සේ විසි දහසකි. එහිදී පිය මහ රජ තුමන් වූ සුද්දෝධන මහරජතුමා ඇතුළු නෑ සමූහයට දහම් දෙසා පැහැද වූ සේක. පිය රජතුමා ‘මාගේ පුතණුවන් වහන්සේ රහතන් වහන්සේ සමඟ සිය මාලිගයට දන්වැළදීම සඳහා වඩිනු ඇතැයි සිතා ආරාධනා නොකොට ගොස් දන් පිළියෙළ කිරීම හා අසුන් පැනැවීම කෙළේය.
දෙවන දවස බුදුරජාණන් වහන්සේ පෙර බුදුවරයන් පිය රජතුමන්ගේ නුවර දී ගෙ පිළිවෙළින් පිඬු පිණිස වැඩි බැව් දැක ගෙ පිළිවෙළින්ම පිඬු පිණිස වැඩිසේක. පිය රජතුමා ඒ බැව් අසා ඉදිරියට අවුත් වැඳ මෙසේ පැවසීය.
පුතණුවනි, බුදුරදුන් වහන්ස මා විළි නො ගන්වන්න. සිය මාලිගයේ සියලු දෙනා වහන්සේට දන් පිළිවෙළ කොට අසුන් පනවා තිබිය දී මෙසේ පිඬු පිණිස වඩින්නේ ඇයි?
මහරජ, ඔබ විළි ගැනෙන්නට, කරුණක් නැත. මම මාගේ කුල පරපුර සිරිත පවත්වමියි බුදුරදුන් වදාළහ. කිමෙක්ද? පුතණුවෙනි, අපගේ කුල පරපුර ගෙපිළි වෙළින් පිඬු සිඟා ඇවිදින්නාහු වෙද්ද? යි රජතුමා විමසීය.
මහරජ, මේ ඔබ පරපුර නොවේ. මාගේ කුල පරපුරයි. එයට අයත් සිරිත මම පවත්වමි යි බුදුරදුන් වදාළහ.
අනතුරුව නොපමාව දහම්හි මනා ලෙස හැසිරිය යුතු බවද දහම්හි මනාලෙස හැසිරෙන තැනැත්තා මෙ ලොව පර ලොව සුවසේ වෙසෙන බවද වදාරා ඉහත දැක් වූ ගාථාව වදාරා පිය මහරජතුමන් සෝවාන් ඵල පිහිටුවා නිවන් මඟ හෙළි කළ සේක. අපද නොපමාව පින් දහම්හි නිරතව පස්පව්, දස අකුසල් දුරලා දාන සීලාදී පින් දහම් කොට මෙලොව සහ පරලොව දිනාගෙන සසර දුකින් මිදී කෙළවර අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

Wednesday, May 23, 2012

ඔබ මේ ජිවිත කාලයෙහි..................

01)     ඔබ මේ ජිවිත කාලයෙහි සමාජයේ පිළිගත් වැදගත් පුද්ගලයෙකු වීමට හේතුව කුමක්ද?
ඉහත ආත්මයේ ඔබ බුද්ධ ප්‍රථිමා නිර්මාණය කිරිමේ කුසලය එයට හේතුවයි.

02)     ඔබට මේ ජීවිත කාලයෙහි ගමන් පහසුව සදහා විවිධ වාහන ලැබීමේ හේතුව කුමක්ද?
ඉහත ආත්මයේ ඔබ අන් අයගේ පහසුව සදහා පාරවල්, පාලම් සෑදීම සහ පිලිසකර කිරිම
එයට හේතුවයි.

03)     ඔබට මේ ජිවීත කාලයෙහි හොද ඇදුම් පැළදුම් ලැබීමට හේතුව කුමක්ද?
ඉහත ආත්මයේදී ඔබ ගුණ යහපත් පැවදී උතුමන්ට සිවුරු පිරිකර පිරිනැමිම එයට හේතුවයි.

04)     ඔබට මේ ජිවීත කාලයේහි රසවත් කෑම බීම ලෑබීමට හේතුව කුමක්ද?
ඔබ ඉහත ආත්මයේදී දුප්පතුන්ට රස ආහාර පිළිගන්වා තිබිම එයට හේතුවයි.

05)     ඔබ කැම බීම නැතිව දුක් වීදීන්නේ ඇයි?
ඔබ ඉහත ආත්මයේදී පරිත්යාග නොකර තද මසුරුව ජිවත්විම එයට හේතුවයි.

06)     ඔබට මේ ජීවිත කාලයෙහි හොද නිවාස හා ගොඩනැගිලි ලැබීමට හේතුව කුමක්ද?
ඉහත ආත්මයේදී ඔබ සිල්වත් ගුණවත් පැවිදි උතුමන්ට දානය පිළිගන්වා තිබිම එයට හේතුවයි.

07)     ඔබට මේ ජිවීත කාලයෙහි සන්තෝෂයක් දියුණුවක් ඇතිවීමට හේතුව කුමක්ද?
ඉහත ආත්මයේදී ඔබ පන්සල්,ආරාම,සමාජයේකාටත් පරිහරණය කළ හැකි පොදු ස්ථාන
සාදා තිබීම එයට හේතුවයි.

08)     ඔබ මේ ජීවිත කාලයෙහි ලස්සන, කඩවසම් වී සිටිමට හේතුව කුමක්ද?
ඉහත ආත්මයේදී ඔබ ගෞරවාන්විතව බුදුන්ට මල් පහන් පුජා කර තිබිම එයට හේතුවයි.

09)     ඔබට මේ ජිවිත කාලයේදී ගුණවත් බව සහා උගත්කම ලැබීමට හේතුව කුමක්ද?
ඉහත ආත්මයේදී ඔබ සැදැහැවත් බෞද්ධයෙක් වීමත්,මත්ද්රීවිය,මස්,මාOශ වලින්
වැලකී එළවලු පමණක් ආහාරයට ගැනීමත් එයට හේතුවයි.

10)     ඔබ මෙ ජිවිත කාලයේදී අන් අයට ප්‍රිය මනාප පුද්ගලයෙකු වීමට හේතුව කුමක්ද?
ඉහත ආත්මයේදී ඔබ හොදින් නෑදෑ සබදකම් පවත්වා තිබිම එයට හේතුවයි.

11)     ඔබ මේ ජිවිත කාලයේදී ඉතා විශ්වාසවන්ත ස්වමිභාර්යා සම්බන්ධතාවයක්
පැවැත්විමට හේතුව කුමක්ද?
ඉහත ආත්මයේදී ඔබ ඉතා අලOකාර ලෙස බුදු මැදුරු, ලස්සන තිර රෙදි, බුමුතුරුණු
දමා අලOකාර කර තිබීම එයට හේතුවයි.

12)     ඔබට මේ ජීවිත කාලයේදී මාපියන් දෙදෙනාම සිටිමට හේතුව කුමක්ද?
ඉහත ආත්මයේදී ඔබ තනි වු අසරණ අයට ගෞරවාන්විත ලෙස උදව් උපකාර කර තිබීම එයට හේතුවයි.

13)     ඔබ මේ ජිවීත කාලයේදී කවුරුත් නැති අනාථයෙක් විමට හේතුව කුමක්ද?
ඔබ ඉහත ආත්මයේදී බුද්ධ දේශනා මුද්රවණය කර බෙදාහැර තිබිම එයට හේතුවයි.

14). ඔබ මේ ජිවිත කාලයේදී කවුරුත් නැති අනාථයෙක් විමට හේතුව කුමක්ද?
ඔබ ඉහත ආත්මයේදී සතුන්ට හිරිහැර කිරිම හා කුරුල්ලන්ට කැටපෝල වලින් විද
හිරිහැර කිරිම එයට හේතුවයි.

15) ඔබගේ මේ ජීවිත කාලයේදී තරුණ දරුවන් මරණයට පත්වන්නේ ඇයි?
ඔබ ඉහත ආත්මයේදී දරුවන් පවුලට කරදරයක් යැයි සිතා නිනාශ කර දැමීම එයට හේතුවයි.

16) ඔබ මේ ජිවීත කාලයේදී දාසියක් වීමට හේතුව කුමක්ද?
ඔබ ඉහත ආත්මයේදී සමාජ සම්මතයන්ට පිටුපා ගුණමකු වී සිටිම එයට හේතුවයි.

17) ඔබ මේ ජීවීත කාලයේදී අන්ධයකු වීමට හේතුව කුමක්ද?
ඔබ ඉහත ආත්මයේදී සත්ය වසන් කර අන් අය මුලා කර තිබිම එයට හේතුවයි.

18) ඔබ මේ ආත්මයේදී කට ඇඳ වී ඉපදීමට හේතුව කුමක්ද?
ඔබ කලින් ආත්මයේදී බුදුගෙයි මල් ආසන මත දැල්වෙමින් තිබු පහන් සිතා මතා
කටින් පිඹ නිවා දැමීම එයට හේතුවයි.

19) ඔබ මේ ජීවිත කාලයේදී ගොළු සහ බිහිරිව ඉපදීමට හේතුව කුමක්ද?
ඔබ ඉහත ආත්මයේදී දෙමාපියන්ට බැණ වැදී තිබිම එයට හේතුවයි.

20) ඔබ මේ ජීවිත කාලයේහී කුදූ වී සිටින්න්නේ ඇයි?
ඔබ ඉහත ආත්මයේදී බෞද්ධයින්ට සමච්චල් කර තිබිම එයට හේතුවයි.

21) ඔබ මේ ජිවිත කාලයේදී අත්පා වාරු නැතිව ඉන්නේ ඇයි?
ඔබ ඉහත ආත්මයේදී අත් පා වලින් දුෂ්ථ වැඩ කර තිබිම එයට හේතුවයි.

22) ඔබ මේ ජීවිත කාලයෙදී අබ්බගාතයකු වීමට හේතුව කුමක්ද?
ඔබ ඉහත ආත්මයේදී සොරකම් කර තිබිම එයට හේතුවයි.

23) ඔබ මේ ආත්මයේදී සුව නොවන රෝගයකින් පෙළෙන්නේ ඇයි?
ඔබ ඉහත ආත්මයේදී සිල්වත් භික්ශුන්හට මස් මාංශ පිළිගන්වා තිබීම එයට හේතුවයි.

24) ඔබ මේ ජීවිත කාලයේදී හොඳ ශරීර සෞඛයෙන් යුක්ත වීමට හේතුව කුමක්ද?
ඔබ ඉහත ආත්මයේදී රොගීන් සුව වීම සඳහා බෙහෙත් පිළිගන්වා තිබීම එයට හේතුවයි.

25) ඔබ මේ ජීවිත කාලයේදී හිරේ විලංගුවේ වැටිමට හේතුව කුමක්ද?
ඔබ ඉහත ආත්මෙයේදී අනුකම්පා විරහිතව දුෂ්ථ වැඩ වල නියලී තිබිම එයට හේතුවයි.

26) ඔබට මේ ජීවිත කාලයේදී වස බී මැරෙන්නට සිත් වන්නේ ඇයි?
ඔබ ඉහත ආත්මයේදී ගගට හෝ වතුරට වස දාමා තිබිම එයට හේතුවයි.

27) ඔබ මේ ජීවිත කාලයේදී මිටි වී ඉපදිමට හේතුව කුමක්ද?
ඔබ ඉහත ආත්මයේදී පොළොවේ දිගා වී දහම් පොත් ලීවිම සහ කියවීම කර තිබිම එයට හේතුවයි.

28) ඔබට මේ ජීවිත කාලයේදී ලේ වමනය යෑමටලක්වීමට හේතුව කුමක්ද?
ඔබ ඉහත ආත්මයේදී බුදුරදුන්ට වතාවක් කරන අතරම, මස් මාංශ අනුභව කර තිබිම එයට හේතුවයි.

29) ඔබට මේ ජීවිත කාලයේදී එල්ලී මැරීමට සිත් වන්නේ ඇයි?
ඔබ ඉහත ආත්මයේදී උගුල් අටවා සතුන් මැරීම එයට හේතුවයි.

30) ඔබ මේ ජීවිත කාලයේදී සහකරු හෝ සහකාරිය නැතුව සිටිමට හේතුව කුමක්ද?
ඔබ ඉහත ආත්මයේදී අන් අයට ඊර්ෂා කිරිම එයට හේතුවයි.

31) මෙ ජිවිත කාලයේදී ඔබගේ දේපල ගින්නෙන් හෝ විදුලියෙන් විනශ වීමට හේතුව කුමක්ද?
ඔබ ඉහත ආත්මයේදී වංචනික ලෙස වෙළඳාම් කර තිබිම එයට හේතුවයි.

32) ඔබ මේ ජීවිත කාලයේදී වන සතුන්ගෙන් හෝ සර්පයින්ගෙන් දෂ්ඨ් කිරිම් වලට
ලක්වන්නේ ඇයි?
ඔබ ඉහත ආත්මයේදී අන් අය කෙටවිම,කේලාම් කියා තරහා කර තිබිම එයට හේතුවයි.

33) ඔබට මෙ ජිවිත කාලයේදී වස්තුවට හිමිකම් නැතිව යන්නේ ඇයි?
ඔබ ඉහත ආත්මයේදී පුරුද්දක් ලෙස මල් විනාශ කර තිබිම එයට හේතුවයි

Tuesday, May 22, 2012

දෙවියන් ගැන ඔබ නොදත් තොරතුරු......


දෙවියන් ගැන ඔබ නොදත් තොරතුරු                         දෙවියන් පිළිබඳ නානා විධ මති මතාන්තර දුරාතීතයේ සිට පැවත එයි. බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් මිනිසුන් අතර දෙවියන් පිළිබඳ ගැටලු තිබූ බවට ත්‍රිපිටක තොරතුරුවලින් යම් යම් කරුණු අනාවරණය වෙයි. කොසොල් රජතුමා බුදුන් වහන්සේ බැහැදැක “කිමෙක්‌ද ස්‌වාමීනි දෙවියෝ ඇත්තාහුද? යනුවෙන් විමසා සිටි විට බුදුන්වහන්සේ පිළිතුරු දුන්නේ මෙසේය. “ඇයි මහරජ නුඹ කුමක්‌ හෙයින් දෙවියෝ ඇත්දැයි අසන්නෙහිද? යනුවෙනි. රජුගේ පැනයට නිසි පිළිතුර නොලැබුණද, රජු එයින් සෑහීමකට පත් වී පසුව වෙනත් ප්‍රශ්නයක්‌ ඇසීමෙන් රජුගේ ප්‍රශ්නය නිරාකරණය නොවීම නිසා අටුවාචාරී බුද්ධ ඝෝෂ හිමියෝ සැකය දුරු කරනු සඳහා බුදුන් වහන්සේගේ “පාඨය” මෙසේ විස්‌තර කරන ලද බව මඡ්ජිම නිකායේ “කණ්‌ණ කන්ඵල සූත්‍රයෙන්” එළි දැක්‌වෙයි. “මහරජ ඹබ කුමක්‌ නිසා දෙවියන් ඇත්දැයි අසන්නෙහිද?” යනුවෙන් බුදුන් වහන්සේ වදාළේ චාතුර් මහා රාජික දෙවියෝ ඇත්තාහ. තාවතිංශ, දෙවියෝ ඇත්තාහ, පරහිම්මිත වසවත්ති දෙවියෝ ඇත්තාහ. ඒ දේව විමාන වලට එහායින්ද (උඩින්) දෙවියෝ ඇත්තාහ. යනුවෙන් අර්ථ විවරණය කරමිණි.
මඡ්ජිම නිකායේ සංගාරව සූත්‍රයට අනුව, සංගාරව බමුණා දෙවියන් ඇත්ද, නැද්ද යනුවෙන් බුදුන් වහන්සේගෙන් විමසා සිටි අතර, බුදුන්වහන්සේ ඊට පිළිතුරු දී ඇත්තේ භාරද්වාජය ” මා විසින් දෙවියන් ඇත්දැයි කාරණයන්ට අනුව දැනගන්නා ලදී යනුවෙනි.” මෙම පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ සංගාරව බ්‍රාහ්මණයා යළි මෙසේ විමසීය. භගවත් ගෞතමයන් වහන්ස, ඔබ දෙවියන් ඇත්දැයි කාරණයන්ට අනුව දැන ගන්නා ලදැයි කීයෙහිය. මෙසේ ඇති කල්හි ඒ කීම හිස්‌ වූ බොරු කථාවක්‌ නොවන්නේද? ඊටද පිළිතුරු දුන් බුදුන්වහන්සේ භාරද්වාජය, දෙවියෝ ඇත්දැයි අසන ලද්දේ, දෙවියෝ ඇතැයි යමෙක්‌ කියන්නේද එකල්හි නුවණැති පුද්ගලයා දෙවියෝ ඇතැයි ඒකාන්ත වශයෙන් නිශ්චයකට පැමිණිය යුතුයි.” දෙවියෝ ඇත යනු ලෝකයෙහි ඉතා ප්‍රකට සම්මතයේ පවත්නා දෙයක්‌ වගද බුදුන්වහන්සේ අවධාරණය කළහ. මින් ගම්‍ය වන්නේ බුදුවරු ලෝක සම්මතය වෙනස්‌ කිරීමට කටයුතු නොකරන වගකි.
දෙවියන් පිළිබඳව අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයෙහි මෙසේ කියයි. දෙවියන් සම්මුති උප්පත්ති හා විසුද්ධි යනුවෙන් වර්ග තුනකට වෙන්වෙයි. සම්මුති දෙවියෝ යනු රජවරු බිසෝවරු හා රාජකුමාරයන් වෙති. උප්පත්ති දෙවියෝ ලෙස සැලකෙන්නේ චාතුම් මහාරාජික, දෙවියන්ගේ සිට එයින් උඩ සිටින දෙව්ලොව දෙවියන්ය. විසුද්ධි දෙවියෝ නම් රහත් ඵලයට පැමිණි වූවෝය.
මඡ්ජිම නිකායෙහි මහාසීහ නාද සූත්‍රයට අනුව දෙවියන්ද ඕපපාතික කොටසට වැටෙන්නේය. චාතුර් මහාරාජික දෙවියන්ගේ පටන් ඉහළ දිව්‍ය ලෝකවල දෙවිවරු ඕපපාතිකව උපදින වගට අටුවාචාරීන් වහන්සේලා කියති. පොළවේ වාසය කරන “භූම්මා දේවා” නමින් හැඳින්වෙන දෙවිවරු චතුයෝනිකව (අණඩජ, ජලාඹුජ, සංසේඋජ, හා ඕපපාතික) උපදින වගද මඡ්ජිම නිකායේ අට්‌ඨ කථාවලින් ගම්‍ය වෙයි.
අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයට අනුව, ආර්යශ්‍රාවක තෙම පටන් ගත් උත්සාහය ඇත්තේ අත්දෙකහි මහන්සියෙන්, දාඩිය මහන්සියෙන්, ධාර්මිකව ලද්දා වූ වස්‌තුව වියදම් කොට සංග්‍රහ පසක්‌ දිය යුතුය. ඒ සංග්‍රහ පහ නම් ඥානිබලි සංග්‍රහය, ආගන්තුක බලි සංග්‍රහය, පේනබලි සංග්‍රහය, රාජබලි සහ දේවතාබලි සංග්‍රයන්ය. මෙහිදී දෙවියන්ට දිය යුතු සංග්‍රහය දේවතා බලිය වන්නේය. මින් ගම්‍ය වන්නේ දෙවියන් උදෙසා කරනු ලබන පුද සත්කාරයන්ය. අතීත ලෝක සමාජයේ වාසය කළ සෘෂීන්, මනුෂ්‍යයන්, ක්‍ෂේත්‍රියයන්, බ්‍රාහ්මණයන් දෙවියන් වෙනුවෙන් යාග හෝම පැවැත් වූ බවත්,ඒ මගින් තමන් අපේක්‍ෂා කළ අභිමතාර්ථයන් ප්‍රාර්ථනයක්‌, සඵල කර ගත් වගද සුත්ත නිපාතයෙන් දැක්‌වෙයි. බුදුන් වහන්සේගේ දේශනාවන් අනුව මිනිස්‌ ලොව මිනිසුන් කුසල් කර ඉන් උපදනා පිං දෙවියන්ට ද අනුමෝදනා කළ යුතු බව පිළිගත යුතු සත්‍යයක්‌ වන්නේය. දෙවියන්ට පිං පැමිණවීමෙන්, එසේ පිට දෙන තැනැත්තා දෙවියන්ගේ අනුකම්පාවට හා සැලකිල්ලට භාජනයවී ඔහුට සෙතක්‌ ශාන්තියක්‌, යහපතක්‌ සලසා දෙනවග මහාවග්ග පාලිය, දීඝ නිකාය, මහා පරිනිබ්බාන සූත්‍රය යනාදියෙන් කියෑවෙයි.
බුදුන්වහන්සේගේ දේශනා වන්හිදී ඇතැම් කරුණු අනුව දෙවියන් බොහෝ මිට මනුෂයයන්ගේ ජීවිත කෙරෙහි අසීමිත බලයක්‌ දක්‌වන වග නිර්මාණය වෙයි. මිනිස්‌ ලෝකයේ රජවරුන්ගේ ධර්මිෂ්ට, අධර්මිෂ්ට කම් අනුව ලොවට යහපත/ අයහපත් සිදු කරලීමටද ඔවුන් වග බලාගනී. අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයෙන් ඒ බව හෙළිකරන්නේ මෙසේය.
මහණෙනි යම් කළක රජවරු ධාර්මික වෙත්ද, එකල රජයෙහි නියුක්‌ත යෝද ධාර්මික වෙත් පෙ. සමවු වාතය හමත්, එකල දෙවියෝ පැහැදෙත්. දෙවියන් පැහැදුන කළ වර්ෂාව මනාකොට වසිත් එකල ශෂ්‍ය මනාව වැඩෙත් එලවැලඳීමෙන් මනුෂ්‍යයෝ වර්ණවත්ව, බලවත්ව නිරෝගීව ජීවත්වෙති.
ඇතැම් අවස්‌ථාවලදී දෙවිවරු දෙව්ලොව සිට මිනිස්‌ ලෝකයට පැමිණෙති. සුත්‍රවල දැක්‌වෙන පරිදි ඔවුන් මිසින් ලොවට එන්නේ බුදුන් වහන්සේගෙන් ධර්ම දේශනා අසා දැන ගැනීමටත්, උන් වහන්සේගේ ශ්‍රාවකයන් සමග සාකච්ඡා පැවැත්වීමටත්ය. අංගුත්තර නිකායෙහි තික නිපාතයට අනුව එසේ පැමිණෙන දෙවිවරු තම නියම රූපයෙන් පොළවේ සිට ගත නොහැක්‌කේය. සියුම් ආත්ම මවා ගැනීමක්‌ මෙහිදී සිදු කෙරේ.
මාර දිව්‍ය පුත්‍රයා බුදුන් වහන්සේටත් උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසටත් එරෙහිව කටයුතු කළ අයෙකි. බුද්ධත්වය ලැබීමට පෙර පවා සිදුහත් සමයේ සිට මොහුගෙන් කරදර ඇති විය.
දෙවියන්ගේ තතු, දිව්‍ය සම්පත්තිය කෙරෙහි තතු “විමාන වත්ථු” ප්‍රකරණයෙන්” දැක්‌වෙයි.
දෙවියන්ගේ ප්‍රධානියා ලෙස සැලකෙන්නේ සක්‍ර දෙවියන්ය. සක්‌දෙව් බුදුන් වහන්සේ සමග ඉතා කුළු පගව සිටි අයෙකි. අසුරයන්ගේ ප්‍රධානියෙකු වූ රෝවන අසුරයා සක්‍රයා සමග නිතර යුද්ධ කරන වගක්‌, නමුත් දෙදෙනා මිත්‍රයක්‌ ලෙස හැසිරෙන වගත් සංයුක්‌ත නිකායෙන් දැක්‌වෙයි.
වත්මන් සමාජයේ දෙවියන් ගැන සුවිශේෂ පිළිගැනීමක්‌ ඇතිව කටයුතු කරන අය බොහෝ වෙති. දෙවියන්ගේ සිත් සතුටු කිරීමෙන් ඔවුන්ට දානමාන පුද සත්කාර කිරීමෙන් තමන්ට අවශ්‍ය දේ කරවා ගැනීමට හැකි බව ඔවුන් තුළ විශ්වාසයක්‌ පවතී. තවත් සුළු පිරිසක්‌ සිතන්නේ දෙවියන් කියා පිරිසක්‌ නොසිටින වග හා එය හුදු මන(කල්පිත විශ්වාසයක්‌ බවත්ය. එහෙත් බුදුදහමට අනුව කලින් සදහන් කළ කෙටි තොරතුරුවලින් දෙවියන් කියා පිරිසක්‌ සිටින වග නම් පැහැදිලිය බුදුන් දවස භාරතීය සමාජයෙන් බුහුමන් ලැබූ බ්‍රහ්ම හා ඉන්ද්‍ර යන දෙන්නාට බුදුන් වහන්සේද ඉහළ තැනක්‌ දුන්හ. වේදයේ ගරු බහුමාන ලැබූ ඉන්ද්‍ර බුදුන් වහන්සේගේ ශ්‍රාවකයකු විය. අනාගත බුද්ධ ශාසනය පවතින ශ්‍රී ලංකාව රැක ගැනීමේ වගකීමද ඉන්ද්‍ර ලබා සිටී. ශ්‍රී විෂ්ණු යනුවෙන්ද ඉන්ද්‍ර හඳුන්වනු ඇත.
කඳකුමරු (කතරගම දෙවියන්) මිනිස්‌ ලොව ඉපිද දහම් පොත් පත් ආශ්‍රයේදී ශ්‍රී විෂ්ණු නීල කසිනය භාවනා වඩන යතිවරයෙකු ලෙස සිටියේය. කඳ කුමරුද විෂ්ණුගෙන් භාවනා ඉගන ගත් බව කියෑවේ. අපේ සැදැහැවත් බොහෝමයක්‌ උපුල්වන් මහා විෂ්ණු කඳ කුමරු වැන්නවුන්ගේ සරණ පතති. ජ්‍යෙතිෂයට අනුව කුජ (අඟහරුගේ) අපලයට කතරගම දෙවියන්ගේ පිහිට පැතීම කරනු ලබයි. ගුරුගේ රාහුගේ අපලයට ද ශිව කතරගම දෙවි පිහිට පතන්නේය. කේතුගේ, ශනිගේ, බුධගේ අපල වලට විෂ්ණු දෙවියන්ගේ පිහිට පැතීම සිදු කෙරේ.
බුද්ධ දේශනාවන්ට අනුව දෙවියන් කෙරෙහි විශ්වාසය පවත්වා ගැනීමත් දෙවියන්ට පිං දීමත් නිසා එසේ කරන්නාට යහපතක්‌ම සැලසේ.
මෙම ලිපිය සකස්‌ කිරීමේදී රාජකීය පණ්‌ඩිත නිවන්දම ශ්‍රී ධර්ම කීර්ති නාහිමියන්ගේ බුදු සමය හා දෙවියෝ” යන ග්‍රන්ථයද උපයෝගී කර ගතිමි.
- මීරිගම , ආර්. ඇම්. ටී. බී. රත්නායක

පෙරදිග හා බටහිර වෛද්‍ය විද්‍යාවන් සහ අතුරු ආබාධ.......


පෙරදිග හා බටහිර වෛද්‍ය විද්‍යාවන් සහ අතුරු ආබාධ
1. උණ හැදුණාම බටහිර වෛද්‍ය විද්‍යාව අනුව එක්තරා පෙති වගයකි.
2. ඒ පෙති නිසා ඇතිවන උගුරේ වේලීමට තවත් සිරප් එකකි.
3. එම සිරප් එක නිසා ඇතිවන සෙමට තවත් පෙති වගයකි.
4. එලෙස සෙම අඩු වීමට බොන පෙති නිසා පීනස ඇති වෙයි.
5. පීනසට බොන පෙති නිසා ආයිත් කැස්ස ඇති වෙයි.
6. එවිට වැල්මිලැක්ස් (වැල්මී වලින් හැදූ පෙරදිග ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක පානයක්) බීම හැර වෙන විකල්පයක් නැත.
නමුත් උණ හැදුණාම පෙරදිග වෛද්‍ය විද්‍යාව අනුව කොත්තමල්ලි, පත්පාඩගම්, ඉඟුරුපියලි, වෙනිවැල්ගැට, ක‍ටුවැල්බ‍ටු පත අට එකට හිඳවා කල්කත් කවලම් කර පරණ මී පැණි සමග තුන් වේලක් බීමෙන් උණ හැදීම නිට්ටාවටම සනීප වෙයි. නිවාරණයි, ප්‍රත්‍යක්ෂයි. අතුරු ආබාධ කිසිවක් නැත.
වියුක්ත සහ සංයුක්ත දැනුම් වල ප්‍රධාන වෙනස සඳහා පොඩි උදාහරණයක් තමයි ඉහත දැක්වුවේ. වියුක්ත නිසාම අතුරු ආබධ ගහණ කසිකබල් බටහිර වෛද්‍ය ක්‍රමය සුද්දන් විසින් මෙරට පතුරුවා නොහරින්නට, දෙවියන්ගෙන් ලත් අපගේ පෙරදිග වෛද්‍ය විද්‍යාවන් මගින් හෘද සැත්කම් පවා අතුරු ආබාධ රහිතව කරන ආකාරයට වර්තමානයේදී පවතීවි. (ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද වෛද්‍ය විශ්වවිද්‍යාලයේදී ඒ ආකාරයේ සැත්කම් ගැන කරනු ලබන පරීක්ෂණ අපගේ ජාතියට අභිමානයකි.)
“ස්වභාවිකව ඇති සංඝටක කිසිවක් තනිව නෑ. ඒවා වෙනත් සංඝටක සමග මිශ්‍රව තමයි තියෙන්නේ. අතුරු ආබාධ අඩු ඒකයි. බටහිර ඖෂධ සමාගම් කරන්නේ මේ සංඝටක එකක් වෙන් කරගෙන ඒකට පේටන්ට් අරන් ඊට පස්සේ ඒක තනිවම පෙති හෝ කරල් හැටියට දෙනවා. ඒක ලාභදායී ව්‍යාපාරයක්. නමුත් අතුරු ආබාධ වැඩි මොකද අර ස්වභාවිකව තියෙද්දී වගේ ඒ අතුරු ආබාධ පාලනය කෙරෙන අනිකුත් සංඝටක එහි නැති නිසා” යැයි වරක් දර්ශණ කස්තුරිරත්න මහතා අපට පැවසුවේය.
මීට දෙදහස් වසරකට පමණ පෙරදී බුද්ධදාස මහරජතුමා විසින් රචිත “සාරාර්ථ සංග්‍රහය” නම් මා හැඟි වෛද්‍ය ග්‍රන්ථයත්, එතුමාගේ ශල්‍යාගාරයේ තිබී හමුවූ චිකිත්සක උපකරණත්, සිංහලයාගේ වෛද්‍ය විද්‍යාවේ අතීත ශ්‍රී විභූතිය ලොවට හඬගා කියමින් සිටී. පෙර රජ දරුවන්ගෙන් උරුම වූ එවන් ශ්‍රේෂ්ඨ දැනුම් සම්භාරයන් වැඩිදියුණු කර නොගන්නා සිංහලයෝ සමහරක්, තවමත් බටහිරයන්ගේ පෙති වලින් සිය පණ කෙන්ද ‍රැක ගනිමින් සිටීම සිටීම ඒ රජ දරුවන්ටත් කරන නිග්‍රහයකි.
කකුලක් කැඩුණු අයෙකුට බටහිර වෛද්‍ය විද්‍යානුකූලව යකඩ පටි හා මැහුම් දමා අස්ථි බද්ධ කළත්, ඒ අඬු පඬු දිග හැර ගැනීමට නොහැකි විටදී බටහිර වෙදැදුරන්ද පවසන්නේ, “අන්න අර අහවල් කැඩුම්-බිඳුම් වෙද මහත්තය ගාවට ගිහිල්ලා තුන් දොහක් නැවතිලා තෙල් බේත් කරගෙන සනීප කරන්න” ලෙසටයි.
බටහිර වෛද්‍ය ක්‍රමය දේවත්වයෙන් පුදමින් සිටින අපේ රටේ බලධාරීන්ට මෙරටට ගැලපෙන වෛද්‍ය ක්‍රමයක් සඳහා මංපෙත් හෙළි කිරීමට තවමත් නොහැකි වී සිටින්නේ බටහිර වෛද්‍ය අධ්‍යාපනය ලැබූ “සමහර” වෛද්‍යවරුන් ඔවුන්ගේ දැනුම, ආධිපත්‍යය සහ බඩගෝස්තරය කඩා වැටෙනවාට තියෙන විරුද්ධත්වය නිසා නොවේද?
කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් රණසිංහ මහතා වරක් මෙසේ පැවසීය. “ආයුර්වේද පනත සංශෝධනය විය යුතුයි. නමුත් මේ පනත සංශෝධනය වන බවක් පේන්නේ නෑ. මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මම කියලා තියෙනවා මේ පනත සංශෝධනය වුනොත් මගේ කණ කපනවා කියලා. ආයුර්වේද පනත තවමත් සංශෝධනය වී නැති නිසා මගේ කණ බේරිලා තියෙනවා.
උසස් පෙල විෂය ධාරාවට ආයුර්වේද විෂය ඇතුලත් කර නැහැ. යුරෝපීය විෂය ධාරාවක් සඳහා ඇතුලත් කිරීමට හැකිනම් අපේ මුතුන් මිත්තන්ගෙන් පැවත එන දේශීය වෙදකම උසස් පෙල විද්‍යා ධාරාවට ඇතුලත් කිරීමට බැරි ඇයි. සෑම වෛද්‍ය ක‍්‍රමයකටම තොටිල්ල තමයි අත්බෙහෙත. දේශීය වෛද්‍ය ක‍්‍රමය කෙරෙහි ලෝක අවධානය යොමුව තිබෙනවා. බටහිර ඖෂධ මේ වන විට බිඳ වැටෙමින් පවතිනවා. දේශීය වෛද්‍ය ක‍්‍රමය සඳහා විශාල ඉල්ලූමක් නිර්මාණය වී තියෙනවා.”



Tuesday, May 15, 2012

බිය නොවන - බිය නොදෙන වෛර නැති නැණවතා...


බිය නොවන - බිය නොදෙන වෛර නැති නැණවතා

තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති
උඩුමලගල ශ්‍රී ආදිච්චවංස
පරිවේණාධිපති
යක්කලමුල්ල ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි, ශාස්ත්‍රපති
පලල්ලේ සරණජෝති හිමි

නමෝ තස්ස භගවතෝ රහතෝ
සම්මා සම්බුද්ධස්ස
න තේන පණ්ඩිතො හොති
යාවකා බහුභාසති
ඛෙම් අවේරි අභයො
පණ්ඩිතො ‘ති පවුච්චති ‘

කාරුණික සුපින්වතුනි ,

තුන් ලොවක් දම් රසයෙන් සනහා වදාළ ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මයෙන් බිඳක් බුදුසරණ ධර්මදේශනා තුළින් කියවන්නට සූදානම් වන ඔබ භාග්‍ය වන්තයෙක්, වාසනා වන්තයෙක්, පුණ්‍ය වන්තයෙක් යැයි සිතන්න මක්නිසාද? ඔබ අප ලද දුර් ලභ මනුෂ්‍ය ආත්ම භාවයෙන් ඉඩ ලද ලද හැම මොහොතක ම පින් දහම් සිදු කර ගත යුතු වේ. අප ලද මේ මනුෂ්‍ය ජීවිතයේ වටිනා බව වචන වලින් කියා නිම කළ නොහැකිය. ඒ තරම් වාසනාවන්ත ජීවිතයකි, මේ ලබා තිබෙන්නෙ. එබැවින් ධර්ම ශ්‍රවණය කිරීම , දහම් දෙසීම , ධර්මය සාකච්ඡා කිරීම, සජ්ඣායනය , සහ භාවනාවකට සිත යෙදවීම තුළිනුයි නිවන් ලබා ගත හැකි වනුයේ. එම නිසා ධර්මය දේශනා කිරීම සාකච්ඡා කිරීම සසර දුකින් අතමිදීමට මහෝපකාරි වේ.
ලොව ඇති දසුන් අතුරින් බුදු රුව දැකීම උතුම්ම දැකීම වේ. ඇසුමෙන් උතුම් ම ඇසුම ධර්මය ඇසීමයි. ලොව ඇති උතුම් ම ලාභය වනුයේ සද්ධා සීල ත්‍යාග ආදි ධනයන්ගෙන් යුක්තව ක්‍රියා කිරීමය. උපස්ථාන කිරීම් අතුරින් උතුම්ම උපස්ථානය වනුයේ, බුදු පසේ බුදු මහරහතන් වහන්සේ වෙත උපස්ථාන කිරීමය. අපේ බුදුන් වහන්සේ යම් දිසාවකට වඩින්නේද ? ඒ වඩිනා මං මාවත් ඉතා පිරිසුදුව බාධක වලින් තොර වෙයි. එයට හේතුව පෙර පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතු චෛත්‍ය වෙත ගොස් පිරිසුදු කොට කොඩියක් පූජා කිරීමේ ආනිසංස වශයෙනි. ශීලයෙන් යුක්ත වීම උතුම් වේ. සිහිකිරීමෙන් උතුම්ම සිහිකිරීම බුදු ගුණ දහම් ගුණ , සඝ ගුණ සිහි කිරීම දිවා රාත්‍රී දෙක්හි සුවසේ වාසය කරන්නට සුවසේ නිදා පිබිදෙන්නට හේතු වන බැවින් මේ උතුම් ගුණ දම් ඇතිව ක්‍රියා කරන්නට උත්සුක වන්න.
අද ධර්ම දේශනය ධම්ම පද පාලියේ ධම්මට්ඨ වර්ගයේ තුන් වන ගාථා රත්නය වන න තෙන පණ්ඩිතො හොති යන ගාථා රත්නයයි ඉදිරිපත් කරනු ලැබුවේ. මෙම දේශනය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනු ලැබුවේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරේදියි.
බොහෝ කොට කථා කිරීමෙන් කෙනෙකු පණ්ඩිතයකු නොවේ. ක්‍ෂෙමි, අවේරි, අභය පුද්ගලයා පණ්ඩිතයකු බව දෙසු සේක. බොහෝ කොට කථා කරන්නා ‘අත්තුක්කංසන ‘ තමා උසස් යැයි තමාම පිරිස මැදට ගොස් කථා කරයි. පරවම්භන අනුන් පහත් කොට පිරිස මැදට ගොස් අනිකා හෙළා දකිමින් කථා කරයි. මෙවැනි අය පණ්ඩිතයන් නොවන බව අටුවාවෙහිද විස්තර කරනු ලබයි. ඛේමි යනු අනුන්ට උවදුරු නොකොට ක්‍රියා කරන්නාය.
“අවෙරි “ වෛර කිරීම දරුණූ දුක්ඛ විපාක ගෙන දෙන බව “සේරිවාණිජ” ජාතක කථාවෙන් මැනවින් පෙන්නුම් කැරේ. අවසානයේ දේවදත්ත අපා ගත වී දුක් විදින්නේ වෛර කිරීමේ දුක්ඛ විපාක වශයෙනි.

ඉඳ ඉඳ එක වෙහෙර
විඳ විඳ දහම් මනහර
සිඳ බිඳ දුක් සසර
අනේ දෙව්දත් නුදුටු මොක් පුර

“ බුදුන් වහන්සේගේ ඥාති සහෝදරයා වුවත් දෙව්රම් වෙහෙරේ බුදුරදුන් සමග ජීවත් වුවත් අවසානයේ වෛරයෙන් ක්‍රියා කිරීම නිසා සසර දුකින් මිදෙන්නට දෙව්දත් තෙරුන්ට නොහැකි විය. “අභයෝ” අභය ලබා දීම සතුන්ට මෙන්ම තම මව්පියන්ට දරුවන්ට අසරණයන්ට සුවසේ නිදහසේ වාසය කරන්නට අවස්ථාව සලසා දෙන්නකි. එමෙන්ම එය ලොකු පින්කමකි. ගව ඝාතක , සත්ව ඝාතන ස්ථාන බිහිවී ඇත්තේ අභය නොදෙන නිසාය. එහි දුක් විපාක අප කාටත් විදින්නට සිදු වේ. එම නිසා බියට දුකට කරදරයට පත් අය මුදවා ගෙන සුවසේ වසන්නට අවස්ථාව සලසා දිය යුතු වේ.
සවග භික්‍ෂූන්ගේ නොදැහැමි අසංවරය නිසා ජනයාගෙන් පවා දෝෂ දර්ශනයට ලක් විය. භික්‍ෂුවක් ක්‍රියා කළ යුත්තේ ‘අප්පසන්නාං වා පසාදාය , පසන්නානං වා හීයො භාවාය ‘ යන බුදු වදනට අනුව නොපැහැදුන අයගේ පැහැදීම පිණිසත් පැහැදුන අයගේ පැහැදීම වඩාත් දියුණු වීම සඳහාත්ය. එදා චණ්ඩාශෝකයන් ධර්මාශෝකයන් බවට පත් වුයේ සත් අවුරුදු වියැති නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ ශාන්ත සුන්දර ගමන් විලාශය දැකීමෙනි. සේඛියා තුළින් භික්‍ෂු ජීවිතයේ ඇවතුම් පැවතුම් සංවරව සකසා ගන්නේ කෙසේදැයි පැහැදිලි කරදී ඇත. ඒ ආභාෂය ලත් අපේ ලාංකික බෞද්ධ ජනතාවද තම දරුවන්ටත් මේ අනර්ඝ වටිනාකම් ආහාර ගැනීමේ සිට උගන්වනු ලබයි. උසස් සිරිත් විරිත් කෙනෙකුගේ ජීවිතය ශෝබාමත් කරනු ලබයි. නිවන් මග පසන් කරනා තුරු අපේ දිවි මැදුර උතුම් ගුණ දහමින් ශක්තිමත් කර ගත යුතු වේ. ඔබ සැමට උතුම් වු ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් මෙලොව සැපත් නිවන් සැපත් පිණිසම මෙම උතුම් දහම් දෙසුම පිහිට වේවා.

Friday, May 11, 2012

ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් ....


                                    ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු.
ලංකාවේ සැබෑ ඉතිහාසය සොයා යාමට අවශ්‍ය ඉතා හොඳ මුලාශ්‍රයක් ලෙස ත්‍රිපිටකය සලකන්න පුළුවන්. ඝෝෂ වැනි ද්‍රවිඩ භික්ෂූන් විසින් ත්‍රිපිටකයේ සරළ කොටස් ඉවත් කල හෙල බසේ සිට අපට නුහුරු පාළියට පර්වර්තනයද මෙලෙස අපේ සබෑ ඉතිහාසය සැගවී යාමට එක් හේතුවක් වන්න පුළුවන්. මේ සදහා ත්‍රිපිටකය සිංහලෙන්හී ඇති ආටානාටිය සුත්‍රය උපයෝගි කරගමු. එලෙසම බුදුන් වහන්සේ උපන් ස්ථානය ඉන්දියාව යැයි බොහෝ බෞද්ධයන් විශ්වාස කිරීම නිසාද, මෙම ත්‍රිපිටක ධර්ම කරුණු ඉන්දියාවේ සිදු වූවායි සිතීම නිසාත් මේ කරුණු යටපත් වන්නට හේතු වී ඇති බව පෙනේ. මාතෘකාව අවතීර්ණ වීමට පෙර ගැටළුවක් හා එයට පුංචි ඉඟි කිහිපයක් දීලාම ඉන්නම්.
බුදුරජානන් වහන්සේ උපන්නේ කොහෙද? (දඹදිවේ වර්තමාන රට කුමක්ද ?)
බුදුවරයෙක් ලොව පහල වීමට පෙර බලන්නා වූ පස්මහා බැලුම් වන කාලය, දීපය දේශය, කුලය හා මව යන්නේ දීපය යන්නේ සමාන පදය දුපතක් නම් ඉන්දියාව දුපතක්ද? නැති නම් පස්මහා බැලමු කාලය, අර්ධද්වීපය, දේශය, කුලය හා මව යන්නද?
දඹ යන පදය හෙළ යන්නට සමානද?
මෙම කරුණු හා තවත් සාක්ෂි එකතුව බුදුන් උපන් හෙළදිව පිළිබදව ඉදිරියේදි සාකච්චා කරමු. දැන් ආටානාටියේ පළමු කොටස සලකා බලමු.
1.  මා විසින් මෙසේ අසන ලදි.    එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි වූ ගිජ්ඣකූට පර්වතයෙහි වැඩ වාසය කරති. එකල්හි සතරවරම් මහ රජදරුවෝ මහත් වූ යක්‍ෂ සේනාවෙන් ද, මහත් වූ ගාන්ධර්ව සේනාවෙන් ද, මහත් වූ කුම්භාණ්ඩ සේනාවෙන් ද, මහත් වූ නාග සේනාවෙන් ද,සතර දිශාවෙහි ආරක්‍ෂා පිහිටුවා බලසෙනඟ පිහිටුවා රැකවල් ලවා රාත්‍රියේ ප්‍රථම භාගය ඉක්ම ගිය කල්හි (තමන්ගේ) ශරීර ආලෝකයෙන් හාත්පස ගිජ්ඣකූට පර්වතය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට හොඳාකාර වැඳ එක පැත්තකින් හුන්නාහුය. ඒ යක්‍ෂයෝ ද සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූවාහුය. සතුටු විය යුතු සිහිකට යුතු කථාව කොට නිමවා එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට දොහොත් මුදුන් දී වැඳ එකපැත්තකට වී හුන්නාහුය. සමහර කෙනෙක් නාම ගෝත්‍රය කියා එක පැත්තක හුන්නාහුය. එක පැත්තක හුන්නා වූ වෛශ්‍රවණ නම් වූ මහරජ තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණු කීයේය.
මෙම පරිච්ජේදයෙන් කියැවෙන්නේ බුදුන් හමුවට පැමිණ සතරවරම් රජදරුවන් පිළිබදවයි. එසේනම් වර්තමානයේ සතරවරම් දෙවිවරුන් නමින් හැදින්වෙන වෛශ්‍රවණ, ධ්‍රතරාෂ්ඨ, විරූඪ, හා විරූපාක්ෂ යන එදා සිව් හෙළය නියෝජනය කරාන ලද වූ සිව්හෙළයේ පාලක වරුන්ය. වර්තමානයේ පවා මේලෙස සතරවරම් දෙවිවරු ලෙස වන්දනාමානයට ලක්වන්නේ ඒ එදා අපේම රටේ සිටි ශ්‍රේෂ්ඨ පාලකයන් පිරිසකි. සූත්‍රය පුරාවටම මේ හමුවන සතරවරම් රජවරු හෙවත් පාලකයන් හතරදෙනා නියෝජනය කරනලද්දෙ වර්තමානයේ සිංහල බවට පත්ව ඇති සිව්හෙලයයි. ඒ අනුව සිංහලය යනු සිංහබාහුගේ සිංහ රුධිරය හෝ පණ්ඩුකාභය රජු සිංහයන් මැරීම නිසා ඇති වූ සිංහ ලේ යන්න නොව, සිව් හෙලය සතරම් වරම් රජදරුවන් ප්‍රමුඛ හෙල අධිරාජ්‍යෙය් තිබුණ
යක්ඛ හෙළය
කුම්භාණ්ඩ හෙළය
නාග හෙළය
ගාන්ධාර්ව හෙළය
යන ගෝත්‍ර හෙවත් ජන කොඨ්ඨාශ හතර නිසා ඇති වුවකි. සමස්ථ අධිරාජ්‍යම හෙළ අධිරාජ්‍ය හෙවත් අසුර අධිරාජ්‍ය වූ අතර එය සිව්හෙළයින් සමන් වී ඇත. ආටා නාටිය සුත්‍රය මගින් සිංහලය හෙවත් සිව් හෙළය ගැන හෙළි වන්නේ එලෙසිනි. පසුකාලයක යක්ඛ, රාක්ඛ, දේව හා නාග ලෙස හදුනාගෙන ඇත්තේද මේ යක්ඛ හෙළය, කුම්භාණ්ඩ හෙලය , නාග හෙළය හා දේව හෙළයමද යන්න මා හට හිතෙන මුත් නිවැරැදිව අධ්‍යනයකින් තොරව මේ පිළිබද කිව නොහැක. මෙලෙස පළමුවන කොටසේ බුදුන් වහන්සේ වැඩ සිටි රජගහ නුවර ගිජ්ඣකූඨ බබලවා බුදුන්වහන්සේ දැකිමට පැමිණියේ විමාන වලින් විය හැක. මන්ද බුදුන් වහන්සේගෙන් බණ ඇසීමට අහසින් වැඩි සතාගිර හා හෙමවත යක්ඛ සෙන්පතින් පවා ගමන් කලේ විමාන වලින් නිසා මෙලෙස විමාන වලින් පැමිණිම නිසා ගිජ්ඣ කූඨ පර්වතය පෙදෙස අලෝකමත් වීම මෙලෙස දක්වන්නට ඇත. මන්ද යත් අතීතයේ තිබුණ, මනඃකල්පිතයක් වූ දඬුමොණරය යනු අතීත ගුවන් තාක්ෂණයේ තිබුණා වූ විමාන අතුරින් එකක් බව හෙළිකොට ඇති අතරම අතීතයේ සිටි මෙම සතරවරම් රජවරු ඇතුළු මුතුන් මිත්තන් පවා මේ විමාන පාවිච්චි කර ඇති බවට ජනප්‍රවාද වලින්ම අපට තහවුරු කරගත හැකි බැවිනි.
(උදා: යකාගේ හැටියටනේ විමානේ යන පිරුළ ගත හැක. අපගේ ගුවන් යානා තාක්ෂණය පිළිබදව ලිපි පෙළ කියවූ අයට නම් දුතකයාට අවැසි පරිදි මෙම විමානය නිපදවීම පිළිබදව මතක ඇති. මේ පිරුලෙන් කියැවෙන්නේ ඒ පිළිබදවම නේද?)
බුදුන් වහන්සේ තමන්ගේ කාලය පෙරබත් කිස, පසුබත් කිස ආදී ලෙස යාමයන් පහකට තමන්වහන්සේගේ කාලය බෙදා තම ශ්‍රාවකයන් වෙනුවෙන් කාලය වෙන් කරදී තිබුණි. මෙලෙස සතරවරම් රජදරුවන්ට රාත්‍රියේ ප්‍රථම භාගයෙන් පසුව කාලය වෙන්කොට තබන්නට ඇත. නියමිත කාලයේ බුදුන් වහන්සේ දැකීමට පැමිණි සතරවරම් රජවරු අතරින් යක්ඛ සේනාවට අධිපති වෛශ්‍රවණ රජු භාග්‍යවතුන් වහන්සේට ප්‍රථමයෙන් කරුණු දක්වු බව සඳහන්වේ. සතර වරම් දෙවිවරු අතරේද සිටින මේ වෛශ්‍රවණ දෙවියන් විශ්ණු ලෙස බහුතරය වරදවා වටහාගත්තද වෛශ්‍රවණ යනු වෙසමුණි යන්නයි. නමුත් මෙතන සඳහන් වන වෙසමුණි රජතුමා රාවණ රජුගේ පියා වූ වෙසමුණි විය නොහැක. පරාක්‍රම බාහූ, විජයබාහූ වැනි රජවරු එකකට වැඩිය සිටි හෙයින් මෙයත් එවැනි අවස්ථාවක් විය හැක.
2. ´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට අසතුටු වූ හෝ සතුටු වූ හෝ උසස් (බලවත්) යක්‍ෂයෝ ද මධ්‍යම ආනුභාව ඇති යක්‍ෂයෝ ද පහත් යක්‍ෂයෝ ද ඇත්තාහුමය. බොහෝ සෙයින් යක්‍ෂයෝ භාග්‍යවතුන් වහන්සේට අසතුටු වූවාහුමය. එයට හේතු කවරේද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි සතුන් මැරීමෙන් සොරකම් කිරීමෙන් කාමයන්හි වරදවා හැසිරීමෙන් බොරු කීමෙන් මත් බවට හා ප්‍රමාදයට කාරණා වූ සුරාපානයෙන් වැළකිම පිණිස ධර්මය දේශනා කරන්නාහ. ස්වාමීනි, බොහෝ සෙයින් යක්‍ෂයෝ සතුන් මැරීම ආදී පාපයන්ගෙන් නොවැළක්කාහුමය. ඒයක්‍ෂයන්ට ඒ ධර්ම දේශනාව අප්‍රිය වේ. සිත් සතුටු වූවන් කෙරේ නොවේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කැලෑවෙහි වූ ද ගම් සීමාව ඉක්ම වූ වන සේනාසන වූ ද (කැලෑවෙහි) ඉතා දුර වූ ද නිශ්ශබ්ද වූ ද කලබල නැත්තා වූ ද මිනිසුන්ගෙන් තොර වූ සුලභ ඇත්තා වූ ද මනුෂ්‍යයන්ගේ රහස් කටයුතු වලට යෝග්‍ය වූ ද හිත එකඟකර ගැනීමට සුදුසු වූ ද සේනාසනයන් (වසන තැන්) සේවනය කරති.´
බුදුදහම පහළ වූ ගමන්ම සියළු දෙනා බුදුදහම වැළද ගත්තෙ නැති අතර සියළු රජවරු, සහ වැසියන්ද බුදු සරණ නොගිය අතර හෙළ අධිරාජ්‍යෙය් එක් කොටසක බිහි වූ ගෞතම බුද්ධ ශාසනය එක වර හෙළදිව පුරා පැතිර ගියේ නැත. ඒ නිසා බුදුදහම පහල වීමට පෙර තිබූ ආගම්, දර්ශන අදහමින් සිටි විවිධ තරාතිරමේ යක්ඛ ගොත්‍රිකයන් සිටි අතර ඔවුන් බුදුදහම පැතිරෙනවාට නොසතුටුව සිටින්නට ඇත. මෙලස ඔවුන්ගෙන් බුදුදහමට එල්ල විය හැකි තර්ජන පිළිබදව වෙසමුණි මහ රජු භාග්‍යවතුන් සමඟ සාකච්චා කර ඇති බව පෙනේ. පසුකාලීනව මෙම යක්ඛ, නාග, කුම්භාණ්ඩ හා ගාන්ධර්ව කොටස් පිළිබද සටහන් වූ මෙම කරුණු ග්‍රන්ථකරනයේදී, වෙනත් භාෂාවලට පර්වර්තනයේදී මෙම කොටස හිතා මතම අමනුෂ්‍ය කොටසක් කල ඇති නිසා අදටත් අටානාටිය බාවිතා කරන්නේ යකුන් එලවීමටය. මෙම කරුණු නිසාම පසුකාලෙක අටානාටිය පිරිතේ සාමාන්‍ය බෞද්ධ වැසියන් මෙලෙස මනුෂ්‍ය ලෙස ලියැවෙන්නට ඇති බව මාගේ විශ්වාසයයි. බෞද්ධ නොවන මිනිසුන් පස්පව් ගැන නොදන්නා අතර බුදුදහමට අකැමැතිය, අදට නොව එය එදාටත් වලංගු වූ බව ආටානාටිය පෙන්වා දේ.
3. ඒ තන්හී නිතර වාසය කරන්නා වූ මහා බලසම්පන්න වූ යක්‍ෂයෝ ඇත්තාහුය. යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙහි නොසතුටු වන්නාහු ද ඔවුන්ගේ සතුට පිණිස ස්වාමීනි, භික්‍ෂූන්ගේ ද භික්‍ෂුණියන්ගේ ද උපාසකවරුන්ගේ ද උපාසිකාවන්ගේ ද පාලනය පිණිස ද ආරක්‍ෂාව පිණිස ද, වෙහෙස නොවන පිණිස ද පහසු හැසිරීම පිණිස ද භාග්‍යවතුන් වහන්සේ මේ ආටානාටිය (නම් වූ) පිරිත පිළිගත මැනව´යි දැන්වූයේය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව පිළිගත්හ. එවිට වෙසෙවුණු මහ රජ තෙම භාග්‍යවතුන් වහන්සේගේ පිළිගැනිම දැන ඒ වේලාවෙහි මේ ආටානාටිය පිරිත කීයේය.
බුදුදහම පැතිරි පවත්නා වු ප්‍රෙද්ශ වල වසන්නා වූ වෙනත් ආගමික යක්ඛ ගොත්‍රිකයන් බුදුදහමට අකැමැති හෙයින්ද, ඔවුන්ගේ අකැමැත්ත දුරුකිරීමටද, බෞද්ධ ශ්‍රාවකයන්ගේ ආරක්ෂාවද, මෙම අබෞද්ධ, බෞද්ධ කොටස් අතර මතුවටත් ගැටළු ඇති නොවන පිරිසද මෙම අටානාටිය පිරිත පිළිගනු මැනව යනුවෙන් මෙම පිරිත බුදුන්වහන්සේට වෙසමුණි යක්ඛ රජු විසින් පිළිගැන්වූ බව සදහන්වේ. එසේ නම් ආටානාටිය පිරිත යනු සම්බුද්ධ දේශානාවක් නොවන බව ආටානාටිය පිරිතේම සදහන්වේ. එසේ නම් ආටානාටිය පිරිත යනු බෞද්ධ, අබෞද්ධ කොටස් අතර ගැටුම් ඇති නොවිම පිණිසද, බුදුසසුනේ ආරක්ෂාව පිණිස සතරවරම් රජවරු ප්‍රමුඛ සිව් හෙළය ගෞතම බුදුන්වහන්සේ ඉදිරියේ ඇතිකරගත්තා වූ සම්මුතියකි. එය ගෞතම බුදුන් හමුවේ තබන ලද්දෙ වෙසමුණි මහ රජතුමාය. වර්තමානයේ සතරවරම් දෙවියෙක් ලෙස හැදින්වෙන මේ වෛශ්‍රවණ යක්ඛ රජුය. නැත හොත් හෙළ අධිරාජ්‍යට සැමදා සතුරුකම් කල විශ්ණු නොවේ.
04. ´පසැස් ඇත්තා වූ, ශෝභාමත් වූ විපස්සී නම් සර්වඥයන් වහන්සේට ද සියලු සත්චයන් කෙරෙහි පතළ කරුණාවෙන් යුක්ත වූ සිඛී නම් සර්වඥයන් වහන්සේට ද කෙලෙස් විනාශ කලා වූ කෙලෙසුන් තවන වීර්යය ඇති වෙස්සභූ නම් සර්වඥයන් වහන්සේට ද මාරයන් යටත් කලා වූ කකුසඳ නම් සර්වඥයන් වහන්සේට ද සියලු පව් අහක් කලා වූ වැස නිමවන ලද බ්‍රහ්ම චර්ය ඇති, කෝනාගමන නම් සර්වඥයන් වහන්සේට ද සියලු කෙලෙසුන්ගෙන් මිදුනා වූ කාශ්‍යප නම් සර්වඥයන් වහන්සේට ද ශ්‍රීමත් වූ ශාක්‍ය පුත්‍ර වූ ඒ ගෞතම සර්වඥයන් වහන්සේට ද නමස්කාර වේවා.´´ලෝකයෙහි යම් රහත් කෙනෙක් මහත් බවට පැමිණියහ. භය නැති කලහ. (උන්වහන්සේට නමස්කාර වේවා.)
´අෂ්ටවිද්‍ය පසලොස් චරණයන්ගෙන් (නුවණ අට සහ චරණ පසලොසින්) යුක්ත වූ මහත් බවට පැමිණියා වූ භය නැතිකලා වූ දෙව් මිනිසුන්ට හිත වූ යම් ගෞතම සර්වඥයන් වහන්සේ කෙනෙකුට නමස්කාර කෙරෙද්ද, උන්වහන්සේට ද නමස්කාර වේවා.´´
මෙලෙස ආටානාටිය සම්මුතිය කියවීමට පෙර සියළු බුදුන් වහන්සේලාට හා නමස්කාර කරමින් හා ගෞතම බුදුන් වහන්සේට නමස්කාර කිරීමෙන් අනතුරුව අරහත්භාවයට පැමිණි රහතන් වහන්සේලාට නමස්කාර කරමින් වෙසමුණි රජු විසින් මෙලෙස සම්මුතිය කියවීම ආරම්භ කර ඇත.
5. ගාන්ධර්වයන්ට අධිපති වූ නැගෙනහිර දිශාව ආරක්‍ෂා කරන මහ රජ තෙම ධ්‍රතරාෂ්ටනම් වන්නේය. ඒ මහ රජ තෙම ගාන්ධර්වයන් විසින් පිරිවරණ ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වෙසෙයි.
´´ඉන්ද්‍රය යන නම් ඇත්තා වූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තා වූ බොහෝ පුත්‍රයෝ ද ඇත්තාහයි මා විසින් අසන ලදි.
´´ඔව්හු ද මහත් බවට පැමිණියා වූ විශාරද වූ බුද්ධ නම් වූ ආදිච්ච බන්ධු නම් වූ සර්වඥයන් වහන්ස, ශ්‍රේෂ්ඨ පුරුෂයන් වහන්ස, නුඹ වහන්සේට නමස්කාර වේවායි කියා දුරදීම නමස්කාර කරති.
 ´´දක්‍ෂ වූ සර්වඥතා ඥානයෙන් මහජනයා බලන්නෙහි යයි කියා අමනුශ්‍යයෝ ද නුඹ වහන්සේට වඳිති. මේ වැඳීම අප විසින් නැවත නැවත අසන ලදි, එහෙයින් මෙසේ කියම්හ.
´´ගෞතම නම් වූ සර්වඥයන් වහන්සේට නමස්කාර කරවුදැයි (අප විසින් විචාරන ලද යක්‍ෂයෝ) ගෞතම සර්වඥයන් වහන්සේට අපි නමස්කාර කරම්හයි (කියති). විද්‍යචරණ (නුවණ සහ සීල සමාධි) ගුණයෙන් යුක්ත වූ ගෞතම බුදුන් වහන්සේට අපි නමස්කාර කරම්හයි (කීවාහුය).
හෙළ අධිරාජ්‍යෙය් නැගෙනහිරින් පිහිටි ගාන්ධර්ව හෙළය(දේව හෙළය විය හැක) ආරක්ෂා කරන, ගාන්ධාර්ව හෙළයේ පාලකයා ධ්‍රතරාෂ්ඨ වේ. එම රජු ප්‍රමුඛ ගාන්ධාරව කොටස් බෞද්ධයෝ වේ. මෙලෙස සිව්හෙළයෙන් ගාන්ධාර්ව හෙළයේ බුදුදහම පැතිරි ඇති බව මෙලෙස දක්වා ඇති අතර එය වෙසමුණි රජු විසින් ගාන්ධාර්ව හෙළය පිළිබදව ඔහු දන්නා පරිදි විස්තරකර ඇත.
6. ´´යම් දිශාවකින් මළමිනී ගෙන යනු ලැබෙත් ද? පිසුණු (කේළාම්) කියන්නා වූ ඉදිරිපිට නැති තැන නින්දා කරන්නා වූ ප්‍රාණාඝාතය කරන ගති ඇති රෞද්‍ර වූ සොර සිත් ඇත්තා වූ වංචාකාරීවූ ජනයෝ යම් දිශා භාගයකින් ගෙනයනු ලැබෙතියි කියත් ද, ඒ දිශාව දකුණු දිශාව වේ.´´
´´කුම්භාණ්ඩයන්ට අධිපති වූ දකුණු දිශාව ආරක්‍ෂා කරන විරූපය යන නම් ඇති ඒ රජ තෙම කුම්භාණ්ඩයන් විසින් පිරිවරන ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරයි.
´´ඉන්ද්‍රය යන නම් ඇත්තාවූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තා වූ බොහෝ පුත්‍රයෝ ද ඇත්තාහයි මා විසින් අසන ලදි.
මෙලෙස හෙළ දිවයිනේ දකුණින් පිහිටි කුම්භාණ්ඩ හෙළයේ පාලක විරූපය නැමැති සතරවරම් රජු පිළිබදවද
7. ´´යම් දිශාවෙක්හි, දිලිසෙන මහත් මණ්ඩල ඇති සූර්ය්‍යයා බැස යයි ද, සූර්ය්‍ය බැස ගිය කල්හි දවල් කාලය නැතිවේ ද? ඒ දිශාව බස්නාහිරයි.´´
´´යස පිරිවර ඇත්තා වූ යම් මහරජෙක් ඒ දිශාව ආරක්‍ෂා කෙරේ ද, නාගයන්ට අධිපති වූ විරූපාක්‍ෂ නම් වූ ඒ වරම් රජ තෙම නාගයන් විසින් පිරිවරන ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරයි. ´´ඉන්ද්‍රය යන නම් ඇත්තා වූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තාවූ බොහෝ පුත්‍රයෝද ඇත්තාහයි මා විසින් අසන ලදි.
බස්නාහිරින් පිහිටි නාග හෙළයේ පාලක විරූපාක්ෂ නම් රජු පිළිබදවද කෙටියෙන් විස්තරයක් බුදුන් වහන්සේ හමුවේ කර ඇති ආකාරයක් මෙම කොටසින් හදුනාගත හැක.
ඕනෑම පුද්ගලයෙක් වඩාත් හොදින් දැනගත යුත්තේ තමා පිළිබදවය. වෙනත් අයෙක් ගැන විස්තරකිරීමට, වෙනත් ප්‍රදේශයක් ගැන විස්තර කරීමට වඩා තමන්ගේ ප්‍රදේශය ගැන විස්තර කිරීම පහසුය. එබැවින් වෙසමුණි රජු තමන්ගේ රාජධානිය හා දිශාව පිළිබදව පහත පරිදි විස්තර කර ඇත.
8. ‘යම් දිශාවෙක්හි රම්‍ය වූ උතුරුකුරු දිවයින පිහිටියේ ද, දැකුම් කටයුතු වූ මහාමේරු පර්වතය වන්නේ ද, ඒ උතුරුකුරු දිවයිනෙහි වස්ත්‍රාභරණාදිය මගේය මගේයයි ගැනීමක් නැත්තා වූ භාර්ය්‍යා පරිග්‍රහයක් (භාර්ය්‍යාවන් අයත්කර ගැනීමක්)නැත්තාවූ  මනුෂ්‍යයෝ උපදිත්.
ඒ අනුව හෙළ අධිරාජ්‍යෙය් යක්ඛ හෙළය පිහිටියේ උතුරින් බව හිතාගත හැක. බෞද්ධ සාහිත්‍යෙය්ම එන තුන්ලෝකය යැයි හැදින්වෙන ජම්බුද්වීපය, අපරගොයාන, උතුරුකුරු දිවයින යනුවෙන් ලෝක තුනක් බව කීවද එය යම් ප්‍රාදේශිය පාලන ප්‍රෙද්ශයක් බව පෙනේ. ජම්බුද්වීපය පිහිටියේ හෙළ දිවයිනේම පිහිටියා යන්න මෙම කරුණින්ම අදහසක් ගත හැක. ජම්බුද්වීපයට උතුරින් පිහිටි උතුරුකුරු දිවයින යක්ඛ හෙළය නම් ජම්බුද්වීපය එයට දකුණින් හෝ මෙම සිව් හෙළය මධ්‍යෙය් පිහිටි බවක් සිතිය හැක.
´ඒ මිනිස්සු වී නොවපුරන්නාහ. සී සෑම පිණිස නඟුල් කෙතට නොගෙනියත්. ඒ මනුෂ්‍යයෝ නොසානා ලද භුමියෙහි හටගෙන පැසුනා වූ ඇල් සාල් බත් අනුභව කරත්.´
අපේ පසුගිය ලිපිවලින්ද කතාකල පරිදි යක්ඛ යනු යකඩ භාවිතාකල හෙයින් පටබැදුන බව සදහන්කලෙමු. මෙමගින් මෙම යක්ඛ ගෝත්‍රිකයන් යකඩ ආශ්‍රිත යන්ත්‍ර සුත්‍ර බාවිතාවෙන් ගොවිතැන් කලා විය හැක. නැතිනම් ගොවිතැන් නොකට මේ යකඩ කර්මාන්තය ඇසුරෙන් දිවි පැවත්ම සිදුකලා විය හැක. සී සෑම පිණිස නඟුල් කෙතට නොගෙනියත් මගින් ඔවුන් ගොවිතැන් නොකල බවක් සදහන් වන්නේ නැත. මනුෂ්‍යයෝ නොසානා ලද භුමියේ හටගෙන පැසුනා වු ඇල් සාල් බත් අනුභව කරත්,  එසේ නම් මොවුන් ගොවිතැන් කටයුතු සදහා දියුණු වූ තාක්ෂණික ක්‍රම භාවිතා කලා විය යුතුය. තම ගමන් කටයුතු සඳහා විමාන සෑදු හෙළ වැසියන් හට ගොවිතැනට තාක්ෂණික ක්‍රම බාවිතා නොකලා යැයි කිව නොහැක. කෙසේ වුවද සිව්හෙළයන් අතුරින් යක්ඛ හෙළය ඉතා දියුණු තාක්ෂණික ක්‍රම භාවිතා කලා යැයි කිව හැක.
ආටා නාටිය විමසීමේදි මතකයට නැගෙන්නා වූ තවත් කාරණයක් මෙතනට සම්බන්ධ වන බවක් දැනේ. බුදුන් වහන්සේ සමනළ කන්දට නොව නමුණුකුල කන්දට තම සිරිපතුල පිහිට වීමට වැඩි අතර සැන්දෑ සමයේදී පවා හරකුන් යොදාගෙන බදුළු වෙලේ සීසාමින් සිටි මිනිසුන් දැක බුදුන් වහන්සේගේ දෑසීන් කඳුළු බිංදු වැටුන අතර එම කඳුළු බිංඳු මුතු ඇට වී එක් රැස් වූ තැන සොලොස්මස්ථාන වලින් එකක් වන මුතියංගණයට නම පබැඳුන බව අසා ඇත්තෙමි. මෙතනදී නමුණුකුල කන්දේ ශ්‍රි පාදය නොතිබුණද, හරකුන් යොදාගෙන සී සාන මිනිසුන් පිළිබදව බුදුන් වහන්සේ සංවේග උපදවන්නට ඇත්තේ හෙළ දිවයිනේම උතුරු කොටසේ සිටි මිනිස් කොඨ්ඨාශයක් විසින් දියුණු තාක්ෂණික ක්‍රම භාවිතයෙන් ගොවිතැන් කිරීම පිළිබදව උන්වහන්සේ දැන සිටි නිසා දෝ යැයි සිතේ.
‘කුඩු නැත්තා වූ ද පොතු නැත්තා වූ ද පිරිසිදුවූ සුවඳ ඇති සහල් ඵලකොට ඇති හැල් රන් සැළියෙහි ලා (ජොති පාසාණ නම් ගල් උණුසුමෙන්) පිස ඒ සැළියෙන් ගත් කෑම කති.
ඔවුන් ඉන්ධන වශයෙන් දර පාවිචිචි නොකර මෙම ජෝති පාසාණ නැමැති ගල් භාවිතයෙන් ආහාර පිසුවා නම් ඒ ගල් අඟුරු විය හැක.
‘ඔව්හු ගව දෙනකු එක් කුර ඇති වාහනයක් කොට දිශානුදිශාවන්හි සංචාරය කරති. සිව්පා සතෙකු එක් කුර ඇති වාහනයක් කොට දිශානුදිශාවන්හි සංචාරය කරති.’
‘ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තරුණියක් හෝ තරුණයෙක් හෝ වාහනය කොට දිශානුදිශාවන්හි සංචාරය කරති.’
මෙලෙස ඔවුන් අශ්වකරත්ත හෝ ගොන් කරත්තද බාවිතා කල බවද, දෝලාවන් බාවිතයෙන් ගමන් කල බවද හදුනාගත හැක.
‘ඒ රජහුගේ පිරිවර වූ ඔව්හු වාහනවල නැඟ සියලු දිශා වටකොට ඇවිදිති. යස පිරිවර ඇත්තා වූ වෙසවුණු මහ රජ හට ඇත් යානා ද, අශ්ව යානා ද, දිව්‍ය යානා ද,ප්‍රාසාදද , සිව් ගෙවල් ද, උඩුමහල් ගෙවල් ද රන්සිවි ගෙවල් ද වන්නාහ.’
‘ඒ රජ හට අහස්හි (උස් ස්ථාන හෝ උසට මවන ලද) ආටානාට, කුසිනාට, පරකුසිනාට,නාටපුරියා, පරකුසීතනාට යන නගරයෝ වූවාහුය.’
‘උතුරු දිශාවෙන් කපීවන්ත නම් නුවරෙක, ඊට බස්නාහිර දිශාවෙන් ජනොය නවනවුතියය, අම්බර, අම්බරවතියය යන නගර හා ආනකමන්දා නම් රාජධානිය ද වන්නාහුය.’
මෙහි සඳහන් වන නගර දෙස බැලූ කල බුදුන් වහන්සේ පිරිනිවන් පෑ කුසිනාටාව හෙවත් කුසිනාරාවද මෙම උතුරු කුරු දිවයින තුල හෙවත් යක්ඛ හෙලය තුලම පිහිටා ඇති තවත් නගරයක් බවත්, ආලකමන්දාව නමින් හැදින්වෙන රාජධානියද යක්ඛ හෙලට බස්නාහිරින් පිහිටි බවත් පැහැදිලි වේ. මෙම ආලකමන්දා රාජධානිය සීගිරිය යැයි උපකල්පනය කිරීමෙන් අපට මේ පිළිබදව දළ සිතියමක් මවා ගත හැක.
‘නිදුකාණන් වහන්ස, කුවෙර නම් මහ රජහුගේ විසාණා නම් රාජධානියක් ද ඇත්තීය. ඒ කාරණයෙන් කුවෙර නම් මහ රජ තෙම වෛශ්‍රවණයයි කියනු ලැබේ.
වෙන වෙනම කරුණු පරීක්‍ෂා කර කියන්නා වූ තතොලාය, තත්තලාය, තතොතලාය,ඔජසිය, තෙජසිය, තතොජසිය, සුරය රාජය, අරිෂ්ටය, තෙමිය යන යක්‍ෂයෝ දොලොස් දෙනෙක් වෙති.
වෙසමුණි රජු කුවේර නමින්ද හැදින් වූ බවත්, එහි සිටි ප්‍රාදේශිය නායකන් පිළිබදවද සදහන්ව ඇති අතර රාවණ රජු සම්බන්ධව සෙවීමේදි විශ්‍රවස්‍ර මුණි හෙවත් වෙසමුණි රජුගේ දෙටුපුත් වූ කුවේර නම් ආලකමන්දාවේ සිටි රජකෙනෙක් ගැන අසන්නට ලැබේ. නමුත් ආටානාටියේ සඳහන් වන වෙසමුණි රජු යනු ඒ දෙදෙනාම නොවිය යුතුය. නමුත් එම පරපුරෙන් පැවැත එන පෙර සදහන් කලාක් මෙන් පෙළපත් නාමය විය හැක. ඒ නිසා කුවේර හා වෙසමුණි යන නම් දෙකම බාවිතා කලා විය හැක.
යමකින් ජලය ගෙන වර්ෂාව වසී ද, වර්ෂාව යමකින් පැතිරේ ද, ඒ රාජධානියෙහි වූ විලද ධරණී නම් වන්නීය. ඒ විල අද්දර යක්‍ෂයෝ නිතර රැස්වන භගලවතී නම් සභා ශාලාවද වන්නීය.
ඒ ශාලාව වටේට නිතර ගෙඩි ඇත්තා වූ ද, නොයෙක් කුරුළු සමූහයාගෙන් ගැවසුනා වූ ද, මොණරුන් කොස්වා ලිහිණින් හා කෝකිල ආදී පක්‍ෂීන් විසින් ද පවත්වන ලද සිත්පිනවන නාද වෘක්‍ෂයෝ ඇත්තාහ.
‘තව ද පොකුණෙහි නාද කරන ජීවඤ්ජීවක නම් කුරුල්ලෝද උට්ඨවචිත්තක නම් කුරුල්ලෝ ද, වන කුකුළෝ ද පියුම් වනයෙහි රන්වන් කකුළුවෝ ද, තල් රෙහෙරු ද හැසිරෙන්නාහ.’
‘මේ පොකුණෙහි ගිරා සැළලිහිණින්ගේ ශබ්ද ඇත්තේය. දණ්ඩ මාණවක නම් පක්‍ෂීහු ද හැසිරෙන්නාහ. ඒ කුවෙර නම් මහ රජුගේ පොකුණ හැම කල්හි එකම ආකාරයෙන් බබළන්නීය.’
‘යස පිරිවර ඇත්තා වූ ඒ මහ රජ තෙම යම් දිශාවක් ආරක්‍ෂා කෙරේද ඒ දිශාව උතුරු දිශාව යයි මෙසේ ජනතෙම ඒ දිශාවට කියන්නේය.’
යක්‍ෂයන්ට අධිපති වූ කුවෙර යන නමක් ඇත්තා වූ ඒ වරම් රජ තෙම යක්‍ෂ සේනාවන් විසින් පිරිවරන ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරන්නේය.
ඉන්ද්‍රය යන නම් ඇත්තා වූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තා වූ බොහෝ පුත්‍රයෝ ද ඇත්තාහයි මා විසින් අසන ලදි.
මෙලෙස උතුරු කුරු දිවයින හෙවත් යක්ඛ හෙලය පිළිබදව හා තමන් පිළිබදව හදුන්වාදෙන වෙසමුණි රජු මෙලෙස ආටානාටිය නැමැති සම්මුතිය ප්‍රකාශ කර ඇත.
9. ‘නිදුකාණන් වහන්ස, ඒ මේ ආටානාටිය පිරිත වනාහී භික්‍ෂූන්ට ද, භික්‍ෂුනියන්ට ද,උපසකවරුන්ට ද, උපසිකාවරුන්ට ද ආරක්‍ෂාව පිණිස ද සැපසේ විසීම පිණිස ද නොවෙහෙසීම පිණිස ද වන්නීය. ´´නිදුකාණන් වහන්ස, ඔවුන් අතුරෙන් යම්කිසි කෙනෙක් මේ ආටානාටිය නම් ආරක්‍ෂාව යහපත්ව ඉගෙන දැනගන්නා ලද්දී ද, අක්‍ෂරපද නොපිරිහෙලා සම්පූර්ණ කොට ඉගෙන ගන්නා ලද්දී ද, ඉදින් යම් අමනුෂ්‍ය වූ යක්‍ෂයෙක් වූවෙක් හෝ ගාන්ධර්වයෙක් වූවෙක් හෝ කුම්භාන්ඩයෙක් වූවෙක් හෝ නාගයෙක් වූවෙක් හෝ නපුරු සිත් ඇතිව භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ උපසකයකු හෝ උපසිකාවක් හෝ යන්නහු පසුපස්සේ යන්නේ හෝ වේද සිටියහු ලඟ සිටින්නේ හෝ වේ ද, හිඳින්නහු ලඟ හිඳින්නේ හෝ වේ ද, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙම මාගේ ගම්වල හෝ නියම්ගම් වල හෝ සත්කාරයක් හෝ ගරුකිරීමක් හෝ නොලබන්නේය. මාගේ ආලකමන්දා නම් වූ රාජධානියෙහි වාසය කිරීමට තැනක් හෝ සථිර වාසයක් හෝ නොලබන්නේය. මාගේ යක්‍ෂයන්ගේ සමාගමට යන්නට ද නොලබන්නේය. තවද ඔහු අමනුෂ්‍යයෝ ආවාහ විවාහයන්ට නුසුදුස්සෙකු ද කරන්නාහුය. නිදුකාණන් වහන්ස,තව ද ඔහුට අමනුෂ්‍යයෝ ඔහුගේ ආත්මභාවහ දක්වා සම්පූර්ණ පද ශබ්ද ඇති අපහාස වචන වලින් නින්දා කරන්නාහුය. තවද ඔහුගේ හිසෙහි අමනුෂ්‍යයෝ හිස් වූ ලෝහ පාත්‍රයක් ද මුනින් නමන්නාහුය. තව ද ඔහුගේ හිස ද සත් කඩක් කොට පළන්නාහුය.’
වර්තමානයේ වුවද සමාජයේ රුදුරු ගති සහිත, තිරිසන් ගති සහිත,පාපකාරී මිනිසුන් දක්නට ඇති අතර අතීතයේදිද එසේවන්නට ඇත. අමනුෂ්‍ය යනුවෙන් මෙතනදී අදහස් කර ඇත්තේ ලබාගන්නට අමාරුවූ මිනිස් ආත්ම බාවයක් ලබාගෙන මනුෂ්‍ය නොවන ගති ලක්ෂණයන්ගෙන් සමන්විත වූ මිනිසුන් පිළිබදවය. එවැන් වූ මිනිසුන් සිව්හෙළයේ යක්ඛ, කුම්භාණ්ඩ,නාග හා ගාන්ධාර්ව යන කොට්ඨාශ සියල්ලෙම සිටින්නට ඇත. මෙය වූ කලි එවන් වූ මිනිසුන්ගෙන් බුදුදහම හා එහි ශ්‍රාවකයන් රැකීමටද, එවැන් වූ මිනිසුන් නැවතත් මනුෂ්‍ය ගති ඇතතන් බවට පත්කිරීම උදෙසා සතරවරම් රජවරු ඇතුළු සිව්හෙළයම ඇතිකරගත් සම්මුතියක් මිස යකුන් එළවීමට කියනා මන්තරයක් නොවන බව වටහාගත යුතුය.
10.’නිදුකාණන් වහන්ස, රෞද්‍ර වූ නපුරු ගති ඇති එකට එක කරන්නා වූ අමනුෂ්‍යයෝ ඇත්තාහුය. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් රජදරුවන්ගේ ද, සතරවරම් මහරජ දරුවන්ගේ ද, අමාත්‍යයන්ගේ ද, යක් සෙනෙවියන් වෙනුවට සිටින්නන්ගේ ද වචනය නොපිළිගනිත්. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජ දරුවන්ට අකීකරු වූවෝ යයි කියනු ලැබෙත්.’
‘නිදුකාණන් වහන්ස, එපරිද්දෙන්ම නපුරු ගති ඇති රෞද්‍ර වූ එකට එක කරන්නා වූ අමනුෂ්‍යයෝ ඇත්තාහුය. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජ දරුවන්ගේ වචනය නොපිළිගනිත්. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජ දරුවන්ට අකීකරු වූවෝ යයි කියනු ලැබෙත්.’
මෙම සම්මුතියෙන් බැහැර වන්නා වූ එවැන් වූ රෞද්‍ර නපුරු ගති වලින් යුක්ත, අමනුෂ්‍යන් මෙන් හැසිරෙන්නා වූ ගාන්ධාරව,යක්ඛ, කුම්භාණ්ඩ හා නාග යන කොටස් වලට අයත් වූවන්ද, එකට එක කරන්නා වූ මෙම කොටස් සතරවරම් රජවරුන්ට අකීකරු වූවන් යැයි සලකුණු ලැබේ.
‘නිදුකාණන් වහන්ස, යම්කිසි අමනුෂ්‍ය යක්‍ෂයෙක් වූවෙක් හෝ ගාන්ධර්ව වූවෙක් හෝ කුම්භාණ්ඩයෙක් වූවෙක් හෝ නාගයෙක් වූවෙක් හෝ නපුරු සිතින් භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා යන්නහු සමඟ (පසුපස්සේ) යන්නේ හෝ වේ ද, සිටියහු ළඟ සිටින්නේ හෝ වේ ද, හිඳින්නහු ළඟ හිඳින්නේ හෝ වේ ද, නිදාගන්නහු ළඟ නිදාගන්නේ හෝ වේ ද මේ යක්‍ෂ තෙම අල්වන්නේය. මේ යක්‍ෂ තෙම ආවේශ වන්නේය. මේ යක්‍ෂ තෙම පීඩා කරන්නේය. මේ යක්‍ෂ තෙම විශේෂයෙන් පීඩා කරන්නේය. මේ යක්‍ෂ තෙම හිංසා කරන්නේය. මේ යක්‍ෂ තෙම විශේෂයෙන් හිංසා කරන්නේය, කියා ප්‍රධාන යක්‍ෂ වූ යක්‍ෂ සේනාවට අධිපති වූ එහෙයින්ම මහා සේනාපති වූ මේ යක්‍ෂයන්ට යක්‍ෂ තෙම නොගරහන්නේයයි ඝෝෂා කොට දැන්විය යුතුය. ශබ්ද නඟා කිය යුතුය. මුරගා කිය යුතුය. කවර කෙනෙකුටද යත්?’
මේ ආකරයෙන් සම්මුතියක් පනවා තිබියදී පවා, බෞද්ධ ශ්‍රාවකයන්ට හිරිහැර කරන්නා වූ මෙම කොඨ්ටාශවලට  මෙම ක්‍රියා නැවැත්වීම උදෙසා පත්කර ඇති සිව්හෙළයෙන්ම සමන්විත සේනාධිපති වරුන්ට පැමිණිලි කල යුතුබව සදහන් කර ඇත. ඒ සෙන් පතියන්ගේ නම් පහතින් දැක්වේ.
‘ඉන්ද්‍රය, සොමය, වරුණය, භාරද්වාජය, ප්‍රජාපතීය, චන්දනය, කාමසෙට්ඨය, කිණ්ණුණ්ඩුය, නිණ්ඩුය.’ 
‘පණාදය, ඔපමඤ්ඤය, දෙවසූතය, මාතලීය, චිත්‍රසෙනය, ගන්ධර්වය, නළය, රාජය, ජනෙසභය, සාතාගිරය, හෙමවතය,  පුණ්ණකය,  කර්තීයය,  ගුලය, සීවකය,  මුචලින්දය, විශ්වාමිත්‍රය,  යුගන්ධරය.’
‘ගොපාලය, සුප්පගෙධය, හිරිය, නෙත්තිය, මන්දිය, පඤ්චාලචණ්ඩය, ආලවකය, පජ්ජුන්නය, සුමනය, සුමුඛය, දධීමුඛය, මනිමානීචරය, දීය (යන යක්‍ෂ සේනාධිපතීහු ද) තව ද,  මොවුන් හා එක්ව සෙරිස්සක නම් යක්‍ෂයෙක් ද ඇත්තේය.’
මෙ අතරින් පැහැදිලිවම ඉන්ද්‍රය, මාතලීය යන සෙන්පතීන් දේව හෙළය හෙවත් ගාන්ධරව හෙළයෙන්ද, සතාගිරය, හෙමවත, ආලවකවය යන සෙන්පතින් යක්ඛ ළෙයෙන්ද, මුචලින්ද යන යන සෙන්පති නාග හෙළයෙන් බව බෞද්ධ සාහිතයේදී, හා ඉතිහාසයේ එක් එක් ස්ථාන වලදී හමු වීමෙන් පැහැදිලිව හදුනාගත හැක. කුම්භාණ්ඩ හෙළයෙන් සෙන්පතින්ද මේ තුල සිටිනා නමුත් කවරෙක්ද යැයි නිසි ලෙස පැවසීමට තරම් මා දැනට ඉගෙන ගත් ප්‍රමාණය ප්‍රමාණවත් නොව්.
‘නිදුකාණන් වහන්ස, ඒ මේ ආටානාටිය ආරක්‍ෂාව වනාහි භික්‍ෂූගේ ද භික්‍ෂුණීන්ගේ ද උපාසකයන්ගේ ද උපාසිකාවන්ගේ ද ආරක්‍ෂාව පිණිස ද, (යක්‍ෂොපද්‍රව වලින්) නොවෙහෙසීම පිණිස ද, සුවසේ විසීම පිණිස ද පවත්නේය.
ඉක්බිත්තෙන් සතරවරම් රජදරුවෝ උන් ආසන වලින් නැඟිට භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කොට ප්‍රදක්‍ෂිණා කොට එතැන්හිම අන්තර්ධාන වූවාහුය.’
ඒ (අනිකුත්) යක්‍ෂයෝ ද, උන් ආසන වලින නැඟිට සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට එතැන්හිම නොපෙනී ගියාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූවාහුය, සතුටුවිය යුතු වූ සිහිකටයුතු වූ කථා පවත්වා එතැන්හිම නොපෙනී ගියාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට ඇඳිලි බැඳ නමස්කාර කොට එහිම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් තමන්ගේ නාම ගෝත්‍ර කියා එතැන්ම අතුරුදහන් වූහ. සමහර කෙනෙක් තුෂ්ණීම්භූත වූවාහු (කිසිවක් නොකියා) එතැන්හිම නොපෙනී ගියාහුය.’
සම්මුතිය පිහිටුවීමෙන් අනතුරුව සතරවරම් රජවරු මෙලෙස තමන්ගේ රාජධානි කරා නැත පිටත්ව ගිය බවදැක්වේ. එහිම අතුරුදහන් වූවා යැයි සදහන් කරන්නේ ඔවුන් තමන්ගේ රාජධානි කරා විමාන වලින් හෝ වෙනත් දියුණු ගමන් ක්‍රම මගින් පිටත්ව ගිය ආකාරය විය හැක.
(පළමුවන මණවර නිමි.)
10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් භික්‍ෂූන්ට කථාකර ආටානාටි පිරිත දෙවියන් යම්සේ කීවේ ද එසේම භික්‍ෂූන්ට ද වදාළ සේක.
‘මහණෙනි, ආටානාටිය නම් පිරිත උගනිව්. නිතර පුහුණු කරව්. සිත්හි ලා ගනිව්. වැඩදායක වන්නේය. භික්‍ෂූන්ගේ ද භික්‍ෂණීන්ගේ ද උපාසකයන්ගේ ද උපාසිකාවන්ගේ ද ආරක්‍ෂාව පිණිස ද, පීඩානොවීම පිණිස ද, සුවසේ විසීම පිණිස ද වන්නේය’යන මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සතුටු සිත් ඇත්තා වූ භික්‍ෂූහූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටු වූවාහුය.
තිස්දෙවෙනි වූ ආටානාටිය සූත්‍රය නිමියේය.
බෞද්ධයාගේ ආරක්ෂාව, බුදුදහමේ ආරක්ෂාව පිරිස බුදුන් වහන්සේ ඉදිරයේම සිව්හෙළයේ අධිපතිවරුන් විසින් ඇතිකරගත්තා වූ සම්මුතිය බුදු සසුනේ හා බෞද්ධයන්ගේ ආරක්ෂාව පිණිස සියළු මහණුන් වහන්සේලාට නිතර පුහුණු කිරීමට බුදුන්වහන්සේ උපදෙස් දෙන ලද්දේ මතුවටත් එම සම්මුතීන් එලෙසම පැවීතීමටය. නමුත් වර්තමානයේ අපේ සමාජය මෙලෙස අපේ මුතුන්මිත්තන් බුදුදහම රැකීමට ඇති කරගත් සම්මුතිය, අපේ මුතුන් මිත්තන් අමනුෂ්‍ය කොඨ්ටාශ වලට හරවා ඔවුන් එලැවීමට ගායනා කරන්නෙමු. ආටානාටිය කියවන්න, ඒ වගේම විමසන්න එවිට සත්‍ය වටහා ගත හැක.
අද සතාගිර, හෙමවත, ආලවක හෝ මුචලින්ද, විශ්වමිත්‍ර, යුගන්දර හෝ මාතලීය, ඉන්ද්‍ර, වරුණ සෙන්පති වරු නැත. නමුත් බුදුදහමට ඇති වන්නා වූ තාඩන පීඩන, බෞද්ධයන්ට ඇතිවන්නා වූ හිරිහැර එසේම පවතී. මේ නැවතත් ආටානාටිය සම්මුතියක් ඇතිකරගැනීමට කාලයයි. බුදුදහම හා බෞද්ධයන් රැකගැනීමට කාලයයි.
- seuslsla.blogspot

සසර බිය නසන කුසලට පමා නොවෙමු....


ධර්ම දේශනාව

සසර බිය නසන කුසලට පමා නොවෙමු

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
“අච්චෙන්ති කාලා තරයන්ති
රත්තියෝ ව යෝ ගුණං අනුපුබ්බං ජහන්ති
එතං භයං මරණේ පෙක්ඛමානෝ
ලෝකාමිසං පජහේ සන්ති පෙක්ඛො”
සැදැහැවත් පින්වත්නි,
ඉහත සඳහන් කළ ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් එක්තරා දේවතාවෙක් සඳහා දෙසන ලද පිළිතුරකි. එවේලෙහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේය. මේ දේවතාවා මධ්‍යම රාති‍්‍රයෙහි එහි පැමිණ, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! අප සතුව ඇති කාලය ගෙවී යනවා. ඒ සමඟම ආයු කාලය රාති‍්‍ර කාලයන්ගෙන් ඉකුත් වී සත්ත්වයා මරණයට පත් කරන්නේය. මේ කරුණු සසර බියට හේතුවකි. එය මරණය සමඟ සසඳමින් කුසල් කිරීම යහපත් වේයැ”යි බුදුරජාණන් වහන්සේට සැළ කෙළේය. බුදුරජාණන් වහන්සේ එම දේව භාෂිතය අනුමත කළ සේක.
(සංයුත්ත නිකාය අච්චෙන්ති සූත‍්‍රය - දේවතා වග්ගය)
එහෙත් බොදුනු පිළිවෙත පින්කම් කිරීමට පමණක් ම සීමා වූවක් නොවෙයි. එහි මෙයට වැඩියෙන් ගැඹුරු අරුතක් ඇත. හැම බෞද්ධයකුගේම පරමාර්ථය සසර දුකින් මිදීමයි. එනම් ජාති, ජරා, ව්‍යාධි මරණාදී දුක්ඛයන්ගෙන් විමුක්තිය ලබා ගැනීමයි. ඊට සූදානම් වන තැනැත්තා “සන්තිපෙක්ඛ” නාමයෙන් හඳුන්වා ඇත. ඔහු විසින් පින් දහම් කරන්නේ ද එම පරමාර්ථයෙනි.
දිව්‍යලෝකවල හෝ මනුෂ්‍ය ලෝකයේ සැප පතමින් නොවෙයි. පින් කිරීමේ දී එසේ යමෙක් සිතත් නම් ඉන් ඔහුගේ භව ගමන දීර්ඝ වී නිර්වාණාවබෝධය දුරස්ථ වෙයි. එයට හේතුව ලෞකික පැතීම් හේතුවෙන් තෘෂ්ණාව වර්ධනය වීමය.
එයින් පුහුදුන් කෙළෙස් භරිත පුද්ගලයා අමිසය හෙවත් වස්තු කාමයට ගොදුරු වෙති. ඒ අනුව ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුව පසිඳුරන් පිනවීම පමණය. එයින් තොර වූ ගුණාත්මක දිවි පෙවෙතක් ඔවුන්ට ඇත්තේම නැත. පස් පව්, දස අකුසල් කරමින් හෝ උපභෝග, පරිභෝග වස්තු සම්පත්වලට ම ජීවිතය කැප කරයි. ගේ දොර, ඉඩකඩම්, මිල මුදල්, නඩු හබ කියා හෝ සපයා ගැනීමට හෝ මාන බලනවා. එහි දී ඔහුගේ දිවි මග මෙත්, කරුණා, මුදිතා, උපේක්ඛා යන ආධ්‍යාත්මික ගුණ දහම් ඇති වෙන්නේ නැත. යුක්තිය අයුක්තිය තේරුම් ගත හැකි ප‍්‍රඥාවක් නැත. එය ආමිස තෘෂ්ණාව නමැති අන්ධකාර පටලයෙන් වැසී ඇත.
පින්වත, ඔබට මෙම අදහසින් වැරැදි වටහීමක් ඇති විය හැකිය. එය ද ධර්මානුකූලව වටහා ගත යුතුව ඇත.
බෞද්ධ පිළිවෙතට අනුව බෞද්ධයන්ට ධනය නිෂ්පාදනය සුදුසුු නැතැයි බුදුරජාණන් වහන්සේ නොවදාළහ. එසේ යමෙක් සිතත් නම් එය අන්තග‍්‍රාහී සිතිවිල්ලකි. බුදුරජාණන් වහන්සේ කාමභෝගී ගිහියන්ට ධන නිෂ්පාදනය හෝ පරිභෝජනය වාරණය කර නැත. නිවැරැදි දැහැමි රැකී රක්ෂා කොට ඇති හැකි අයෙක් වෙන ලෙස වදාළහ. සිඟාලෝවාද, ව්‍යග්ඝපජ්ජ ආදී සුත‍්‍ර ධර්මවල ඇති “ධර්ම න්‍යාය” ක‍්‍රම ඊට මනා නිදසුන්ය. ඒවායෙහි සඳහන් වන්නේ ධනයෙන් වර්ධනය වෙන මමත්වය දුරු කොට, උපේක්ෂා සහගත මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරන ලෙසයි. එසේ නොමැතිව ආමිෂයට ම ගොදුරු වූවන් “බාල” යන්නෙන් හඳුන්වා ඇත.
ඔවුන් අස්ථිර ති‍්‍රලක්ෂණය හඳුනන්නේ නැත. එතරම් ම ඔවුහු ආමිසයට ලොල්ව කල් ගෙවති. මරණයෙන් සිදුවන සියලු වැනසීම් දකිමින් “මට පුත්තදාරකාදීන් සහිත ධනය ඇතැයි නිසරු සංකල්පයන්ට ගොදුරුව කල් ගෙවති. එම පිළිවෙත සසර දිගුªකරන දෙලොව පසුතැවිල්ලට හේතුය. එහෙයින් ම “ඉධතප්පති පෙච්ච තප්පති”යැයි වදාළහ.
මෙම ගාථා ධර්මයෙහි සඳහන් පරිදි ලෝකාමිසය දුරු කිරීම යන්නෙන් අදහස් කරන්නේ ගිහි පැවිදි හැම දෙනෙක්ම ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අනුගතව වාසය කිරිමයි. හෙවත් සීල සමාධි ප‍්‍රඥා යන ති‍්‍රලක්ෂණ පිළිවෙත් අනුගමනය කිරීමයි. පුහුදුන් හැම දෙනෙක්ම ආමිසයට ගිජු වෙති. එනම් පසිඳුරන් පිනවීමට ඇති කැමැත්තයි. එම රුචිය “කාමච්ඡන්ද” යැයි දහමෙහි උගන්වා ඇත. මෙහි දී බුදුරජාණන් වහන්සේ විසින් ප‍්‍රායෝගික ජීවිතවලට වැටහෙන උචිත උපමා උපයෝගී කර ගෙන ඇත්තාහ.
මේවා විමුක්ති අපේක්ෂා කරන්නන්ට වහා වැටහෙයි. ගතවෙන කාලයත් සමග රාති‍්‍ර කාල ගෙවී ආයුස නිමාවට පත්ව මරණයට පත් වෙයි, යන්න අවධාරණය වෙත්ම බුදු දහම පසුබිම් කර ගත් බුද්ධිමතුන්ට ජීවිතයේ යථාවබෝධය තේරුම් ගැනීමට මාවත උදා වෙයි.
ඔවුහු ලෞකික ලෝකෝත්තර කාර්යය සාධනයෙහිලා වහා උත්සුක වෙති. එය අප‍්‍රමාදය හෙවත් අධිෂ්ඨානශීලී ජීවන පැවැත්මයි. එහි දී පුද්ගලයන් නිතැතින්ම අරි අටමගට පිවිසෙයි. දියුණුව අපේක්ෂා කරන සැමට මෙය විශ්ව සාධාරණ සනාතන දහමකි. එය නොදන්නා අයට අවබෝධකරදීම බෞද්ධ පිළිවෙතයි. ඉගැන්වීම, දේශනය කිරීම යන්නෙන් ද අදහස් කරන්නේ එයමය.
එහි දී ආගම් හෝ ජාති හෝ වර්ග බේදයක් නැත. අවශ්‍ය වෙන්නේ, බුද්ධිමත්ව ප‍්‍රතිපත්තිකාමීවීම පමණය. “බුදු දහම” ලොවට සර්ව සාධාරණ පිළිවෙතක් ඉදිරිපත් කොට ඇති බව මෙම දහම් මාවත වටහා ගැනීමෙන් අවබෝධ වෙයි.
මෙම පිළිවෙත් මඟට පිළිපන් අය තිදොරින් සංවරව ආචාර සම්පන්න වෙති. එසේම අධ්‍යාත්මය ශ්‍රේෂ්ඨ ගුණ දහමින් පරිපූර්ණය. එසේ නොවේ නම් ලොව සම්මතව පවත්නා ලෞකික දියුණුවට පත්විය නොහැකිය. දැන් අප මෙහිදී ආමිසයෙන් ඉවත්ව නිර්වාණාබෝධයට “චිත්තය” යොමුකර ගන්නේ කෙසේදැයි විමසා බැලිය යුතුය.
මේ ගාථාවෙන් අරමුණු කර ඇත්තේ ලොව තේරුම් ගත යුතු විපරිණාම දෘෂ්ටියයි. හෙවත් ති‍්‍රලක්ෂණයයි. ආමිසයෙන් බැහැරව විශ්ව ලෝකය තේරුම් ගැනීමට නම්, ඇති වී නැතිවන නාම රූප ධර්මයන් අනිච්චානු පස්සනා, දුක්ඛානුපස්සනා, අනත්තානු පස්සනා යන ති‍්‍රලක්ෂණයෙන් බැලිය යුතුය. එම ක‍්‍රමය විපස්සනා භාවනාව හෙවත් පඤ්ඤා භාවනාවයි. මෙම ක‍්‍රමය අන්‍ය සමයාන්තරවල නැත. බුදු දහමෙහි ඇති අනිත්‍යතාවයත් එයමය.
යෝගාවචරයා මෙලෙස සංඛාර ධර්මයන් ගේ ස්වභාවය තේරුම් ගන්නා කල්හි ඔහුගේ අධ්‍යාත්මය පාරිශුද්ධත්වයට පත් වෙයි. ඒ නිවන වසා දමන ආවරණය කරන පඤ්චනීවරණ ධර්ම ඉවත්වීමෙනි.
එසේ ඉවත්ව යන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්ච කුක්කුච්ච, ථීනමිද්ධ, විචිකිච්චා යන සසර බැඳ තබන ක්ලේශ ධර්ම සමුහයයි. ඒ සියල්ල ප‍්‍රහීණ කිරීමට අනුබලය දෙන්නේ ආසවක්ඛය ඤාණයයි. (කෙළෙස් නැති කරන නුවණ)
බුදු, පසේබුදු, මහ රහත් යන තුන්තරා බෝධියට හෙවත් නිවණට පැමිණෙන්නේ එසේය. මෙය සසර දුකින් මිදීමයි. නැතහොත් භව ගමන කෙළවරට පත්වීමයි. මෙම ගාථා දහමට අයත් ශ‍්‍රී මුඛ දේශනයෙන් පැහැදිලි කර වදාළේ ආමිසයට ගිජු නොවී නිර්වාණයට පිවිසෙන මාර්ග පිළිවෙතය. එයට අනුගතව කටයුතු කිරීම සැදැහැවත් බොදුනු පිළිවෙත බව අදිටන් කර ගත යුතුව ඇත.
සියලු සත්හට නිර්වාණාබෝධය ඇති වේවා!
තෙරුවන් සරණයි.

කාරුණික අවවාද දෙන තැනැත්තා නිධානයක් පෙන්වන්නකු වැනි ය............


කාරුණික අවවාද දෙන තැනැත්තා නිධානයක් පෙන්වන්නකු වැනි ය

නමෝ තස්ස භගවතෝ අරහතො
සම්මා සම්බුද්ධස්ස
නිධීතංව පවත්තාරං
යංපස්සේ වජ්ජ දස්සීනං
නිග්ගයිහවාදිං මේධාවිං
තාදිසං පණ්ඩිතං භජේ
තාදිසං භජමා නස්ස
සෙය්‍යො හෝති නපාපියෝ
(ධම්ම පදය පණ්ඩිත වග්ග 2 )
කාරුණික පින්වතුනි!
තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් සැවැත්නුවර ජේතවනාරාමයේදී දේශනා කරණ ලද මෙම ගාථා ධර්මයෙහි සාමාන්‍ය තේරුම නම්, අපේ යම් වරදක් දැක එම වරද තේරුම් කරදී අවවාද දෙන නුවණැත්තා, නිදන් පෙන්වන්නෙකු වැනි බවත්, එබඳු ප‍්‍රඥාවන්තයින් ඇසුුරු කිරීමෙන් සැමවිටම යහපතක් සිදුවන බවත්ය.
බුදුරජාණන් වහන්සේ මෙම ගාථාධර්මය දේශනා කිරීමට හේතුවූයේ දිළිඳු බමුණෙකුට පිහිටවීම සඳහාය.
සැවැත්නුවර වාසය කළ එක්තරා බමුණෙක් ආර්ථික අතින් පිරිහී ගොස් ඉතාමත් දිළිඳු බවට පත්විය. ඔහු උසස් පෙළපතක උපන් රාධ නමැත්තෙකි. ඔහුගේ පියාණන් විසූ කාලයේම මේ දිළිඳු බව “ රාධ” බමුණාට උරුම විය. තමන් කරා දෛවෝප සහගත අයුරින් පැමිණි දිළිඳු බවෙන් මිදීමට පියාටද බැරිවිය. එහෙත් දුප්පත්කම කොතෙක් තිබුණත් තම පුතු “ රාධ” ට සැම දෙයක් පිළිබඳව තරමක දැනුමක් ලබාදීමට පියා උත්සාහ ගැනීමට වග බලා ගත්තේය. එය රාධ ගේ ජීවිතය හැඩගසා ගැනීමේදී ඉමහත් පිටුවහලක් වූහ.
රාධ බමුණා ළමා වියේ සිටම අනුන්ගේ අඩුපාඩු නොසොයති. වරද නොසළකති. උඩඟු බවක්ද නොදක්වති. කම්මැළි කමෙන් කල් නොගෙවයි. කීකරු කමින්ද යුක්තය. මෙසේ කල්ගෙවන තරුණ “රාධ” ට තුරුණු වියේදීම තම සෙනෙහෙබර මව්පිය දෙපළ අහිමිවූහ. දෙමව්පියන්ගේ මරණින් පසුව “ රාධ” තරුණයා ඉතාමත්ම අසරණ බවට පත්විය. කුලයෙන් උසස් නිසා අන් අයට වැඩක් පළක් කරදී හෝ වෙනත් කාර්යයක නිරත වී යම් මුදලක් සොයා ගැනීමට ද නොහැකිව සිටියේය.
ඒ තම කුල පරම්පරාවට නිගාවේ යන බියටය. ඉතාමත් අසරණ තත්වයට පත් වූ රාධ එක්තරා නිගමනයකට පැමිණියේය. ඒ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩ වසන සැවැත්නුවර ජේතවනාරාමයට ගොස් බුදුපාමොක් මහසඟුනට ඇප උපස්ථාන කරමින් තමන්ගේ ජීවිතයද ගැටගසා ගැනීම විය.
විහාරමළුව ඇමදීම පරමල් ඉවත්කිරීම, උණුපැන් සකස් කරදීම , සිහිල්පැන් පුරවාතැබීම , භික්ෂූන් වහන්සේලාට උවටැන් කිරීම ඇතුළු හැම කටයුත්තකටම සහයෝගය දක්වමින් “රාධ” ජේතවනාරාමයෙහිම කල් ගෙවීය. පැවිදිවීම සඳහා හිතේ සතුටක් තිබුණත් ඒ අදහස ද ඉටු නොවීය.
බුදුරජාණන් වහන්සේද මේ තරුණ “රාධ” බමුණා කෙරෙහි දැඩි අවධානයක් දැක්වූසේක. රාධ බමුණාට රහත්වීමට තරම් පූර්ව කුශල ඇතිබව දිවැසින් දුටු සේක. මෙදින සවස් කාලයෙහි දෙව්රම් වෙහෙරෙහි සැරිසැරූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ “රාධ” බමුණා දැක “ කුමක් කරනවාදැයි විචාළහ.
එවිට “රාධ” තරුණයා භික්‍ෂු සංඝයා වහන්සේලාට වත් පිළිවෙත් කරමියි කීවේය. මෙහිදී බුදුරජාණන් වහන්සේ රාධගෙන් නැවත මෙසේ විමසූහ. “ ඒ සඳහා කුමක් ලැබේද? “ රාධ බමුණා නැවත පිළිතුරු දෙන්නේ “ බුදුරජාණන් වහන්ස!” වැටුපක් පතා මම එසේ නොකරමි. පින් පිණිස එසේ කරමි,යි පැවසීය. එසේම පැවිදිවීමටද කැමති බව දැන්වීය. එය ඇසූ බුදුරජාණන් වහන්සේ” මෙම රාධ බමුණා කළ උපකාරයක් මතක ඇති කෙනෙක් අත්දැයි විමසූහ. මෙහිදී ඉදිරිපත් වූ සැරියුත් මහ රහතන් වහන්සේ මෙසේ පැවසූහ. “ දිනක් පිණ්ඩපාත පිණිස වැඩිය දවසක බත් එළවළු හැන්දක් පූජාකළ බව මතක ඇතැයි පැවසූහ.
“මොහු සංසාර දුකින් අත මිදීම සඳහා කැමති කුශලට හිත ඇති කෙනෙකි. එම නිසා රාධ බමුණා පැවිදි කළ යුතුයයි බුදුරජාණන් වහන්සේ වදාළසේක.
මෙය පැවරුනේ සැරියුත් මහරහතන් වහන්සේටය. සැරියුත් මහරහතන් වහන්සේ රාධ බමුණාට බණ දහම් උගන්වා පැවිද්ද ලබාදුන්හ.
සැරියුත් මහරහතන් වහන්සේගෙන් පැවිද්ද ලැබූ රාධ තෙර ඉතාමත් කීකරුව ගුරු උපදෙස් උතුම්කොට සලකමින්, විදසුන් වඩා නොබෝ කලකින්ම රහත් ඵලයට පැමිණියහ. බොහෝ භික්ෂූන් අතර රාධ තෙරුන්ගේ ගුණ කතාබහට ලක්වූහ. උපතින්ම පිහිටි කීකරුකම, වරදෙහි නොකිපීම , සන්සුන්කම පිළිබඳව කතාබහට ලක්විය. නොයෙක් අවස්ථාවල රාධ මහරහතන් වහන්සේ තුළ ඇති ගුණ සමුදායන් අනෙකුත් භික්ෂූන් වහන්සේලා අතර කතාබහට ලක් විය.
බුදුරජාණන් වහන්සේ මෙය නිමිති කරගෙන, අපේ යම් වරදක් දැක එම වරද තේරුම් කරදී අවවාද දෙන නැණවතා නිදන් පෙන්වන්නෙකු වැනි බවත්, එබඳු ප‍්‍රඥාවන්තයින් ඇසුරුකිරීමෙන් මෙළොවත් පරළොවෙත් යහපතක් සිදුවන බවත් වදාළ සේක.
සමාජයේ වැඩිහිටි අවවාද ඇතැම්විට පිළිපදින්නන් දැක ගැනීම අසීරුය. වරදක් පෙන්වාදෙන තැනැත්තා සතුරෙකු ලෙස සලකා වරද කළ අය වරද පෙන්වාදුන් අයට ද්වේෂ කිරීම්, තරහවීම්, පහරදීම් වැනි අවස්ථා ඇති බවට නම් සාධක ඇතුවාට සැකයක් නැත.
මෙම කුඩා දහම් පණිවුඩය සිහිතබාගෙන කල්ගෙවීමෙන් මෙළොව පරලොව ජය ගැනීමට හැකිවේ. සැමටම උතුම් නිවන් සැප ලැබේවා.

Thursday, May 10, 2012

සිත පහදවා ගත යුතු කරුණු හතරක්..............


සිත පහදවා ගත යුතු කරුණු හතරක්

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
චත්තාරෝ මේ භික්ඛවේ අග්ගප්පසාදා, තථාගත සම්මා සම්බුද්ධෝ අග්ගමක්ඛායති. විරාගෝ අග්ගමක්ඛායති. අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ අග්ගමක්ඛායති. තථාගත සාවක සංඝෝ අග්ගමක්ඛායතී තී.
සැදැහැවත් පින්වත්නි,
අමා මෑණි තථාගතයන් වහන්සේ වදාළනෙ “දුල්ලභෝ මනුස්සත්ත පටිලාභෝ” කියල. මිනිසෙක්වීම දුර්ලභ වූ විශේෂ ලාභයක්. ඔබත් මමත් මේ මිනිස් ජීවිතය ලැබුවෙ පෙර කළ පින් බලයෙන්. පෙර කළ පින් ඇති අය, පෙර පින් බලයෙන් ඉපදුණු අප මේ ජීවත්වන මොහොතෙත් පිනට දහමට යොමු විය යුතුයි. නැතිනම් වන්නෙ පුරාණය වළඳමින් ජීවත්වීම. අලුත් පිනක් නැහැ, පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සිරි මුව මඬලින් මහා කරුණාවෙන් වදාළ හැම බුදු වදනක්ම සිත සංසුන් කරනව, සිත තැන්පත් බවට පත්වෙනව. පාපයෙන් මුදවනව. පින් පුරනවා. දිනක් අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරනව, “චත්තාරෝ මේ භික්ඛවෙ අග්ගප්පසාදා”. මහණෙනි. මේ හතර ගැන ඔබේ පැහැදීම ඇති කර ගන්න. ඒ පැහැදීම විශිෂ්ටයි. මොනවද ඒ හතර? “තථාගත සම්මා සම්බුද්ධෝ අග්ග මක්ඛායති” තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම උතුම්ම පැහැදීමයි. “විරාගෝ අග්ගමක්ඛායතී” විරාගී වූ ධර්මය ගැන පැහැදීම උතුම්. “අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ අග්ගමක්ඛායතී” ආර්්ය අෂ්ටාංගික මාර්ගය ගැන පැහැදීම උතුම්. “තථාගත සාවක සංඝෝ අග්ගමක්ඛායති” තථාගත ශ්‍රාවක සංඝ රත්නය ගැන පැහැදීම උතුම්. මේ තැන් හතර ගැන පහදින අයගේ දුක සෝක සංකා දුරු වී සැදැහැවත් බව, නුවණ දියුණු වෙනව.
පින්වත්නි,
සමහරු කෙනෙක් දැකීමෙන්ම පහදිනව. සමහරු හඬට පහදිනව. තවත් අය කෙනෙකුගේ දක්ෂතාවලට පහදිනව. ඒත් හැම පැහැදීමක්ම තාවකාලිකයි. සමහර පැහැදීම් යහපතට හේතු වනව. සමහර ඒවා විනාශයට හේතු වනව.
පින්වත්නි, මෙලොව පහළ වන මිනිසුන් අතර නොයෙක් විදිහෙ දාර්ශනිකයෝ, ඉතිහාසඥයෝ, මනෝ විද්‍යාඥයො ඉන්නව. ඒත් ඒ හැම දෙනා අතර බුදුරජාණන් වහන්සේ උත්තරීතරයි. හිතල බලන්න පාරමී පිරූ බෝසත් කාලය. අතීත ජාතිවල ගත කරල තිබෙන ජීවිත බැලුවත් අසිරිමත්. වෙස්සන්තර ආත්ම භාවය ගැන හිතන්න. තමන් සතු වස්තුව දන් දීල ජාලිය - ක්‍රිෂ්ණජිනා දරු දෙන්නත් මන්ද්‍රි දේවියත් සමග මහ මඟට බැස්ස. අතර මඟදි අශ්ව කරත්තය දුන්නා. වනගතවෙලා තවුස් දම් රකිද්දි දරුවන් දන් දුන්නා. මන්ද්‍රී දේවිය දන් දුන්නා. මේ හැම දීමනාවක්ම වගේම යමෙක් නෙත් දෙක ඉල්ලුව නං එවේලෙම ගලවල දුන්න. ඉස් - මස් - ලේ - හදවත් දන් දුන්නා. ජීවිත පූජා කළ වාර අපමණයි. ඒ හැම පරිත්‍යාගයක්ම කළේ ඔබ වෙනුවෙන්. මා වෙනුවෙන්.
ඊළඟට බලන්න සිදුහත් කුමාරව ඉපදිලා ළමා කාලය ගත කළ හැටි. ඒ ළමා කාලයෙ හරිම සන්සුන්. අහිංසකයි. එදා වප් මඟුල් දා සිදුවුණු දේ ඔබ දන්නවනේ. දෙව්දත් කුමරු හංසයකුට විදපු වෙලාවෙ සිදුහත් කුමාරය ඒ ඊතලය ගලවල සාත්තු කළානේ. ඊළඟට තරුණ කාලයේ යශෝධරාව විවාහ කර ගෙන රාහුල පුංචි පුතා ඉපදුණු දවසෙ සියලු සැප අත්හැරල තපසට ගියානේ. ඒ අතහැරීමෙන්ම උන්වහන්සෙ මොන තරම් සැහැල්ලු බවට පත් වුණාද? ඉන් පස්සෙ ලොවුතුරා බුදු වුණ දවසෙ උන්වහන්සෙ .... සිත දුකට පත් කරවන සියලු කෙළසුන් කෙරෙන් දුරුවුණා. සියලු සසර බැමි වලින් නිදහස් වුණා. සියලු පූජාවන්ට සුදුසු වුණා. රහසින්වත් පවු නැති අසිරිමත් බුදු සිතක් ලැබුවා.
පින්වත්නි, කෙළෙස් කියන්නෙ සිත දූෂිත කරන - සිත කිළිටි කරන - සිත අපිරිසුදු කරන සිතිවිලිවලට. එයින් එකක් බලන්න. වෛරය. වෛරය - තරහව ඔබේ සිතේ තිබෙනව නම් විශාල වදයක් නේද? සිත ගිනි ගත්ත නේද? එවන් සිතිවිලි මහා බරක්. ඔබ යම් කෙනෙකු සමග වෛර බැඳ ගත්ත කියල හිතන්න. ඒ මොහොතෙ ඉඳලම ඔබේ සිතේ පහළ වන්නෙ නරක නපුරු සිතිවිලි නේද? ඒ ඔස්සෙ ක්‍රියාත්මක වන්නෙ විපත්ති නේද? එය ඔබේ ජීවිතයටම කරගත්ත කොඩිවිනයක් නේද? කිසිම වැදගැම්මකට නැති දේවල් නිසා ඇයි අප අපේ සිත කෙළෙසා ගන්නෙ.
බලන්න, ලොවුතුරා බුදු සිත සියලු කෙළෙස් සහමුලින් දුරු කළ සිතක්. ඒ නිසා නෙ බුදුපියාණන් වහන්සේ මහා කාරුණික වුණේ. ඒ බුදු සිතේ තිබුණු නිවීම, සැනසීම, විරාගී බව, නුවණ බුද්ධිය අපමණයි. ඒ බුදු සිතේ තම පුතා, තම පියා, දෙව්දත් තෙරුන්, ආලවක සෙනෙවි, අංගුලිමාල කියල වෙනසක් තිබුණේ නැහැනෙ. හැමෝටම සම මෙත් කරුණා දැක්වූවා.
පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණු අති විශිෂ්ට ගුණයක් තමා නොඇලීම හා නොගැටීම. ඔබටත් හැකිද ඒ විරාගී දහම අනුගමනය කිරීමට. එසේ හැකි නම් විශාල ජයග්‍රහණයක්. සතිපට්ඨාන සූත්‍රය ගැන දන්න ඇත්තන්ට වැටහේවි.
බුදුරජාණන් වහන්සේ තුළ තිබුණ වීතරාගී, වීතදෝසී, වීතමෝහී සිතිවිලි පිළිබද බලන්න. එම සූත්‍රයෙ මුලින්ම දැක්වෙන කය අනුව සිහි නුවණින් බැලීම තවත් කිසිවෙකුට විවරණය කිරීමට ඉඩ නොතබා විවරණය කළා. ශරීරයේ පැවත්මට මහෝපකාරී වන හුස්ම ටික ගැන දී ඇති විවරණය, ඊළඟට සතර ඉරියව් පැවැත්වීම ගැන, හැම ඉරියව්වක් ගැනම, දෙතිස් කුණප කොටස් ගැන, සතර මහා ධාතු ගැන මරණින් පසු ශරීරයේ ඇති තතු ගැන විවරණය කර ඇති අයුරු අසිරිමත්. ඊළඟට බලන්න අපේ සිත ගැන, විඳීම් ගැන, ලෝකයේ ජීවිතයේ සත්‍යතාවය ගැන කර ඇති විවරණය අසිරිමත් නේද? ලෝකයේ මොන තරම් විද්‍යාඥයො ඉන්නවද? ඒත් ඔබේ මගේ සිත ගැන, ඒ සිතේ පහළ වන සිතිවිලි ගැන, ඒ සිතිවිලි වලින් පහළ වන වින්දන. ඒ වින්දන නිසා එක් රැස්වන කර්ම ශක්ති ගැන අපේ බුදුහාමුදුරුවො මහා පුදුම විදිහට විවරණය කරල තිබෙනව.
ඊළ¼ගට බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන. පින්වත්නි, සම්මා දිට්ඨිය ගැන හිතන්න. සම්මා දිට්ඨිය පිහිටන්නෙ සිතේමයි. ලොව තිබෙන හොඳම දැකීම තමා පින්වත්නි සියල්ලටම මුල සිත, ඔය සිතේ පහළවන හොඳ නරක දෙකේම ප්‍රතිඵලයක් හැටියටයි ඔබත් මාත් නිර්මාණය වෙලා තිබෙන්නෙ. ඉන් තොරව අපව නිර්මාණය කළ මොනම අදෘශ්‍යමාන හස්තයක්වත් නෑ. මොනම දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් අපව නිර්මාණය කරල නෑ. ඔබ යම් දුකකට පත් වී ඇත්නම් ඒ ඔබේම සිතේ ඔබම පහළ කර ගත්ත රාගය - තරහව - මෝඩකම - මානය - ඊර්ෂ්‍යාව වගෙ අයහපත් සිතිවිලිවල ප්‍රතිඵලයක්. ඔබේ සිතේ අවංක පිරිසුදු සතුටක් තිබෙනව නම් එතැන ඇලීමක් , ගැටීමක් නෑ. පින්වතුනි, ඔබ යම් දෙයකට තදින් ඇලී සිටිනව නම්, ඔබ යම් කෙනෙකුට දැඩිව ආදරය, සෙනෙහස, ඇලීම, බැඳීම දක්වනව නම් මහා දුකක්නෙ. එය ඔබ හොඳින් අත්විඳල ඇති.
ඕනැම දෙයක් සමග හරි ඕනැම කෙනෙක් සමග හරි දැඩිව බැඳෙන එක ගැටෙන එක දුකක්මයි. පුරුද්දක් පිළිබඳ වුණත් එහෙමනෙ. ඒක හිතට මහා බරක්. බැඳීමෙන්, ගැටීමෙන් දුරස් වන්න වන්න හිතට සැනසිල්ල ළඟා වෙනව. එතැන තමා දැහැමිකම. ඒ තමා පරම සත්‍යය. මේ දැකීම ඔබ තුළ තිබෙනවද? මේ උතුම් සංකල්පනා ඔබ තුළ තිබෙනවද? මෙය උතුම් නිවැරදි වචනයක්. අපි වීරිය දැරිය යුත්තෙ මිථ්‍යා විශ්වාසවලින් මිදෙන්න. වැරැදි ක්‍රියා දුර හරින්න. ඔබ උත්සාහ කරන්න පන්සිල් රකින්න. පන්සිල් රැකීමෙන් ලැබෙන සතුට අප්‍රමාණයි.
පින්වත්නි, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළ අය අතර මහා සංඝ රත්නයම ශ්‍රේෂ්ඨයි. සුපටිපන්න ගුණයෙන් යුක්තයි. ඉන් අදහස් කරන්නෙ සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාණයෙන් යුක්තයි. ඒ වගේම උජුපටිපන්නයි. ඒකෙන් අදහස් කරන්නෙ, ඒකාන්තයෙන්ම නිවන් පිණිසම පිළිවෙත් පුරණ නිසයි.
ඔබගේ හද කුටියේ ඉඩක් වෙන් කරන්න, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට, වීතරාගී නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයට, ආර්ය අෂ්ටාංගික මාර්ගයට, සුපටිපන්නාදී ගුණ සපිරි මහා සඟරුවනට. එය දෙලොව යහපතට, නිවන් අවබෝධයට උපකාරී වනව. ඔබටත් මටත් ධර්මාලෝකය පහළ වේවා! නිර්වාණාවබෝධය වේවා!