Powered By Blogger

Saturday, November 3, 2012

යළි උත්සන්න වන මියන්මාරයේ බෞද්ධ සංහාරය


යළි උත්සන්න වන මියන්මාරයේ බෞද්ධ සංහාරය

පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

පසුගිය ජූනි මාසයේ සිට බටහිර මියන්මාරයේ මුස්‌ලිම් අන්තවාදීන් විසින් බෞද්ධයන්ට එරෙහිව දියත් කර ඇති ප්‍රචණ්‌ඩත්වයත් ඊට එරෙහිව බෞද්ධ පාර්ශවය විසින් එල්ලකරන ප්‍රතිවිරෝධතාවයත් හේතුවෙන් නැවතත් දෙපාර්ශවය අතර ගැටුම් උග්‍ර වී තිබේ. පසුගිය 26,27,28 දිනවලදී රාකින් ප්‍රාන්තයේ ඇති වූ ගැටුම් වලින් මේ වන විට දෙපාර්ශවයේම 100 කට අධික පිරිසක්‌ ජීවිතක්‌ෂයට පත්ව ඇති අතර නිවාස දෙදහසක්‌ පමණ ගිනිබත් කර ඇතැයි මාධ්‍ය වාර්තා දක්‌වයි. ඒ අතර බෞද්ධ විහාර කිහිපයක්‌ද වේ. පසු ගිය ජූනි මාසයේ මුස්‌ලිම් අන්තවාදීන් විසින් බෞද්ධ තරුණියක කෙළෙසා ගෙල කපා මරා දැමීම මෙම ගැටුම්වලට ආසන්නතම හේතුවයි.

අසල්වැසි බංග්ලාදේශයෙන් සංක්‍රමණය වූයේ යෑයි සැලකෙන රොහින්ගියා මුස්‌ලිම් ජන කොටස හා බෞද්ධයන් අතර ගැටුම් අලුත් දෙයක්‌ නොවේ. මීට පෙර 1979 දී හා 1991-92 කාල සීමාවේදී ද මෙවැනිම ගැටුම් අතිවූ අතර එම අවස්‌ථා දෙකේදීම දහස්‌ ගණන් මුස්‌ලිම් ආගමිකයෝ දේශ සීමාව හරහා බංග්ලාදේශයට පලා ගියහ. පසුගියදා හටගත් ගැටුම්වලින් පසුවද එවැනිම සංඛ්‍යාවක්‌ රැකවරණය පතා බංග්ලාදේශයට යැමට තැත් කළද බංග්ලාදේශ රජය දේශ සීමාව වසා දමා එය ව්‍යර්ථ කිරීමට උත්සාහ කළේය. මියන්මාර් රජය රොහින්ගියා මුස්‌ලිමුන් ස්‌වදේශිකයන් ලෙස පිළි නොගන්නා අතර බංග්ලාදේශයද ඔවුන් තම රටේ පුරවැසියන් ලෙස පිළිගන්නට සූදානම් නැත. එබැවින් රොහින්ගියා මුස්‌ලිම් ගෝත්‍රය පිළිගැනෙන්නේ රටක්‌ නැති වඩාත් පීඩාවට පත් වූ ජන කණ්‌ඩායමක්‌ ලෙසටය.

කෙසේ වෙතත් අනුන්ගේ බිම් කඩක වුව ද තමන් ජීවත්වන භූමියේ ආධිපත්‍යය පැතිරවීමට උත්සහ දැරීමත්, ඉස්‌ලාමය අදහන්නන්ට සාපේක්‌ෂව අනිකුත් ආගමිකයන් සුළුතරයක්‌ වූ කල සුළුතරයට එරෙහිව භීsතිය හා ප්‍රචණ්‌ඩත්වය පැතිරවීමත් ඉස්‌ලාමයේ සාමාන්‍ය ස්‌වරූපයයි. ඒ සදහා ඉස්‌ලාම් භක්‌තිකයන්ට බලය පවරා ඇත්තේ ඉස්‌ලාමයේ න්‍යාය පුස්‌තකය වන ශු. කුර්ආනයයි. එහි ඇති අන්තවාදී දේව නියෝග අකුරටම පිළිපදිමින් පෙරදිග සියලුම බෞද්ධ රාජධානි ග්‍රහණයට ගෙන ඔවුන් සිදු කළ සාහසික බෞද්ධ සංහාරයත් එහිදී ඔවුන්ගේ ඓතිහාසික හැසිරීමත් හොදින් නිරීක්‌ෂණය කිරීමේ දී ඒ බව හොදින්ම පැහැදිලි කරගත හැකිය. මියන්මාරයේ රාකින් ප්‍රාන්තයේ මෙම සිදුවීම එයින් මදක්‌ වෙනස්‌ වුව ද දකුණු තායිලන්තයේත්, බංග්ලාදේශයේදීත් සුළුතරය වී ඇති බෞද්ධ ප්‍රජාව මත ම්ලේච්ඡ අන්තවාදී ආගමික ප්‍රචණ්‌ඩත්වය මුදා හරිමින් වර්තමානයේ සිදු වන්නේ එම ඓතිහාසික සංසිද්ධියමය.

89% බෞද්ධ බහුතරයකින් යුතු බුරුමය හෙවත් වත්මන් මියන්මාර ජන ජීවිතය ප්‍රජාතන්ත්‍රවාදය සීමා කරන ලද දරදඬු හමුදා පාලනයක්‌ යටතේ වුවද බෙහෙවින් සාමකාමී එකක්‌ බව කියෑවෙයි. එහෙත් කොතරම් අවිහිංසාවාදී ජන කොටසක්‌ වුවද තමන්ට එරෙහිව එන බලවේගවලට ප්‍රතික්‍රියා දැක්‌වීම සදහා නිතැතින්ම අනුවර්තනය වීම සාමාන්‍ය මිනිස්‌ ස්‌වභාවයයි. ඒ අනුව රාකින් පළාතේ ස්‌වදේශික බුරුම බෞද්ධයන්ද මුස්‌ලිම් අන්තවාදී ප්‍රචණ්‌ඩත්වයට එරෙහිව දැඩි ප්‍රතිරෝධයක්‌ එල්ල කර ඇති බව මධ්‍යස්‌ථ වාර්තා සදහන් කරයි. "ත්‍රස්‌තයන්ට පිළිතුරු දිය යුත්තේ ඔවුන්ට තේරෙන භාෂාවෙනි" එක්‌තරා රාජ්‍ය නායකයකුද මීට ටික කලකට පෙර එසේ ප්‍රකාශ කර තිබිණි.

මෙසේ ඇවිළෙමින් පවතින මියන්මාර බෞද්ධ-මුස්‌ලිම් ගැටුම් මියන්මාර් බෞද්ධ රාජධානියේ අනාගතය යහපත් එකක්‌ නොකරන බවට දැනටමත් ඉඟි පළවී තිබේ. දැනටමත් ඉස්‌ලාමීය ජමාත්-ඊ-ඉස්‌ලාම් වැනි අන්තවාදී කණ්‌ඩායම් රොහින්ගියා ප්‍රශ්නය මුල් කරගනිමින් බෞද්ධ ප්‍රජාවගෙන් පලි ගැනීමට උත්සහා දරමින් සිටී. පසුගිය දිනවල බංග්ලාදේශ බෞද්ධ විහාරස්‌ථාන වලට එල්ල කරන ලද මුස්‌ලිම් අන්තවාදී ප්‍රහාරය ද එහි ප්‍රතිපලයක්‌ බව මේ වන විට හෙළිදරව් වී තිබේ. ඊට අමතරව අල් කයිඩා වැනි සටන් කණ්‌ඩායම්ද රාකින් ප්‍රදේශයේ ගැටුම ගෝලීය ඉස්‌ලාමීය අරගලයේ කොටසක්‌ කර ගැනීමටත් ලෝක මුස්‌ලිම් ජිහාඩය මියන්මාරයට එරෙහිව කුපිත කරවීමටත් අර අඳින බවද වාර්තාවේ. ලොව පුරා මියන්මාර් තානාපති කාර්යාලවලට පහර දිය යුතු බව මුජහිදීන් නැමති අන්ත මූලධර්මවාදී ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදී සංවිධානය පසු ගිය දිනවල නිකුත් කර තිබූ ප්‍රකාශයෙන් ඒ බව මනාව තහවුරු වේ. "ජමාත්-ඊ-ඉස්‌ලාම්" අන්තවාදී කල්ලිය ලංකාවේ නැගෙනහිර පළාත තුළද සක්‍රීය වී ඇති බව හෙළිදරව් වී තිබේ. ඒ සදහා නායකත්වය දෙන්නේ ප්‍රබල මුස්‌ලිම් දේශපාලනඥයකු බව ද ප්‍රසිද්ධ රහසකි. 2011 වර්ෂයේ දී ඇති වූ ග්‍රීස්‌ යකා භීතිකාව පිටුපස සිටියේද මෙම අන්තවාදී කල්ලියයි. පාතාලය හා ඒකාබද්ධව ජිහාඩ් නැමති බිහිසුණු ඉස්‌ලාම් ආගමික සංකල්පය ලංකාවේ මුස්‌ලිම් ප්‍රජාව අතර ප්‍රචලිත කෙරෙමින් පවතින බවද ආරක්‌ෂක බුද්ධි අංශ රජයට වාර්තා කර ඇති බව පසු ගිය දින වල මෙරට මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙකී කාරණා සියල්ල ඔස්‌සේ ශ්‍රී ලාංකීය මාතෘ භූමිය තුළද ඉස්‌ලාමීය අන්තවාදී පිළිකාව හිස ඔසවමින් පවතින බව තහවුරු වේ. ඊට එරෙහිව නිසි බලධාරීන් වහ වහා පියවර නොගත්තොත් ශ්‍රී ලංකාවේ අනාගත ආශ්චර්යය බංග්ලාදේශය, මියන්මාරය දෙස බැලීමෙන් මනාව දැක ගත හැකි වනු ඇත.

බුරුමයේ උද්ගත වී ඇති බෞද්ධ-මුස්‌ලිම් අර්බූදය CNN ඇතුළු බටහිර මාධ්‍ය විශේෂ අවධානයක්‌ දක්‌වමින් වාර්තා කර තිබේ. මියන්මාරය සම්බන්ධයෙන් බටහිර මාධ්‍ය පළකර තිබූ පුවත් ඒකපාර්ශවීය ලෙස වාර්තා කර තිබුණු අතර මියන්මාරයේ මුස්‌ලිම්වරුන් පීඩාවට පත්ව ඇති බව සදහන් කරමින් පළ කර තිබූ බොහෝ මාධ්‍ය වාර්තා බෞද්ධයන්ට හා මියන්මාර් බෞද්ධ රජයට චෝදනා කරමින් පළ කර තිබුණු ඒවාය. නමුත් සත්‍ය එය නොවේ. මෙම අන්තවාදී ගැටුම්වලින් වැඩියෙන්ම අගතියට පත්ව ඇත්තේ ස්‌වදේශික බෞද්ධයන්ය. එසේ නම් දැඩි මුස්‌ලිම් විරෝධී පිළිවෙතක්‌ අනුගමනය කරන බටහිර මාධ්‍ය මියන්මාර් බෞද්ධ රජයට එරෙහිව සිට ගන්නේ ඇයි...

දශක දෙකකට අධික කාලයක්‌ මියන්මාරය පාලනය කරන්නේ ඒකාධිපති හමුදා ජුන්ටාවක්‌ මගිනි. බටහිර රාජ්‍ය නොවන සංවිධාන ඇතුලු අන්‍යාගම්කරණ ඉවැන්ජලික කල්ලි වලට රට තුළට පිවිසීමේ ඉඩ කඩ අහුරා බටහිර ලෝකය සමග සියලු ගනුදෙනු අතහැර දැමූ මියන්මාර හමුදා පාලනය මුළුමනින්ම යෑපුනේ චීනය මතය. ස්‌වභාවික ගෑස්‌ හා පොසිල ඉන්ධන නිධි සහිත මියන්මාරය තවමත් අත නොතැබූ ස්‌වභාවික සම්පත් ආකරයකි. චීනය දැනටමත් මියන්මාරයේ තෙල් කර්මාන්තයේ විශාල වශයෙන් ආයෝජනය කර ඇත. ඊට අමතරව මියන්මාරයේ සිට චීනයේ යුනාන් ප්‍රදේශය දක්‌වා දිවෙන තෙල් නළ මාර්ගයක්‌ද ඉදිකරමින් සිටී. මලක්‌කා සමුද්‍ර සන්ධියට මායිම් වන මියන්මාරය චීනයට උපාය මාර්ගික වශයෙන්ද අතිශයෙන් වැදගත්ය. ඇමරිකාව ප්‍රමුඛ බටහිර නව යටත්විජිතවාදයේ සීතල සතුරා වන චීනයට ඇති අවස්‌ථා අහිමි කරවීමත්, මුලධර්මවාදී ඉවැන්ජලික කල්ලි සහ සිය බහුජාතික සමාගම්වලට මියන්මාරයට ප්‍රවිශ්ඨ වීම සඳහා මග හෙළි පෙහෙළි කර ගැනීම එක්‌සත් ජනපදය ප්‍රමුඛ බටහිර බලවේග වල මුඛ්‍ය පරමාර්ථයයි. එහෙත් දශක දෙකක්‌ පුරා ඊට එරෙහිව සිටින්නේ මියන්මාරයේ දැඩි හමුදා පාලනයයි. වසර 40 ක්‌ තිස්‌සේ වරින් වර නිවාස අඩස්‌සියේ රඳවා සිටින විපක්‌ෂ නායිකා අවුන්සාන් සුකී දැඩි බටහිර ගැති කාන්තාවක්‌ වන අතර ඇය ක්‍රිස්‌තියානුවෙකු ලෙස හොර රහසේ බෞතිස්‌ම කර ඇතැයි ද කියෑවෙයි. දිගුකලක්‌ තිස්‌සේ ඒකාධිපති පාලකයින්ගේ දැඩි පාලනයෙන් පීඩාවට පත්ව සිටින මියන්මාර් වැසියන් හමුදා පාලනයට එරෙහිව පහුගිය දශකය පුරා දැඩි අරගලයක්‌ ගෙන යන අතර ඒ පිටුපස සිටින්නේ අවුන්සාන් සූකිගේ ආශිර්වාදය ලබන ඇමරිකානු ඉවැන්ජලික කල්ලි කිහිපයක්‌ බව කියෑවෙයි. Seventh day Adventist යනු එයින් ප්‍රමුඛතම කල්ලියකි. මේ වන විට මියන්මාරයේ හිස ඔසවමින් පවතින මුස්‌ලිම් අන්තවාදී ගින්නට ඉන්ධන සපයන්නේද මෙම ඉවැන්ජලික බළල් අත් වලිනි. ඔවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය වී ඇත්තේ හමුදා පාලනය පෙරළා දමා ක්‍රිස්‌තියානු බටහිරගැති අවුන්සාන් සූකි බලයට පත් කරවීමයි. ඒ හරහා මෙතෙක්‌ කල් සුරක්‌ෂිතව තිබූ මියන්මාර බෞද්ධ රාජධානිය බටහිර නව යටත්විජිතකරණයට නතු කර ගැනීමයි. ඒ හරහා මියන්මාරය නමැති සම්පත් ආකරය සූරා කෑමයි. මෙසේ මියන්මාරය තුළ උද්ගත වී ඇති අර්බූදය බටහිර ලෝකය හමුවේ වැරදි ලෙස අර්ථකථනය කර මියන්මාර හමුදා රජයට එරෙහිව මුස්‌ලිම් හා බටහිර ප්‍රජාව නොමග යවා රට තුළට ඇතුළු වීම සඳහා ප්‍රවේශය සකසා ගැනීමේ මෙහෙයුමක යෙදී සිටින බවට බටහිර බලවේග වලට එරෙහිව නැගෙන බරපතල චෝදනාවකි. ඒ චෝදනා වලින් ඔවුන්ට මිදිය හැකිද?

පසුගිය වසර දෙදහස පුරාවට ලෝකය පුරා වාර්ගික ගැටුමක්‌ ඇතිවුනේ කොතනද? මුස්‌ලිම් අන්තවාදය හා ක්‍රිස්‌තියානි මූලධර්මවාදය එහි රෝග බීජය වූවේය. මේ සියලුම කාරණා අප ශ්‍රී ලාංකීය මාතෘ භූමියටත් සීයට සීයක්‌ම අදාළය. වසර තිහක්‌ පුරාවට අපට වද දුන් වේලුපිල්ලේ පිරබාහරන්ද පල්ලියේ නිර්මාණයකි. එල් ටී ටී ඊ යනු පල්ලියේ සන්නද්ධ අංශය බව සුප්‍රකට යුධ විෂ්ලේශකයකු ද ප්‍රකාශ කර තිබිණි. රුදුරු ත්‍රස්‌තවාදයකින් හොඳ හැටි බැට කෑ අපි ඊටත් වඩා බියකරු රුදුරු අන්තවාදී සෙවනැල්ලක්‌ අප ඉදිරියේ සිටින බව කවුරු කවුරුත් තරයේ සිහිතබාගත යුතුය.

උපුටා ගැනීම - 

බුදුදහම ආභරණයක්‌ පමණක්‌ නොවීමට...


බුද්ධ ශාසනය ආරම්භ වූ දඹදිව නැවතත් හින්දූන්ගේ සහ වෙනත් ආගමිකයින්ගේ ආධිපත්‍යට නතු වූයේ ඇයි දැයි යන ප්‍රශ්නයට තිබෙන සරල පිළිතුර මෝගල් ආක්‍රමණයයි. එහෙත් එහි ආරම්භක හේතුව එය නොවේ. බුදුන් වහන්සේ ගේ නෑ පරපුර විඩූඩභ රජු අතින් විනාශ වී යාම ද එක්‌ හේතුවකි. බුද්ධ පරිනිර්වානයෙන් වසර තුන්සීයක්‌ පමණ ඉක්‌ම ගිය පසු ධර්මාශෝක රජතුමා කරන ලද ශාසනික සේවය නිසා බුද්ධ ශාසනයේ පිබිදීමක්‌ ඇති වුණද එය තිරසාර නොවීය. ඉන්දීයාවේ කුල භේදය විසින් නිර්මාණය කරන ලද පංති පරතරය විසින් සාමාන්‍ය ජනතාව අතරට ධර්මයේ පණිවුඩය යන්නට ඉඩ හැර තිබුනේ නැත. රජ පරපුර අහෝසි වනවාත් සමගම බුද්ධ ශාසනය දුර්වල තත්වයකට පැමිණුන අතර නාලාන්දා වැනි විශ්වවිද්‍යාල විනාශ කිරීම නිසාද සසුනේ ආධිපත්‍ය ගිලිහී ගියේය. නාලන්දා වික්‍රමශීලා වැනි මහා විශ්වවිද්‍යාල වල ථෙරවාදී දර්ශණයන් ඉගැන්වීම දෙවනි තැන තබා සර්ව කාලීන විෂයයන් හා සංස්‌කෘත ආදී එකල ප්‍රමුඛ භාෂාවන් ප්‍රගුණ කිරීමට යාමද බුදු සසුනේ පරිහාණියට එක්‌ හේතුවකි. සූත්‍ර ධර්මයන් වෙනත් භාෂාවකට හැරවීම සහ තේරුම් කර ගැනීමේ පහසුව ඇති කිරීම යහපත් දෙයක්‌ වුවද තවත් බසකට පෙරළීමේ දී ධර්මය විකෘති වන බව කිසිවෙකුත් තේරුම් ගත්තේ නැත.

වර්තමාන ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය වන්නේ අශෝක ධර්ම චක්‍රයයි. එහෙත් එයින් ප්‍රකාශ වන්නේ ඉන්දීය ප්‍රතිපත්තිය බෞද්ධ වීම නොවේ. මයාවතී මහ ඇමතිනිය ලක්‌නව් නගරය ආශ්‍රිතව බෞද්ධ නගරයක්‌ නිර්මාණය කර ඇත. එහෙත් එයින්ද කියවෙන්නේ ඉන්දියාව බෞද්ධ ගමන් මාර්ගයකට අවතීර්ණ වී ඇති බව නොවේ. ඉන්දියාවට මේ බෞද්ධකම ආභරණයක්‌ පමණකි. එය සංචාරක කර්මාන්තය සඳහා වඩා සරු ලෙස භාවිතා කිරීම ඔවුන්ගේ උපක්‍රමයයි. චෙන්නායිවලදී සිංහල බෞද්ධයින්ට හා අනෙකුත් වන්දනාකරුවන්ට පහර දුන්නද ඉන්දියාව අපගේ දේශපාලනඥයින්ට වඩා සකසුරුවම් ලෙස ඒ ප්‍රශ්නය විසඳා ගන්නවා ඇත.

සිංහලකමත් බුදු දහමත් එකට බැඳී පවතින ආකාරය ගැන ලියෑවුනු අගනා පොත් පිංචක්‌ වූ මහාචාර්ය ඡේ. බී. දිසානායක මහතාගේ සිංහල බුදු සමය අපගේ ජීවන චරියාව මැනවින් පෙන්වා දෙන්නකි. විදේශීය ආක්‍රමණිකයින් සැමදා නොඉවසන ලද්දේ මේ ජීවන චරියාවයි. මනුෂ්‍ය ඝාතනයෙන් සිංහල බෞද්ධකම අතුගා දැමිය හැකි යයි මීට වසර පන්සීයයක්‌ට පෙර කරන ලද අත්හදා බැලීම කොටි ත්‍රස්‌තයින් ලවා ද කරවන්නට බටහිර ධවලයින්ට ඕනෑ විය. නමුත් කිසියම් අත්භූත හේතුවක්‌ නිසා එය මේවන තෙක්‌ සාර්ථක වී නොමැත. එයට එක්‌ හේතුවක්‌ වන්නේ සිංහල ජාතිය වෙලා ගෙන තිබෙන බුද්ධ ශාසනයේ අරටුවයි. සිංහල බෞද්ධයින් ශ්‍රී ලාංකික කිරීමට ගන්නා තැත වර්තමානයේ සිදු වන්නකි. ඒ මගින් සිංහල බෞද්ධයින් ගේ අනන්‍යතාවය නැති කර දමා දෙමළ මුස්‌ලිම් ජන වර්ගයන්හි සලකුණු ඉස්‌මතු කරන්නට සැරසෙන බව ද පෙනේ. මේ අතර බෞද්ධයින් අතර භේද ඇති කරලීමට ද සාම්ප්‍රදායක විහාරස්‌ථාන වලින් බෞදධයින් ඈත් කර තැබීමට ද දේශනා කරන පිරිසක්‌ ද දැන් බිහි වී ඇත.

උපසම්පදාව පවා අතුරුදන්ව ගිය උඩරට රාජධානි කාල වකවානුව තුළ සිදුව තිබූ ශාසනික පරිහානියේ ලක්‌ෂණ වර්තමාන සංඝ සමාජය තුළ දක්‌නට ඇත. පැවිදිව මහණ දම් පුරන භික්‌ෂූන් වහන්සේලාගේ දුර්වලතාවයන් නිසා එසේ සිදු වන්නේ යයි කිය ඇඟ බේරා ගෙන අතපිහදා ගැනීමට අපට පහසුය. එහෙත් එයට අවකාශ නැත. මෙම පරිහානියට ගිහි සමාජයද වග කිව යුතුය. මේ තත්ත්වය වටහා ගෙන බොර දියේ මාලු බෑමට මෙන් විවිධ පුද්ගලයින් සහ භික්‌ෂූන් වහන්සේලා මෙන් පෙනී සිටින අය කරන ක්‍රියා කාරකම් ගැන වර්තමාන සමාජය එතරම් දැනුවත් නැත. ඇතැම් විට මේ පිරිසට රාජ්‍ය අනුග්‍රහය පවා ලැබේ. ඒ ස්‌ථානවල මාළිගා වැනි විහාරස්‌ථාන විවෘත කරලීමට කවුරුත් කැමැත්තක්‌ දක්‌වති. එයින් පෙන්නුම් කරන්නේ එක දෙයකි. දැනට අකර්මණ්‍යව පවතින මහා විහාර සම්ප්‍රදාය අභිබවා එවැනි මූලස්‌ථාන සකස්‌ කර ගෙන බෞද්ධ ජනතාව අතර පෙනී සිටමින් පාලකයින්ද වසඟ කර ගැනීමට තැත් කිරීමයි. එදා අනුරාධපුරයේ විවිධ නිකායන් ගෙන් මෙලෙස බුදුසසුනට ගැහැට පැමිණුනි. මහායාන මත වාදයන් සහමුලින්ම වැළඳ ගැන්මට කරන උත්සාහයන් තිබුණි. නමුත් කලකදී ඒවා අතුරුදහන්ව ගියේය. බෞද්ධ ජනතාවට දැරිය හැකි මත වාදයන් පමණක්‌ සමාජයේ ඉතිරි වුණි.

ජනාධිපති උපදේශක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් මේ පිරිස හඳුවන්නේ බුදුසසුන වනසන කඳපණුවන් විලසටයි. අංගුත්තර නිකායේ දුක නිපාතයේ එනමේ බුදු වදනද ඉස්‌මතු කරලමින් උන්වහන්සේ මේ ව්‍යසනය වත්මන් සමාජයට මතක්‌ කර දෙන ආකාරය මෙසේය. මහණෙනි යම් භික්‌ෂු පිරිසක්‌ සූත්‍රාන්ත වැරදී ලෙස කියමින් තම වදන පදනම් කර ගෙන අර්ථය ද ධර්මය ද එනම් අටුවාවද පෙළ ද වළහා ලද්ද (තමන් විසින් වැරදි ලෙස ගත් අර්ථය ද ධර්මයද උත්තරීතර ලෙසට පෙන්වා දෙද්ද) ඒ භික්‌ෂූහු බෙහෝ දෙනාට අහිත පිණිස නොසැප පිණිස අනර්ථය පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක්‌ පිණිස පිළිපන්නාහ වෙති. ඔවුහු බෙහෝ අකුසල් ද රැස්‌කර ගනිති. මේ සද්ධර්මය අතුරුදහන් කර ගනිති.

වර්තමාන ඇතැම් දේශකයින්ට සහ භික්‌ෂුන්ට මේ පාඨය කෙතරම් අදාළ වන්නේදැයි නාලක හිමියන් දීර්ඝ ලෙසට විග්‍රහ කරති. අතීතයේ සිටම බුදුසසුනට එරෙහිව පැමිණි මතවාදයන් සහ ආක්‍රමණයන් ගැන මේ ග්‍රන්ථයේ විචිත්‍රවත් ලෙසට සඳහන් කර තිබේ. වෙසෙසින්ම බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ධර්ම සංගායනා ඇති වීමට හේතුව වූ කරුණු උන් වහන්සේ විග්‍රහ කරයි. බුද්ධ පබ්බජිත සුභද්ද භික්‌ෂුව කලබල ඇතිකළ විට තැනට සුදුසු ලෙසට ක්‍රියා කළ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පළමු ධර්ම සංගායනාව පවත්වා බුදු සසුන නිරවුල් කළහ. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ගන්නේ ද එම මාවතයි. වර්තමානයෙහි ධර්මාශෝක වැනි අධිරාජයෙක්‌ පහළව නැත. බුදු සස්‌න වෙනුවෙන් ඇල්ම හා උනන්දුව ඇති නරපතියෙකු සිටියහොත් එහිදී සසුනට වන හානියන් ක්‌ෂණික ලෙසට අවබෝධ කරගෙන පිළියම් යෙදීමට උත්සුක වේ. එහෙත් එවැනි සේයාවක්‌ ද දක්‌නට නැත. සෝවාන් සකෘදාගාමීයයි කියා ගන්නා රහත්හු වශයෙන් පෙනී සිටින ජනමාධ්‍ය හරහා නොයෙකුත් විප්‍රකාර දේශනා කරමින් සිය ජනප්‍රියත්වය ඔස්‌සේ මෝඩ බෞද්ධයින් වසඟකර ගෙන සසුනෙහි අනාගතය කෙලසන භික්‌ෂුන් වහන්සේලා යයි කියා ගන්නා පිරිස ගැන බෙංගමුවේ නාලක හිමියන් කරන විග්‍රහය තේරුම් ගත්තෙකු වැරදි මාර්ගයක නොයනු ඇත. එහෙත් බුදු සස්‌න වනසන කඳ පණුවන් ගේ කාරය භාර්යට ද යම් කිසි දේශපාලනයක්‌ ඇති බව විග්‍රහ කර ගන්නේ නැතිව එයට වර්තමානයේ මුහුණ දීමට අසීරු බවද අද අප තේරුම් ගත යුතුය. මේ සියල්ල වසර පන්සීයක්‌ තිස්‌සේ රටේ අක්‌මුල් සොයා කරන විනාශයන් බව අවබෝධ කර ගැනීම වර්තමානයේ සිදු විය යුත්තකි. එසේ වුවහොත් පමණක්‌ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ගේ වෑයම සාර්ථක වන්නේ වේ. එසේ නොමැති වුවහොත් වර්තමාන ඉන්දියාවේ මෙන් සංචාරකයින්ට විවෘත වූ පුරා වස්‌තු ගහන රටක්‌ වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ වන තත්වයකට පත් වනවා නිසැකය.


උපුටා ගැනීම -මතුගම සෙනෙවිරුවන් 
 


 




ලොව සතුටින්ම සිටින මිනිසා බෞද්ධ භික්ෂුවක්

ලොව සතුටින්ම සිටින මිනිසා බෞද්ධ භික්ෂුවක් ලෝකයේ සතුටින්ම සිටින මිනිසා සොයා ගැනීම සඳහා මෙතෙක් සිදුකරන ලද පර්යේෂණ අභිබවා, ලොව සතුටින්ම සිටින මිනිසා භාවනාවුයෝගී බෞද්ධ භික්ෂුවක් ලෙස හªනාගැනීමට ප‍්‍රංශ ජාතික විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇති බව ප‍්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
මැතිව් රිචඞ් නම් වූ මෙම ප‍්‍රංශ ජාතික බෞද්ධ භික්ෂුවගේ මොළයෙහි සතුට සඳහා අසාමාන්‍ය ඉඩක් පවතින බව මෙහිදී සොයාගෙන තිබේ.
මෙම පර්යේෂණය අතරතුර උන්වහන්සේ ක‍්‍රමයෙන් භාවනාවට සමවදින විට සවිංඥනිකත්වයට, අවධානයට, ඉගෙනීමට සහ ස්මරණ ශක්තියට තුඩුදෙන ගැමා තරංග මට්ටමක් මැතිව් භික්ෂුවගේ මොළයේ නිපද වූ බවත්, එම ගැමා මට්ටම ස්නායු විද්‍යා පතපොතෙහි මෙතෙක් තමන්ට වාර්තා වූ මට්ටම් අසාමාන්‍ය ලෙස ඉක්මවා ගිය ඉහළ අවස්ථාවක් බව,
උන්වහන්සේගේ මොළයෙහි ඉදිරි වම් බාහිකය (left prefrontal cortex) එහි දකුණු බාහිකයට සාපේක්ෂව උපරිම කි‍්‍රයාකාරීත්වයක් පෙන්වූ නිසා සතුට සඳහන් සෘණ සිතුවිලි කෙරෙහි ඇති රුචිය වැළැක්වීම සඳහාත් අසාමාන්‍ය ඉඩක් පවතින බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.

උපුටා ගැනීම - | Lanka C News.

මෙන්න මිනිහෙක් මැරෙනවා… වරෙල්ලා වරෙල්ලා…. වීඩියෝ කරපල්ලා……


අපේ ඉතිහාසයේ නොවූ විරූ අන්දමට අපේ සිත් සතන් සහ සිතිවිලි විරූප වී තිබේ. තාක්‍ෂණයේ දියුණුවත් සමඟම සියළුම දෙනාට  අති නවීන ජංගම දුරකථන හිමි වී තිබේ. යුද්ධයේ අනුහසින් මරණය යනු තවත් සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබේ. මිනිසුන් සිතන්නේ නැත.. ඔවුහු තිරිසන් හැඟීම් සහ ඇඩ්‍රිනලින් ප්‍රවාහයන් වෙනුවෙන් මානුෂිකත්‍වය බිලි දී ඇත. පුවත්පතක් ගතහොත් ස්ත්‍රී දූෂණ 10ක්, මිනී මැරුම් 15 ක් සහ ලමා අපචාර පහක්වත් කියවිය හැක. පුවත්පත් විකුණා ගැනීම සඳහා ද බොහෝ පුවත්පත් මේවා රසකමින් පළකරති. තවත් සමහර රූපවාහිනී සේවා මළකඳන් විකුණමින් සිය ප්‍රවෘත්ති ජනතාව අතරට ගෙන යති. එසේම මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් තිරිසන් වී ඇති අයුරු මෑතකදී සිදු වූ සිදුවීම් කිහිපයකින්ම අපට පසක් විය. රිය අනතුරකට පත්ව හිස කඳින් වෙන්ව ගිය මවගේ හිස රැගෙන විලාප නඟන තරුණියක් වීඩියෝ කරන්නට සමත් නරුම හිත් අපට පහළ වූයේ කෙසේදැයි සිතා ගන්නට නොහැක… එයට දෙවැනි කර රන් පදක්කම ලබා ගන්නට ගාල්ලේ සිදුවීමක් වීඩියෝ කළ පුද්ගලයා සමත්ව ඇත.
ගාල්ලේ සිදු වූ ගැටුමකදී හිටපු නගරාධිපති ගේ සොහොයුරාගේ පාදයක් හා අතක් වෙන්වන්නටම මහමඟ කපා දමා තිබියදී ඔහුව රෝහලකට ගෙනයනු වෙනුවට ඒ වටා සිටි සියළුම දෙනා තම ජංගම දුරකථන ඒ දෙසට දික් කරගෙන වීඩියෝ කරනු අපට දක්නට ලැබුණි. මෙසේ වීඩියෝ කරගෙන කුමක් කරන්නද ? නැවත නැවතත් අර මිනිසා මරණය සමඟ පොරබදනු නරඹා මාර ආතල් එකක් ගන්නද ? ගෙදර ගෙනගොස් පෙන්වන්නද ? වෙබ්අඩවියකට විකුණා මුදල් ගන්නද ? මේ සිද්ධිය ගාල්ල ප්‍රදේශයේ කල්ලි කිහිපයක් අතර ගැටුමක ප්‍රතිඵලයක් බව දැන් දැන් ඇසෙන ප්‍රවෘත්ති වලින් දැනගන්නට ලැබේ. අවි ගත්තෝ අවියෙන්ම නැසුනත්, අපට ඒ ගැටුමට අත දැමීම තම ජීවිතයට තර්ජනයක් විය හැකි වුවත්, මානුෂීය හේතූන් සළකා එම පුද්ගලයා මහමඟ මිය යනු වීඩියෝ නොකර සිටියා නම් කොපමණ වටී ද ? මිනිස් ජීවිතයට ලැබෙන වටිනාකම මෙයද ?
මෝටර් රථ ධාවන තරඟයකදී පාරෙන් ඉවතට ගිය වාහනයක් ගොඩට අදින දර්ශනයක් වීඩියෝ කළ තරුණයින් දෙදෙනෙකු එහි දී සිදුවූ  අනතුරකින්  නිසාම මියගිය පුවතක් අපට අසන්නට ලැබුණේ වැඩි ඈතක නොවේ. එසේම ඒ මියගිය තරුණයින් දෙදෙනාද වීඩියෝ කර අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කර තිබෙනු අපට දකින්නට ලැබුණි. ඔබ හෝ ඔබගේ පවුලේ කිසිවෙකු මෙසේ මහමඟ මිය යද්දී අවට සිටින්නවුන් උපකාර නොකර දුරකථන දික් කරගෙන සිටිය හොත් ඔබට ඇතිවන හැඟීම කුමක්ද ?
මීට වසර විස්සකට පමණ පෙර පාර අයිනෙහි බල්ලෙකු පණ අදිමින් සිටියත් අහළ-පහළ මිනිසුන් එකතු වී ඌට වතුර පොදක් පෙවීමට හෝ තරම් මනුස්සකමක් අපේ හදවත් තුළ තිබුණි. නමුත් යුද්ධයත් තාක්‍ෂණයත් තවත් නොදන්නා සාධක බොහොමයකුත් එකතුව අපේ මනුස්සකම කොහේදෝ රැගෙන ගොස් ඇත… ඒ නිසාම මිය යන මිනිසාගේ ගෞරවයට වඩා වීඩියෝ කිරීම අපට ලොකු වී ඇත….
අපි අපේ මිනිස් ජීවිතවල අර්ථය කුමක්දැයි නැවත සිතා බැලීමට කාළය පැමිණ ඇත… ආණ්ඩුවෙන් නීති පැණවීම කරනතෙක් බලා නොසිට අපි අපිම ස්වයං වාරණයක් පණවාගත යුතුය… මිනිස් ඝාතනය කොතැනත් වැරදි ය… නමුත් ඒ සඳහා ක්‍රියා කිරීමට නීතියක්, පොලීසියක් ඇත.. ඒ පිළිබඳ ක්‍රියාත්මක වීමේ කාර්යය ඔවුන්ට භාර කරමු.. නමුත්, මිය යන මිනිසෙකුගේ අවසාන මිනිත්තු කිහිපය ඔබේ ජංගම දුරකථනයේ තබාගෙන එය රස විඳීම නම් අන්තිම පහත් කාර්යයකි….
ඔබේ වටිනාකම පිළිබඳ ඔබම තක්සේරු කරගන්න….. ඔබ මිය යන විටත් වටපිට මිනිසුන් ජංගම දුරකථන දික් කරගෙන සිටින දිනය වැඩි ඈතක නොවන්නට පුළුවන… ඔබ වෙනස් වෙන්න… ඔබේ මිතුරන් වෙනස් කරන්න…. සමාජය වෙනස් වනු ඇත….
මිනිසෙක් වශයෙන් ජීවත් වී මිනිසෙක් වශයෙන් මිය යන්න…… අවම වශයෙන් ඔබේ ආත්මයට සැනසීමක් එක්කරවනු ඇත…

 උපුටා ගැනීම -