Powered By Blogger

Monday, September 16, 2013

ජීවිතය තේරුම් ගැනීමට උතුම් දේශනාවක්‌

ජීවිතය තේරුම් ගැනීමට උතුම් දේශනාවක්‌

(පූජ්‍ය පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි)

ලෝකයේ තිබෙන ඇත්ත නියම ලෙස දැකීම කියන්නේ ප්‍රඥගෝචර එකක්‌. එය බුද්ධිගෝචර එකක්‌ නොවෙයි. බොහෝ දෙනෙක්‌ ප්‍රඥව කියන උතුම් දේ බුද්ධිය සහ උගත්කම එක්‌ක පටලවා ගන්නවා. ලෝක යථාර්ථය තේරෙන්නේ ප්‍රඥවටයි. ඇස, කන, නාසය, දිව, කය, මන කියන ආයතන හඳුනාගැනීම ප්‍රඥගෝචර එකක්‌. ඒ තුළින් අපිට ජීවිතය දෙස ගැඹුරින් බලන්න පුලුවන්. අපිට මේ සසර දුක තේරුම් ගන්න පුලුවන්. ඒ නිසා මේ ජීවිතය තේරුම් ගන්න පුලුවන් උතුම් දේශානවක්‌ තමයි අද ඔබට පවසන්නේ.

මේ දේශනාවේ නම තමයි 'අඡ්Cධත්ත දුක්‌ඛ සූත්‍රය'. මේ දේශනාව තිබෙන්නේ සංයුක්‌ත නිකායේ හතරවැනි කොටසෙ සලායතන සංයුත්තයේ. අප භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරනවා මේ ඇස කියන්නේ දුක්‌ සහගත එකක්‌ බව. 'චක්‌ඛුං භික්‌ඛවේ දුක්‌ඛං'. යමක්‌ දුක නම් එය අනාත්මයි. යමක්‌ අනාත්ම නම් එය මගේ නොවෙයි. මම නොවෙයි. එය මගේ ආත්මය නොවෙයි. මේ කාරණය ඇත්ත දේ ඇති සැටියෙන් දකන නුවණින් යථා භූත ඥන දස්‌සනයෙන් මනා නුවණින් දකින්න ඕනෑ.

ඒ වගේම අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කනත් දුක්‌ සහගතයි කියලා. එහෙම නම් කනත් අනාත්මයි. ඒ කියන්නේ අපේ වසඟයේ පවත්වන්න බැහැ. ඒ වගේම අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ නාසයත් අනිත්‍යයි. එහෙම නම් නාසයත් දුකයි. නාසයත් අපේ වසඟයේ පවත්වන්න බැහැ. අපිට ඕන විදියට ක්‍රියාත්මක කරවන්න බැහැ. ඒ කියන්නේ අනාත්මයි. එවිට මේ කන සහ නාසය කියන දෙකත් මගේ කියලා, මම කියල, මගේ ආත්මය කියල ගන්න බැහැ.

ඊළඟට අපේ භාග්‍යවත් බුදුරජාණන් වහ්නසේ දේශනා කරනවා මේ දිවත් දුකයි කියලා. එහෙම නම් දිව කියන්නේත් දුක්‌සහගත දෙයක්‌. ඒ වගේම අනාත්ම දෙයක්‌. එහෙම නම් මේ දිවත් මගේ හෝ මම කියා හෝ මගේ ආත්මය කියා ගන්න බැරි බව. අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම මේ කය පිළිබඳවත් උන්වහන්සේ ඊළඟට මේ ආකාරයට පෙන්වා දෙනවා. මේ කයත් දුක්‌ සහගත දෙයක්‌. එහෙම නම් මේ කයත් අනාත්මයි. මම කියල මේ කය පිළිබඳව අල්ලගන්න බැහැ. මගේ කියලා අල්ල ගන්නත් බැහැ. මගේ ආත්මය යෑයි අල්ල ගන්න බැහැ. ඊළඟට අපේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ මනස පිළිබඳවයි. මේ මනසත් දුක්‌ සහගතයි. මේ මනසත් මගේ ආත්මය යෑයි අල්ල ගන්න බැහැ. එහෙම නම් මේ මනසත් මගේ හෝ මම හෝ මගේ ආත්මය ලෙසින් අල්ලගන්න බැහැ.

දැන් මේ ආකාරයෙන් දැනගන්නෙ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා. ඒ කියන්නේ ආර්යයන් වහන්සේලාව හඳුනන, ආර්යන් වහන්සේලාව දකින, ආර්ය ධර්මය දන්නා, ආර්ය ධර්මයේ හැසිරෙන උතුම් ශ්‍රාවකයා. ඒ ශ්‍රාවකයා සත්පුරුෂයන්ව හඳුනනවා. සත්පුරුෂ ධර්මයන් දන්නවා. ඒ වගේම සත්පුරුෂ ධර්මය අනුගමනය කරනවා. එවැනි වූ ආර්ය ශ්‍රාවකයා අර මුලින් කියූ ආකාරයට මේ ආයතන ගැන දැනගනනකොට මේ ඇස ගැන කළකිරෙනවා. (චක්‌ඛුස්‌ම්පිs නිබ්බින්දති) ඒ වගේම කන ගැන කළකිරෙනවා. (සෝකස්‌මිම්පි නිබ්බින්දති), නාසය ගැනත් කළකිරෙනවා. (ඝාණස්‌මිම්පි නිබ්බින්දති). දිව ගැනත් කළකිරෙනවා. (ජිව්හාමිම්පි නිබ්බින්ද) ඒ වගේම කය ගැනක්‌ කළකිරෙනවා. (කායස්‌මිම්පි නිබ්බින්දති). ඒ වගේම මනස ගැනත් කළකිරෙනවා (මනස්‌මිම්පි නිබ්බින්දති). ඒ විදිහට මේ ආයතන හය ගැනම කළකිරුණ පස්‌සේ ඒ ආර්ය ශ්‍රාවකයාට මේ සසර ගැන තියෙන ඇල්ම දුරුවෙලා යනවා. ඒ කියන්නේ නොඇලීම ඇතිවෙනවා. ඒ නොඇලීම නිසා මේ සසරින් නිදහස්‌ වෙනවා. නිදහස්‌ වුණාට පස්‌සේ නිදහස්‌ වුණා කියන අවබෝධයට පත්වෙනවා. එවිට මේ ඉපදීම නැතිවුණා කියන අවබෝධය එනවා. නිවන් මඟට උපකාරී වන බ්‍රහ්මචාරී වාසය නිමකර අවසාන යෑයි තේරෙනවා. නැවත නිවන් මඟ වෙනුවෙන් කළ යුතු කිසිවක්‌ නැති බව. එවිට අවබෝධ කර ගන්නවා.

ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපි සෑම කෙනෙක්‌ම උත්සාහ කරන්න ඕන මේ අවබෝධ ඥනයට පත්වෙන්න. ඒ සඳහා මහෝපකාරී වන උදාරතම දේශනාවක්‌ තමයි අපිට මේ ඉගෙන ගන්න ලැබෙන්නේ. මේ වගේ ගැඹුරු අවබෝධයක්‌ බුදුරජාණන් වහන්සේ නමකගෙන් ඇර වෙනත් කිසිම උත්තමයකුගෙන් ලබාගන්න බැහැ. මේ උදාරතර පිරිස මේ උතුම් ධර්ම කරුණු ටික හොඳින් සිතට ගන්න ඕන. යම් කෙනෙක්‌ මේ ආයතන පිළිබඳව අවබෝධ කර ගත්තොත් අනිවාර්යයෙන්ම ඒ පින්වත් ආර්ය ශ්‍රාවකයාට මේ සංසාර සාගරයෙන් නිදහස්‌වීමට අවස්‌ථාව සැලසෙනවා.

ඒ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව අචල ප්‍රසාදය ඇති කරගෙන අපි අවබෝධයෙන්ම තිසරණයට පත්වෙන්න ඕන. ඊට පස්‌සේ උතුම් ශීලයක පිහිටන්න ඕන. දැඩි වීර්යයක්‌ ඇතිකරගෙන සමාධිය දියුණු කරගන්න ඕන. ඉන් පස්‌සේ යථාභූත ඥන දස්‌සනය තුළින් ලෝකයේ යථාර්ථය තේරුම් ගනිමින් ප්‍රඥව පහළ කරගන්නට උත්සාහ කරන්න ඕන. එවිට අපි බලාපොරොත්තු වන ඒ පරම ශාන්ත උතුම් නිවන සාක්‌ෂාත් කරගන්න පුලුවන්. ඔබ සියලු දෙනාටම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය උදාවේවා.

No comments:

Post a Comment